දහම ආගම හා සංස්කෘතිය 3
අප නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? නිවන යනු තවත් අදහසක් පමණ ද? එය ඊනියා වාස්තවික යථාර්ථය වැන්නක් ද? වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ
අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම්
නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා
දැනුම ඊනියා මිථ්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඊනියා වාස්තවික යථාර්ථයක් ඇත්නම් දැනුම යනු අන් කිසිවක් නොව ඒ
වාස්තවික යථාර්ථය දැන ගැනීමයි. බටහිරයන්ට අනුව බටහිර විද්‍යාව මේ යථාර්ථය දැන
ගැනීමට ඇති මගයි. බටහිර විද්‍යාව යථාර්ථය නොවූවත් යථාර්ථයට ළඟා වෙමින් පවතින්නේ
යැයි ඔවුන්ගෙන් සමහරකු කියනවා.