Main Logo

Showing posts with label Bhikku Deshapalanaya. Show all posts
Showing posts with label Bhikku Deshapalanaya. Show all posts

Wednesday, 29 January 2020

වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය

      සිංහල ලිත් ඉලක්කම්



වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය



රන්ජන් රාමනායක සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් පැහැදිලි වුණා. ඒ මේ රටේ ඇති දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය නො වෙයි. එයත් එක් දෙයක් තමයි. ඒත් මුළු ලෝකෙ ම ප්‍රජාතන්ත්‍රවාදය දූෂිතයි. වරක් වින්ස්ටන් චර්චිල් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතරම් අඩුපාඩු තිබුණත් එය දැනට ඇති හොඳ ම ක්‍රමය කියා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. එයත් බටහිරයන් අපට දී ඇති එක දැනුමක් පමණයි. ඔවුන් කියන්නේ ඔවුන් දන්නා ක්‍රම අතරෙන් හොඳ ම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. එහෙත් ඔවුන් ඒ බව ඒ අයුරින් කියන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ ලෝකයේ ම තිබූ හා තියෙන ක්‍රමවලින් හොඳ ම ක්‍රමය ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය කියා. හරියට ඔවුන්ගෙ ලෝකය අප කාගෙත් ලෝකය වගේ. අධ්‍යාපනයෙන් (ආකෘතික මෙන් ම අනාකෘතික) කෙරෙන්නෙ මේ එක ම ලෝකයේ කතාව තහවුරු කරන එක. 

Sunday, 26 January 2020

භික්‍ෂු දේශපාලනය

   සිංහල ලිත් ඉලක්කම්


භික්‍ෂු දේශපාලනය 


භික්‍ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා තිබුණා සංඝයා වහන්සේ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් නොකරන ලෙස. මා හිතන්නේ එය ඉතා හොඳ ඉල්ලීමක්. භික්‍ෂූන් වහන්සේ මැතිසබයේ අසුන් ගැනීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. බද්දේගම සමිත හාමුදුරුවන්ගෙන් පටන් ගෙන අතුරලියේ රතන හිමියන් දක්වා ඇති මේ සඟ පරපුරට තිත තියන්න කාලෙ ඇවිත්. 

Thursday, 13 July 2017

භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්


භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්



කලකට ඉහත ටේ‍රවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්‍ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්‍ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා. ඒ අතර ඔවුන් යුද්ධයක දී රජු හා රට වෙනුවෙන් සටන් කළා.

Friday, 7 July 2017

සුමන්තිරන්ගේ ඉතිහාසය


සුමන්තිරන්ගේ ඉතිහාසය



සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරලා ඊනියා ප්‍රජාතන්තවාදයක් ගැන. ඔහු කියා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉහළින් ක්‍රියාකරන බලවේගයක් ඇති බවයි. මේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය ගැන භික්‍ෂූන් වහන්සේගේ මැදිහත්වීම සම්බන්ධයෙන් බව පැහැදිලියි. සුමන්තිරන් යනු චෙල්වනායගම්ගේ දේශපාලන අවතාරයයි. ඔවුන් දෙදෙනා ම දෙමළ ක්‍රිස්තියානි බැතිමතුන්. සුමන්තිරන්ට අනුව භික්‍ෂූන් වහන්සේ කසිකබල් මැති ඇමතිවරුන්ට යටවිය යුතුයි. සුමන්තිරන් දන්නා ඉතිහාසය කුමක් ද? මෙරට වෙල්ලාලයන්ගේ ඉතිහාසය 1650න් ඈතට යන්නේ නැහැ. සුමන්තිරන්ගේ තෝම්බුව සොයා ගැනීමට හැකි වුවහොත් පෙනේවි ඔහුගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණි දිනයත් ඔහුගේ පරම්පරාව මෙතෝදිස්ත වූ දිනයත්.