පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු
මැතිවරණ කොමිසම වෙඩිල්ල පත්තු කරලා. ජාතියේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණ තරගය ඇරඹිලා. දැන් කතාව අරයා එයි ද මෙයා එයි ද අර පක්‍ෂය එයි ද මේ පක්‍ෂය එයි ද අප්‍රසිද්ධ පක්‍ෂවලින් අපේක්‍ෂකයො ඉදිරිපත් වෙයි ද ආදිය ගැන. ඉංගිරිසින් අපට දුන් නරක ම දේ තමයි අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනය. බටහිර අධ්‍යාපනය එක ම අධ්‍යාපනය ලෙස සලකන්නත් ඒ හරහා එන බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්නත් අනෙක් සියලු දැනුම් පද්ධති මිථ්‍යා ලෙස සලකන්නත් ඔවුන් කියා දුන්නා.