අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්
අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක්
කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි.
කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු
නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක්
කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක්
සඳහා ඡන්දය දී නැති බවයි. අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ හා ජනතාව අතර නව ව්‍යවස්ථාව
සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ.