Main Logo

Showing posts with label Gamlath. Show all posts
Showing posts with label Gamlath. Show all posts

Saturday, 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

Wednesday, 26 September 2018

පිදුරංගල ගියේ කවුද


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

පිදුරංගල ගියේ කවුද



ඉන්දීය ප්‍රශ්නවලට පිළිතුරු පස්සෙ දෙන්නම්. ඒ කිසිවක් උභතෝකෝටික ප්‍රශ්න නො වෙයි. ඒ ප්‍රශ්නවලට මුල ඉන්දියාවට අප තම ග්‍රහණයට හසු කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එය 1947 පමණ සිට එන්නක්. මෙහි ඉන්දියාවයි අප කළමනාකරණය කරන්නේ. අපේ සමහරුන් හිතනවා අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. ඉන්දියාව යනුවෙන් අද හැඳින්වෙන රටෙහි ඇතැම් පෙදෙස් කළමනාකරණය කළ රජවරු ඈත අතීතයේ සිටියා. ඒත් ඒ ඉන්දියාව නො වෙයි. ඉන්දියාව කියා රටක් සුද්දන් ඒමට පෙර තිබුණේ නැහැ. අප ඉන්දිය කළමනාකරණයෙන් අවුරුදු දහයකට පමණ පෙර අනූනමයෙන් බේරුණේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබුණ නිසා. අද එහෙම දේශපාලනකරණීය නොවූ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැහැ. භයානකකම ඇත්තේ එතැනයි.