ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සියල්ලන් එකතු වී තරගකාරී බවකින් තොරව කටයුතු කරනවා නම් හොඳයි.
අද ජනරජ දිනය. ඒකත් මතක තබා ගනිමු.
අද ජනරජ දිනය. ඒකත් මතක තබා ගනිමු.
හැරීගෙ මගුල
අපේ යටත්විජිත මානසික තත්වය තවමත් තියෙන බව හැරීගෙ මගුලෙන් පෙනුණා.
සන්ඩෙ අයිලන්ඩ් පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුණෙ මගුලේ විස්තර. සන්ඩෙ අයිලන්ඩ්
කතෘගෙ මනස එහෙමයි කියමු. අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න දෙරණත් මගුල හොඳට ම අරගෙන
තිබුණා. පැය විසිහතරෙ නාලිකාවෙ ඒකෙ සජීව විස්තරයක් ප්‍රචාරය කරනවා කිව්වා. කළා ද
දන්නෙ නැහැ. ජාතිකවාදීන් කියන ඇතැමුන් හැරීගෙයි හැරීගෙ ආච්චිගෙයි (එංගලන්තයේ
රැජින) හොඳ කිව්වෙ අපේ ආච්චිලා නැන්දලා නම් කියන්නෙ මේ වගේ දේ යැයි කියමින්.