Main Logo

Showing posts with label Christian Modernity. Show all posts
Showing posts with label Christian Modernity. Show all posts

Tuesday, 7 May 2019

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය


මගේ ලෝකය පළ වූ කාලයේ මට පශ්චාත්නූතනවාදී අදහස් ඇති බව හා ඒ් බෞද්ධ විරෝධී යැයි සිතූ නිසයි ඇතැමුන්ට ඒ දවස්වල මා සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය වූයේ. එහෙත් මට ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අයට පසුව තේරුම් ගියා මා බෞද්ධ විරෝධියකු නොවන බව. ඉන්පසු ඔවුන් ඉවත් වූවා. ඉවත් වූවා පමණක් නො වෙයි මට වෛර කරන්න ද පටන් ගත්තා. ඒ බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින් පැහැදිලි වෙනවා. ඔවුන් අද මා සලකන්නේ තම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට විරුද්ධ ව සිටින ප්‍රධාන ම තැනැත්තා ලෙසයි. ජාතික චින්තනය යන අදහස මුලින් ම සිංහලෙන් කී ගුණදාස අමරසේකරට ඔවුන්ගේ විරුද්ධත්වයක් දකින්න නැහැ. ජාතික චින්තනය සමග මගේ නම කියැවුණු බව පිළිගන්නවා.

Saturday, 6 April 2019

බල්ලට දාන සංස්කෘතිය

බල්ලට දාන සංස්කෘතිය



අවුරුදු විසි හතකට අටකට උඩ දි කොළඹ විශ්වවිද්‍යාලෙ වුණා කියන සිද්ධියක් මට පහුගිය දිනෙක අහන්න ලැබුණා.,එක්තරා රැස්වීමක දී විද්‍යා පීඨයේ කවුද ශිෂ්‍යයෙක් කියල සංස්කෘතිය බල්ලට දාපන් කියලා. ඒ ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණාලු. මට මේ බව කිව්වෙ සමගි කණ්ඩායමේ හිටපු ශිෂ්‍යයෙක්. එකල කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ එක්සත් කණ්ඩායම හා සමගි කණ්ඩායම කියල කණ්ඩායම් දෙකක් තිබුණා. එක්සත් කණ්ඩායමේ හිටියෙ පොදුවෙ ගත් කල ජාතික චින්තනය පිළිගත් අය. ඔවුන්ට ජාතික චින්තන කණ්ඩායම කියලත් නමක් තිබුණ. මේ කණ්ඩායමේ හිටි සියල්ලන් ජාතික චින්තනයක් ගැන කතා කරපු අය නො වෙයි. බොහෝ දෙනා කණ්ඩායම්වලට බෙදුනෙ තම පාසල් හා වෙනත් මිතුරන් අනුව. අද එක්සත් කණ්ඩායමේ හිටිය අයත් සමගි අයත් ජීවිතේ සම්මත අර්ථයෙන් සාර්ථක කරගෙන. ඔවුන් දේශපාලන වශයෙන් එක එක තැන්වල.

Friday, 29 March 2019

බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය


බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය



ලෝකයේ රටවල් විවිධ නිර්ණායක මත විවිධ කුලවලට බෙදන්න පුළුවන්. මේ නිර්ණායක අපේ, එනම් මිනිසුන්ගේ නිර්ණායක. ඒ කියන්නෙ මිනිසුන් නිර්මාණය කරන නිර්ණායක. ඒ ඒ මිනිසා නිර්ණායක නිර්මාණය කරන්නෙත් තමන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට මනසට සාපේක්‍ෂව. ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. වාස්තවික කියන්නෙ කාටවත් සාපේක්‍ෂ නොවන කියන අර්ථයෙන්. වාස්තවික කියන්නෙ එක අතකින් බැලුව ම දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එකයි. දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා වාස්තවික වුණෙ.

Monday, 21 January 2019

පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව


පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව



පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීම කල් ගියේ දේශපාලන මාතෘකා නොකඩවා පැමිණි නිසා.  අප සියල්ලන් ම දේශපාලනික මෙන් ම සංස්කෘතික මිනිසුන්. අපේ සංස්කෘතිය මගින් දේශපාලනයත් දේශපාලනය මගින් සංස්කෘතියත් තීරණය වෙනවා. ආර්ථික කරුණු බල නොපානවා නො වෙයි. පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීමේ දී මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන. පේරාදෙණියට ශාස්ත්‍ර පීඨය ගෙන ගියේ 1952 දී වුවත් අද පේරාදෙණි ගුරුකුලය යනුවෙන් හැඳින්වෙන්න ඇරඹුණේ 1921 කොළඹ විශ්වවිද්‍යාලයීය ආයතනය පටන් ගැනීමටත් පෙර.