Main Logo

Showing posts with label Hakeem. Show all posts
Showing posts with label Hakeem. Show all posts

Saturday, 1 August 2020

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

පොදු ජන එක්සත් නිදහස් සංධානය තනි පක්‍ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවාවි. තුනෙන් දෙක ලැබුණත් නැතත් එය විශාල ජයග්‍රහණයක්. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙනුත් ලබා ගත හැකි වූයේ ආසන 105 ක් පමණයි. ඒ දහහත් අවුරුදු එ ජා ප ශාපයෙනුත් පසුව. ඒ කුමක් වුණත් පොදු ජන පෙරමුණේ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව කරන ප්‍රකාශ ගැන නම් කිව හැක්කේ ඒවා දේශපාලන කුපාඩි කියමන් බව පමණයි. 

Tuesday, 28 April 2020

කොවිඩ් මර්දනයට අසහාය සහාය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් මර්දනයට අසහාය සහාය


කොරෝනා මර්දන කටයුතුවලට සියල්ලන් ට සහභාගි වීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙරට ජනයා විශේෂයෙන් ම අති මහත් බහුතරය වූ සිංහල බෞද්ධයන් ඉතා සංවේදී අය. ඔවුන් තම තමනට හැකි පමණින් කොරෝනාවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. අද රටේ බොහෝ පළාත්වල ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී බොහෝ දෙනා විවිධ ආකාරවලින් සහභාගි වෙනවා. ඒත් අර සිවල් සංවිධාන නම් දකින්නට නැහැ. 

Wednesday, 22 April 2020

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං 




සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා.  සුමන්තිරන්ට අනුව  මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්‍යතාවට යටත් ව පමණක් නිසා ජූනි 2 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනාධිපති නිවේදනය අවලංගු වෙනවා. සුමන්තිරන් කියන්නේ ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන දිනය වෙනස් කළ හැකි නමුදු එය තුන්මසකට මෙහා දිනයක් විය යුතු බවයි.  සුමන්තිරන්ට අවශ්‍ය කල් ඉකුත් වු ද පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනමතය අවලංගු වූ ද පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමටයි. සුමන්තිරන් කියන විධියට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුැවා හැරීම නීත්‍යානුකූල නැහැ.  
     
හකීම්ලාට අනුව ජූනි 20 පිළිබඳ කොමිසමේ තීරණය ව්‍යවසථාවේ 70 (3) වගන්තියට පටහැණියි. ඔවුන් ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියත් ගෙන හැර දක්වනවා. සුමන්තිරන් ජනාධිපති නීතිඥයෙක්. හකීම්ටත් කාරියප්පර් නමින් ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. මා වැඩිම වුණොත් ගොඩ පෙරකදෝරුවෙක්. ගොඩේ බයියෙක්. අපි තර්ක කරමු. අපි සිද්ධි දාමය එකින් එක බලමු. මට නැවතත් ව්‍යවස්ථාවෙන් හා මැතිවරණ පනතෙන් උපුටා දක්වන්න සිදු වෙනවා. 

Thursday, 16 April 2020

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 

Saturday, 4 April 2020

අහෝ රාවුෆ් නොදිටි මොක්පුර

 සිංහල ලිත් ඉලක්කම් 


අහෝ රාවුෆ් නොදිටි මොක්පුර 



දිනක් මා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ කතාවක් කරමින් සිටින විට පුස්තකාලයේ පාඩම් කරමින් සිටි උසස් පෙළ සිසුවකු තේ බීමට යන ගමන් ශාලාවේ දොරකින් එබී බලා මා නලින් ද සිල්වා බව දැන ගැනීමෙන් පසු අසා තිබෙනවා මෙයා ද අර ෆිසික්ස් බොරු කියල කියන්නෙ කියා. ඒ බව මා දැන ගත්තේ රැස්වීමෙන් පසුව. අද මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල තියෙනව නේ ද කියා කියන ඊනියා උගතුන් බුද්ධිමතුන් සහ අර සිසුවා අතර වෙනසක් නැහැ.

Wednesday, 1 April 2020

මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19

 සිංහල ලිත් ඉලක්කම්


මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19



හිටපු මන්ත්‍රී තෙවරප්පෙරුම කොස් ලොරියක් අරගෙන අටුළුගම ගිහිල්ලා. ඔහුට එහි මුස්ලිම් ජනතාව කිවුවල කොස් ගෙනත් දෙන්න කියා. මුස්ලිමුන් කොස් කන්න එච්චර කැමති කියා මා දැන හිටියේ නැහැ. තෙවරප්පෙරුමගෙ මුදු සිත උණු වෙලා කොස් ලොරියක් පුරව ගෙන ගිහිල්ල. ඔහු කොස් කැඩුවෙ කොහොමද කියල කවුරුවත් අහල නැහැ. ඔහු සෙනග රැස් කර ගෙන එහෙම කෙරුවද නැත්තන් තෙවරප්පෙරුම ම කොස් කැඩු ද කියල කියන්නෙ නැහැ. ඔහු කොස් කැඩීම සම්බන්ධයෙනුත් ඇඳිරි නීති කඩල ද? 

Sunday, 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Thursday, 24 October 2019

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ

    සිංහල ලිත් ඉලක්කම්

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව (තේරීම් කමිටුව නොවෙයි) සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපති, අගමැති, බුද්ධි අංශය, පොලිස්පති, ආරක්‍ෂක ලේකම් ආදීන් ඒක්කෝ තම වගකීම් පැහැර හැරලා, එහෙමත් නැත්නම් වගකීම් ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ බරපතළ චෝදනාවක්. ජනාධිපතිත් අගමැතිත් ඉල්ලා අස්වෙන්න ඕන. කතානායක සති කිහිපයකටවත්¬ වැඩ බලන ජනාධිපති වෙන්න ඕන. 

Friday, 20 September 2019

සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි




             සිංහල ලිත් ඉලක්කම්


සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි



ඊයේ රනිල් පැරදුණා. ඔහු මීට කලිනුත් පැරදිලා තියෙනවා. ඒ මැතිවරණවලින් වෙනත් පක්‍ෂ අතින්. ඊයේ පැරදුණේ පක්‍ෂය ඇතුළෙ. එක්සත් ජාතික පක්‍ෂයේ මෙන් ම එක්සත් ජාතික පෙරමුණෙත් ඔහු ඊයේ පැරදුණා. ඒත් ඒ අමාත්‍ය මණ්ඩලයේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මොනවා වෙයි ද කියන්න බැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකට පවත්වන රැස්වීමක දී රනිල් නැවතත් පරදින්න ඉඩ තියෙනවා.

Thursday, 20 December 2018

උත්සන්න වී ඇති මහින්ද විරෝධය


උත්සන්න වී ඇති මහින්ද විරෝධය





මහින්ද විරෝධය දැන් උමතු තත්වයකට පත් වෙලා. මා කිසිසේත් ම මහින්දවාදියකු නො වෙයි. පසුගිය කාලයේ මහින්දවාදීන් මට කීවේ සිරිජාතිකවාදියා කියා. සමහරවිට දැනුත් එසේ කියනවා ඇති. ඔවුන් සමහරකුට අනුව මා ඩොලර්වලට වැඩ කරන්නෙක්. මා ඩොලර් අරන් හොඳට හිටපු මහින්ද මහත්තය අමාරුවෙ දාලා. මහින්දට ජනාධිපතිකමත් අගමැතිකමත් දැන් විපක්‍ෂ නායකකමත් නැති කරන්නෙ මා යැයි ඔවුන් කීවොත් මා පුදුම වන්නේ නැහැ. එසේ වුවත් අද සිංහලයන්ට පැහැදිලි විය යුතුයි මහින්දට විරුද්ධව වැඩ කරන්නෙ කවුද කියන එක. මට අවශ්‍ය වූයේ මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට ලබා දී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. රනිල් අද බෙලහීන අගමැති කෙනෙක්.

Monday, 7 May 2018

සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව


සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව



උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියලා සුමන්තිරන් කියනවා. ඒ අතර දාගැබ් සමතලා කර ගෙන යෑමට ප්‍රාදේශීය ලේකම්වරියක් අනුමැතිය දීලා. ඇය මුස්ලිම් බවට ආරංචියි. සුමන්තිරන් මැතෝදිස්ත ක්‍රිස්තියානි. මේ රටේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. එහෙත් ඒ ගැන කතා කරන එක ඊනියා සංහිඳියාවට විරුද්ධලු. මේ කෙරී ගෙන යන්නේ සිංහල බෞද්ධ උරුමය රටින් අතුගා දැමීමක්. මෛත්‍රිපාල මේ එකක්වත් ගැන තවම පත්තරෙන් කියෙව්වෙ නැති පාටයි. එන පාට නම් හොඳ නැහැ.