Main Logo

Showing posts with label Marriage. Show all posts
Showing posts with label Marriage. Show all posts

Sunday, 26 January 2020

භික්‍ෂු දේශපාලනය

   සිංහල ලිත් ඉලක්කම්


භික්‍ෂු දේශපාලනය 


භික්‍ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා තිබුණා සංඝයා වහන්සේ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් නොකරන ලෙස. මා හිතන්නේ එය ඉතා හොඳ ඉල්ලීමක්. භික්‍ෂූන් වහන්සේ මැතිසබයේ අසුන් ගැනීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. බද්දේගම සමිත හාමුදුරුවන්ගෙන් පටන් ගෙන අතුරලියේ රතන හිමියන් දක්වා ඇති මේ සඟ පරපුරට තිත තියන්න කාලෙ ඇවිත්. 

Wednesday, 15 January 2020

රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න


             සිංහල ලිත් ඉලක්කම්



රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න

රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

Tuesday, 22 May 2018

හැරීගෙ මගුල




ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සියල්ලන් එකතු වී තරගකාරී බවකින් තොරව  කටයුතු කරනවා නම් හොඳයි. 

අද ජනරජ දිනය. ඒකත් මතක තබා ගනිමු.


හැරීගෙ මගුල



අපේ යටත්විජිත මානසික තත්වය තවමත් තියෙන බව හැරීගෙ මගුලෙන් පෙනුණා. සන්ඩෙ අයිලන්ඩ් පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුණෙ මගුලේ විස්තර. සන්ඩෙ අයිලන්ඩ් කතෘගෙ මනස එහෙමයි කියමු. අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න දෙරණත් මගුල හොඳට ම අරගෙන තිබුණා. පැය විසිහතරෙ නාලිකාවෙ ඒකෙ සජීව විස්තරයක් ප්‍රචාරය කරනවා කිව්වා. කළා ද දන්නෙ නැහැ. ජාතිකවාදීන් කියන ඇතැමුන් හැරීගෙයි හැරීගෙ ආච්චිගෙයි (එංගලන්තයේ රැජින) හොඳ කිව්වෙ අපේ ආච්චිලා නැන්දලා නම් කියන්නෙ මේ වගේ දේ යැයි කියමින්.