Main Logo

Showing posts with label Carlo. Show all posts
Showing posts with label Carlo. Show all posts

Friday, 15 May 2020

මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු



මුහුදු මහා විහාරයේ ආරක්‍ෂාව සඳහා හමුදා අනූඛණ්ඩයක් පිහිටුවීමට තීරණය කරලා. ඒ මුහුදු මහා විහාරයට අක්කර තිහක් වෙන් කිරීමෙන් පසුව. ගෝඨාභය රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ හෝ ජේ ආර් ජයවර්ධන හෝ අතර වෙනසක් නොදකින පඬියන්ට වම්මුන්ට එය එතරම් ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. පිලිප් ගුණවර්ධන බොහෝ කලකට පෙර පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කිව්වා. මාක්ස්වාදය ඉපදුණේ ම මැරිලා. එය මළ දරු උපතක්. පඬියන්ට වම්මුන්ට ඇත්තේ මාක්ස්වාදය පශ්චාත් මාක්ස්වාදය වැනි පට්ටම පට්ටපල් බොරු ටිකක් පමණයි. 

Wednesday, 6 May 2020

දුම් හට්ටියේ ප්‍රශ්නය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටියේ ප්‍රශ්නය



මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.

Wednesday, 15 April 2020

වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?

        සිිංහල ලිත් ඉලක්කම්


වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?



අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා විද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, වෙනිවැල්ගැට කෑල්ලට, කොත්තමල්ලිවලට, ඉඟුරු සුදුළුෑනුවලට තැනක් ලැබිලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා නොකරන්නකු නැති තරම්. ගෙවතු වගාවෙහි යෙදෙන ජාතික චින්තකයන්ගෙ ඡායාරූප වෙබ් අඩවිවල පළවෙනවා. 

Friday, 10 April 2020

මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද?

  සිංහල ලිත් ඉලක්කම්


මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද? 



කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල ගැන මගේ ඇත්තේ ප්‍රසාදයක්. එය මට අවශ්‍ය ආකාරයට ම සිදු නුණත් ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත් වේවි කියා හිතන්න පුළුවන්. මට ඇති එක් කණගාටුවක් නම් මෙහි දී ආණ්ඩුව ජ වි පෙ යොදා නොගැනීමයි. කලකට පෙර ජ වි පෙ ඉතා සාර්ථක ව ගැසට් කිසිවක් නැතිව තුණ්ඩුවකින් පමණක් ඇඳිරි නීතියක් පවත්වාගෙන ගියා. 

Wednesday, 29 January 2020

වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය

      සිංහල ලිත් ඉලක්කම්



වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය



රන්ජන් රාමනායක සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් පැහැදිලි වුණා. ඒ මේ රටේ ඇති දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය නො වෙයි. එයත් එක් දෙයක් තමයි. ඒත් මුළු ලෝකෙ ම ප්‍රජාතන්ත්‍රවාදය දූෂිතයි. වරක් වින්ස්ටන් චර්චිල් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතරම් අඩුපාඩු තිබුණත් එය දැනට ඇති හොඳ ම ක්‍රමය කියා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. එයත් බටහිරයන් අපට දී ඇති එක දැනුමක් පමණයි. ඔවුන් කියන්නේ ඔවුන් දන්නා ක්‍රම අතරෙන් හොඳ ම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. එහෙත් ඔවුන් ඒ බව ඒ අයුරින් කියන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ ලෝකයේ ම තිබූ හා තියෙන ක්‍රමවලින් හොඳ ම ක්‍රමය ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය කියා. හරියට ඔවුන්ගෙ ලෝකය අප කාගෙත් ලෝකය වගේ. අධ්‍යාපනයෙන් (ආකෘතික මෙන් ම අනාකෘතික) කෙරෙන්නෙ මේ එක ම ලෝකයේ කතාව තහවුරු කරන එක. 

Monday, 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 

Friday, 15 November 2019

මම දැන ගතිමි මම සැක කෙළෙමි

    සිංහල ලිත් ඉලක්කම් 


මම දැන ගතිමි මම සැක කෙළෙමි




බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්. 

Tuesday, 26 February 2019

අඹ දන් ජෙනීවා



අඹ දන් ජෙනීවා



තවත් ජෙනීවා වාරයක් ඇවිල්ලා. අඹ වාරත් අවුරුද්දකට දෙසැරයක් එනවා. නොවැම්බර් දෙසැම්බර් වාරෙ එතරම් සාර්ථක නැහැ. ජෙනීවා වාර දෙක මාර්තු සැප්තැම්බර් මාසවල. වඩා සාර්ථක කොයි එක ද කියල එහෙ නිතර යන ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. මා කියන්නෙ ජනමාධ්‍යවේදියට ම නො වෙයි. මානව අයිතිවාසිකම් කොමසාරිස්ට.

Saturday, 20 October 2018

කාන්ට්ගේ පශ්චාත්තාපය


කාන්ට්ගේ පශ්චාත්තාපය



මා ඊයේ මංගලගේ රෙද්ද පල්ලෙන් (MRP) වැටුණු මිල සූත්‍රය ගැන කී දේ බොහෝ දෙනකුට තේරිලා නැහැ. මා ඇහුවෙ ඇතැම් තෙල් වර්ගයක මිල වෙනස් නොවන්න නම් බොර තෙල් මිල වැඩි වෙන විට අනෙක් විචල්‍ය තුනෙන් එකක්වත් අඩුවෙන්න ඕන කියලා. ඒ අඩු වුණෙ පිරිවැය ද බදු ද නැත්නම් වෙන මොකක්වත් ද? ඒකට උත්තරයක් නැහැ. පෙට්‍රල්වලට හැම විචල්‍යයක් ම වැඩි වෙලා මිලත් වැඩි වෙලා. ඒක හරි. මගේ ප්‍රශ්නය මිල වැඩි නොවූ තෙල් වර්ගවලට මිල සූත්‍රය යොදන්නෙ කොහොම ද කියන එකයි. තෙල් සූත්‍රය ගැන කී දේ තේරුණෙ නැති විට ඉලෙක්ට්‍රෝන රවුන් ගහන එක තේරෙයි ද මන්ද. අපි කෝකටත් ඒකත් කියමු. 

Wednesday, 26 September 2018

පිදුරංගල ගියේ කවුද


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

පිදුරංගල ගියේ කවුද



ඉන්දීය ප්‍රශ්නවලට පිළිතුරු පස්සෙ දෙන්නම්. ඒ කිසිවක් උභතෝකෝටික ප්‍රශ්න නො වෙයි. ඒ ප්‍රශ්නවලට මුල ඉන්දියාවට අප තම ග්‍රහණයට හසු කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එය 1947 පමණ සිට එන්නක්. මෙහි ඉන්දියාවයි අප කළමනාකරණය කරන්නේ. අපේ සමහරුන් හිතනවා අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. ඉන්දියාව යනුවෙන් අද හැඳින්වෙන රටෙහි ඇතැම් පෙදෙස් කළමනාකරණය කළ රජවරු ඈත අතීතයේ සිටියා. ඒත් ඒ ඉන්දියාව නො වෙයි. ඉන්දියාව කියා රටක් සුද්දන් ඒමට පෙර තිබුණේ නැහැ. අප ඉන්දිය කළමනාකරණයෙන් අවුරුදු දහයකට පමණ පෙර අනූනමයෙන් බේරුණේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබුණ නිසා. අද එහෙම දේශපාලනකරණීය නොවූ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැහැ. භයානකකම ඇත්තේ එතැනයි.