Main Logo

Showing posts with label Ayurveda. Show all posts
Showing posts with label Ayurveda. Show all posts

Monday, 11 May 2020

කොවිඩ් හා වෙදමහත්වරු

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




කොවිඩ් හා වෙදමහත්වරු



කොවිඩ් සම්බන්ධයෙන් වෙදමහත්වරුන් කරන්නේ කුමක් ද? මෙහි වෙදමහත්වරුන් කියන එකට වෙදහාමිනේලාත් අයිති වෙනවා. ඒ වගේ ම වෙදමහත්වරුන් දළ වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. අද රටේ තිබෙන ධුරාවලිය එය බටහිර, ආයුර්වේද, පාරම්පරික හා ආධ්‍යාත්මික යනුවෙන් නම් කරන්න පුළුවන්. මේ සියල්ලන් කොවිඩ් සම්බන්ධයෙන් මොකද කරන්නෙ?

Wednesday, 6 May 2020

දුම් හට්ටියේ ප්‍රශ්නය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටියේ ප්‍රශ්නය



මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.

Tuesday, 28 April 2020

කොවිඩ් මර්දනයට අසහාය සහාය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් මර්දනයට අසහාය සහාය


කොරෝනා මර්දන කටයුතුවලට සියල්ලන් ට සහභාගි වීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙරට ජනයා විශේෂයෙන් ම අති මහත් බහුතරය වූ සිංහල බෞද්ධයන් ඉතා සංවේදී අය. ඔවුන් තම තමනට හැකි පමණින් කොරෝනාවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. අද රටේ බොහෝ පළාත්වල ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී බොහෝ දෙනා විවිධ ආකාරවලින් සහභාගි වෙනවා. ඒත් අර සිවල් සංවිධාන නම් දකින්නට නැහැ. 

Monday, 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Tuesday, 17 March 2020

නව කොරෝනාව හා විවිධ සංස්කෘති

 සිංහල ලිත් ඉලක්කම්


නව කොරෝනාව හා විවිධ සංස්කෘති



නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 වසංගතය ලෝ පුරා පැතිර යද්දී මෙරට ජනතාවගෙන් සුළු කොටසකගේ උද්ධච්ඡකම, ආත්මාර්ථකාමිත්වය, ලොක්කා වීමේ ආශාව, පඬියා වීමේ අවශ්‍යතාව, මෝඩ සතුටක් ලබා ගැනීමට ඇති කැමැත්ත, දේශීය දැනුමට ගැරහීමට ඇති අධිමානය හා තවත් දේ එළියට ආවා. මේ බොහෝමයක් බටහිර නාගරික සංස්කෘතියට ගොදුරු වූ අය. දිවයිනේ උසස් යැයි සම්මත පාසලක ඉගෙන ගත් අයකු මට විද්‍යුත් ලිපියක් එවමින් කුණුහරුපයෙන් බැණ වැදුණේ මා කීවාට කොවිඩ් 19ට ආයුර්වේදයේ ප්‍රතිකාර නැති බව කියමින්. මා සාමාන්‍යයෙන් ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. මා කතා කරන්නේ පාරම්පරික සිංහල වෙදකම ගැන. මේ කිසිම වෙදකමක කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇති බවක් මා කියා නැහැ.