Main Logo

Saturday 2 May 2020

කොවිඩ් පිටින් ඇවිත් නීතියේ දෙවඟන දූෂණය කිරීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පිටින් ඇවිත් නීතියේ දෙවඟන දූෂණය කිරීම



මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කොටස් දළ වශයෙන් කණ්ඩායම් තුනකට අයත් වෙනවා. ඒ ඒ කණ්ඩායම් තුළ විවිධ මතභේද තියෙනවා. එහෙත් අද ආණ්ඩුවට පක්‍ෂ කණ්ඩායමක් විපක්‍ෂයට (විපක්‍ෂයේ කිනම් දේශපාලන පක්‍ෂයකට හරි) පක්‍ෂ කණ්ඩායමක් හා ආණ්ඩුව හා විපක්‍ෂය අතර (ජේ ආර් හා ගෝඨාභය අතර) වෙනසක් නොදකින කණ්ඩායමක් යනුවෙන් කණ්ඩායම් තුනක් තියෙනවා. තුන්වැනි කණ්ඩායමේ අයත් බහුතරයක් විපක්‍ෂයේ හිතවතුන්. ඔවුන් මැතිවරණයක දී ජනාධිපතිවරණයක දී ඡන්දය දෙන්නේ ආණ්ඩුවට විරුද්ධ ව. 


මේ ඉතා දළ බෙදීමක් නමුත් අපට ඒ වැදගත් වෙනවා. පළමු කණ්ඩායම බොහෝ විට සිංහලයන්ගෙන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගෙන් සමන්විත වෙනවා. දෙමළ මුස්ලිම් බොහෝ දෙනා අයත්වන්නේ දෙවැනි කණ්ඩායමට. තුන්වැනි කණ්ඩායමේ ඉන්නේ මාක්ස් කණ්නාඩි පැළඳ ගත් අය. ඔවුන්ට ඊනියා ජාතික ධනපති පංතියත් ජාත්‍යන්තර ධනපති පංතියේ ම වැඩිම වුවහොත් වල්ගයක් පමණයි. ට්‍රොට්ස්කිවාදීන්ට හා ඔවුන් අනුව තම දේශපාලන විවරණ කරන අයට ජේ ආර් හා ගෝඨාභය අතර වෙනසක් නැහැ. ජාතිය යන සංකල්පය නොව ව්‍යාජ පංතිය යන සංකල්පය යොදා ගන්නන්ට ජාතිකත්වය තේරුම් ගන්න බැහැ. ජෙ ආර්, ප්‍රේමදාස හා ඔහුගේ පුතා, රනිල් කුලකය හා සිරිමාවෝ මහින්ද ගෝඨාභය අතර වෙනසක් දකින්නට මාක්ස් කණ්නාඩිය ඉඩක් දෙන්නේ නැත්නම් කණ්නාඩිය ගලවා දැමීම පිළියමයි. 

ජ වි පෙ මාඕවාදී ආරම්භයක් තිබූ පක්‍ෂයක් ලෙස සැලකෙනවා. මාඕ මාක්ස්වාදියකු ද කියා ට්‍රොට්ස්කිවාදියකුට අහන්න පුළුවන්. ලෙනින් මාක්ස්වාදියකු ද යන ප්‍රශ්නයත් අහන්න පුළුවන්. ගුණදාස අමරසේකරට ජාතික චින්තනය යන අදහස ලැබී ඇත්තේත් රුසියන් විප්ලවය මාක්ස්වාදය නිසා නොව රුසියානු ජාතික චින්තනය නිසා ඇති වූවක් බව සඳහන් කරමින් ලියන ලද ලිපියකින්. මාක්ස් අනුව ගිය අය වූයේ රෝසා ලක්සම්බර්ග්, ලියොන් ට්‍රොට්ස්කි, ලංකාවේ නම් එඩ්මන්ඩ් සමරක්කොඩි ආදීන් මිසක් ලෙනින් මාඕ පිලිප් එන් එම් ආදීන් නො වෙයි. එ කොටස් දෙක ගැන හිතන විට මනෝරාජික සමාජවාදය ඇදහුවේ (ඔව් ඇදහුවේ) කවුද කියා හිතා ගන්න පුළුවන්. ඒත් ඒ හිතන්න හැකි අයට පමණයි.

ජ වි පෙ මුල සිට ම අවස්ථාවාදී පක්‍ෂයක් පමණයි. විජේවීර මාක්ස්වාදී සංකල්ප ගැන උනන්දුවක් දැක් වූ අයකු නො වෙයි. ඔහූට අර ප්‍රොලිටේරියට් යන්න නම් සතපහක වැඩක් තිබුණු සංකල්පයක් නො වෙයි. ඔහුට රුසියාවේ දී ඒ වචනය වෙනත් භාෂාවකට පරිවර්තනය නොකර ම ඉගෙන ගන්න ලැබෙන්න ඇති. එහෙත් ඔහු ඉගෙන ගත් බවක් පේන්න නැහැ. ඔහු ලංකාවේ දී ප්‍රොලිටේරියට් සිංහලට නැගුවේ නිර්ධන පංතිය කියා. විජේවීරට අවශ්‍ය වූයේ බලය හා බලය පමණයි. ඒ සඳහා ඔහු අවශ්‍ය පරිදි ජාතිකත්වයත් ඔහුගේ මාක්ස්වාදයත් යොදා ගත්තා. ඒ දෙක අතර දෝලණය වුනා. අද ජනප්‍රිය වචනයක් යොදා ගන්නේ නම් සංචරණය වුණා. එකල දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් වී තිබුණේ නැහැ. 

අද අනුර තේරුම් අරගෙන ඉන්නවා තමන්ට තනිව ම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයටවත් බලයට පැමිණීමට නොහැකි බව. 3% පොලී කාරයන් හිතනවා ඇති වැල් පොලිය අනුව එය ක්‍රමයෙන් අඩු තරමෙන් 50% දක්වා ඉහළ යාවි කියා. එහෙත් ඒ ගණනය අනෙක් පැත්තටත් කරන්න පුළුවන්. 3%, 0.00000003% දක්වා වැල් ක්‍රමයට අඩු වෙලා වැලේ වැල් නැති වෙන්න පුළුවන්. මේ යන විධියට නම් සිදුවන්නේ දෙවැන්න බව පැහැදිලියි. නැහැ ඉතා පැහැදිලියි. අර අසිත තවුසා සිදුහත් කුමරු ඒකාන්ත වශයෙන් ම බුදුවන බව කිවුවේ මොන විද්‍යාත්මක විධි ක්‍රමයට ද කියා බුද්ධචරිතයේ සඳහනක් නැහැ. මහායානිකයන්වත් ඒ ගැන කියන්නේ නැහැ. අංග ලක්‍ෂණ බැලීම බටහිර විද්‍යාවට අහුවෙනවා ද? ඒක අර කෝච්චියට අහුවෙනවා වගේ දෙයක් ද? 

අනුර තම සියුම් ඥානය යොදා ගනිමින් ආණ්ඩුවට විරුද්ධ වෙනවා. ඔහු සෙල්ලම් පාර්ලිමේන්තුවට විරුද්ධලු. අසිත තවුසාට මෙන් ඔහුටත් ඇත්තේ එක් අන්තයක් පමණයි. සෙල්ලම ලෙල්ලමක් වේවි කියා ඔහු හිතනවා වෙන්න පුළුවන්. රනිල් නම් යනවා කියනවා. අද අනුරට රනිල්දාස කියන්න බැහැ. ඔහුට හොඳ නමක් තියෙනවා. ඒ  අනුර ප්‍රේමදාසාදාස. කාගෙ වුණත් දාසයෙක් නෙ. කාගෙ වුණත් නැන්දම්ම කෙනෙක් කිවුවලු. 

සජිත් හා ගෝඨාභය අතර වෙනස තේරෙන්නෙ නැති අය ජීවත්වන්නෙ මනෝ ලෝකවල. නැහැ මනෝ ගනේෂන්ගෙ ලෝකවල නො වෙයි. සිත මිස කය නැති බඹ ලොව විතරක් නෙවෙයි කය මිස සිත නැති බඹ ලොවකුත් තියෙනව කියනවා. එහෙම වෙන්න පුළුවන් ද කියල පඬියකු අහන්න පුළුවන්. එහෙත් ඔවුන් ඉන්නෙත් බඹ ලොවක් නූණත් එවැනි ලෝකයක. ඔවුන් හිතන්නෙ නැහැ. හිතන්නෙ නැති නිසා එහෙම ලෝකයක ඉන්න බව හිතන්නත් බැහැ. 
  
මේ මොන වුණත් අද ආණ්ඩු විරෝධී විජාතික බල ඇණිය කොහොම හරි මේ ආණ්ඩුව පෙරලන්න හදනවා. ඔවුන් කොවිඩ් 19 පිට නැගලා හරි තම අරමුණ ඉටු කරගන්න හදනවා. අද කොවිඩ් අස්සෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥයා වෙනුවෙන් මැදිහත් වෙන්න කියල නීතිඥයන් කණ්ඩායමක් නීතිඥ සංගමයෙන් ඉල්ලනවා. මොහොකට මැදිහත් වෙන්න කියල ද ඉල්ලන්නෙ. නීතිඥ සංගමය කියන්නෙ නීතිඥයන්ගෙ වෘත්තීය සමිතියක් නොවන බවයි මගේ අදහස. ඒ නීතිඥයාට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරලා. උසාවිය තීරණය කරල නඩු විභාගයක් පවත්වන්න. ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරලා. උසාවිය තීරණය කරාවි නීතිඥයා අදාළ චෝදනාවලට වැරදිකරු ද නැත් ද කියා. නීතිඥ සංගමයට මෙහි දී කරන්න පුළුවන් දේ කුමක් ද? ඔය නීතිඥයන් මේ ඉල්ලන්නේ නීතියේ දෙවඟන කියන තැනැත්තිය ඇස් බැඳ තිබිය දී දුෂණය කරන්න. අර පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නෙත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් නො වෙයි. කොවිඩ් පරාද කරන්න සජිත්ට අනුරට දෙන්න පුළුවන් ආධාරය කුමක් ද?  සෙල්ලමටවත්  එහෙම ආධාරයක් දෙන්න නැති නිසා ඔවුන් තමන් කියන විධියට සෙල්ලම් පාර්ලිමෙන්තුවට එන්නෙ නැහැ. 

අද ආණ්ඩුවට පක්‍ෂ ඇතැමුන් උත්සාහ කරනවා මැතිවරණ කල්දැමීම පිළිබඳ ව   කොමිසමට චෝදනා කිරීමට. මෙය බරපතළ වැරැද්දක්. මෙහි අවසානයේ දී වෙන්නෙ ජනාධිපති වරදකරු කිරීමයි. කොමිසම වරදකරු කර මෙයින් ගැලවෙන්න බැහැ.  මේ ප්‍රශ්නයට නිවැරදි ව මුහුණ දෙන්න ඕන.
         
අද ඉහත සඳහන් කණ්ඩායම් තුන මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ තමන් සිංහල විරෝධී ද නැද්ද යන්න මත. සජිත් හා ගෝඨාභය අතර වෙනසක් නොදකින අයගෙනුත් බොහෝ දෙනා සිංහල විරෝධීන්. මේ නීතිය අපේ නොවෙයි. නීිතියේ දෙවඟනත් ඔවුන්ගෙ. ඒත් ඇය දූෂණය කරන්න අප ඉඩ දෙනවා ද?