Main Logo

Showing posts with label Postmodernism. Show all posts
Showing posts with label Postmodernism. Show all posts

Wednesday, 29 January 2020

වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය

      සිංහල ලිත් ඉලක්කම්



වීර පාණ්ඩ්‍ය රන්ජන් හා පශ්චාත්නූතනත්වය



රන්ජන් රාමනායක සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් පැහැදිලි වුණා. ඒ මේ රටේ ඇති දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය නො වෙයි. එයත් එක් දෙයක් තමයි. ඒත් මුළු ලෝකෙ ම ප්‍රජාතන්ත්‍රවාදය දූෂිතයි. වරක් වින්ස්ටන් චර්චිල් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතරම් අඩුපාඩු තිබුණත් එය දැනට ඇති හොඳ ම ක්‍රමය කියා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. එයත් බටහිරයන් අපට දී ඇති එක දැනුමක් පමණයි. ඔවුන් කියන්නේ ඔවුන් දන්නා ක්‍රම අතරෙන් හොඳ ම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. එහෙත් ඔවුන් ඒ බව ඒ අයුරින් කියන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ ලෝකයේ ම තිබූ හා තියෙන ක්‍රමවලින් හොඳ ම ක්‍රමය ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය කියා. හරියට ඔවුන්ගෙ ලෝකය අප කාගෙත් ලෝකය වගේ. අධ්‍යාපනයෙන් (ආකෘතික මෙන් ම අනාකෘතික) කෙරෙන්නෙ මේ එක ම ලෝකයේ කතාව තහවුරු කරන එක. 

Friday, 29 March 2019

බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය


බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය



ලෝකයේ රටවල් විවිධ නිර්ණායක මත විවිධ කුලවලට බෙදන්න පුළුවන්. මේ නිර්ණායක අපේ, එනම් මිනිසුන්ගේ නිර්ණායක. ඒ කියන්නෙ මිනිසුන් නිර්මාණය කරන නිර්ණායක. ඒ ඒ මිනිසා නිර්ණායක නිර්මාණය කරන්නෙත් තමන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට මනසට සාපේක්‍ෂව. ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. වාස්තවික කියන්නෙ කාටවත් සාපේක්‍ෂ නොවන කියන අර්ථයෙන්. වාස්තවික කියන්නෙ එක අතකින් බැලුව ම දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එකයි. දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා වාස්තවික වුණෙ.