Main Logo

Showing posts with label Tesla. Show all posts
Showing posts with label Tesla. Show all posts

Tuesday, 17 March 2020

නව කොරෝනාව හා විවිධ සංස්කෘති

 සිංහල ලිත් ඉලක්කම්


නව කොරෝනාව හා විවිධ සංස්කෘති



නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 වසංගතය ලෝ පුරා පැතිර යද්දී මෙරට ජනතාවගෙන් සුළු කොටසකගේ උද්ධච්ඡකම, ආත්මාර්ථකාමිත්වය, ලොක්කා වීමේ ආශාව, පඬියා වීමේ අවශ්‍යතාව, මෝඩ සතුටක් ලබා ගැනීමට ඇති කැමැත්ත, දේශීය දැනුමට ගැරහීමට ඇති අධිමානය හා තවත් දේ එළියට ආවා. මේ බොහෝමයක් බටහිර නාගරික සංස්කෘතියට ගොදුරු වූ අය. දිවයිනේ උසස් යැයි සම්මත පාසලක ඉගෙන ගත් අයකු මට විද්‍යුත් ලිපියක් එවමින් කුණුහරුපයෙන් බැණ වැදුණේ මා කීවාට කොවිඩ් 19ට ආයුර්වේදයේ ප්‍රතිකාර නැති බව කියමින්. මා සාමාන්‍යයෙන් ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. මා කතා කරන්නේ පාරම්පරික සිංහල වෙදකම ගැන. මේ කිසිම වෙදකමක කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇති බවක් මා කියා නැහැ.