කොවිඩ් දෙරණ හා අප
ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්.