Main Logo

Showing posts with label Hoole. Show all posts
Showing posts with label Hoole. Show all posts

Saturday, 6 June 2020

අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?



ඒ ගමන පැෆරල් සංවිධානය කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස සැලකිය හැකි හෙට්ටිආරච්චි කියල ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. කැඳවිය යුතුයි කියලා. මා ඒ ප්‍රවෘත්තිය දැක්කෙ වෙබ් අඩවියක. මෙය ලියන්නේ එවැනි ප්‍රකාශයක් කර ඇති බව උපකල්පනය කරමින්. පැරණි පාර්ලිමේන්තුව ගැන මොහු කියවන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි වගන්තියක් තියෙන නිසා වෙන්න පුළුවන්.

Wednesday, 22 April 2020

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං 




සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා.  සුමන්තිරන්ට අනුව  මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්‍යතාවට යටත් ව පමණක් නිසා ජූනි 2 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනාධිපති නිවේදනය අවලංගු වෙනවා. සුමන්තිරන් කියන්නේ ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන දිනය වෙනස් කළ හැකි නමුදු එය තුන්මසකට මෙහා දිනයක් විය යුතු බවයි.  සුමන්තිරන්ට අවශ්‍ය කල් ඉකුත් වු ද පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනමතය අවලංගු වූ ද පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමටයි. සුමන්තිරන් කියන විධියට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුැවා හැරීම නීත්‍යානුකූල නැහැ.  
     
හකීම්ලාට අනුව ජූනි 20 පිළිබඳ කොමිසමේ තීරණය ව්‍යවසථාවේ 70 (3) වගන්තියට පටහැණියි. ඔවුන් ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියත් ගෙන හැර දක්වනවා. සුමන්තිරන් ජනාධිපති නීතිඥයෙක්. හකීම්ටත් කාරියප්පර් නමින් ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. මා වැඩිම වුණොත් ගොඩ පෙරකදෝරුවෙක්. ගොඩේ බයියෙක්. අපි තර්ක කරමු. අපි සිද්ධි දාමය එකින් එක බලමු. මට නැවතත් ව්‍යවස්ථාවෙන් හා මැතිවරණ පනතෙන් උපුටා දක්වන්න සිදු වෙනවා. 

Thursday, 16 April 2020

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 

Saturday, 11 April 2020

මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්

 සිංහල ලිත් ඉලක්කම් 


මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්



මා හිතනනේ ජනාධිපති ලේකම් මැතිවරණය සම්බන්ධයෙන් ලිපියක් යැවුවේ මැතිවරණ කොමිසමට කියා.  එයට හූල් ප්‍රතිචාර දක්වලා. එය සිංහල බෞද්ධ විරෝධී කඩමාල්ලක පළ කරලා. ජනාධිපති ලේකම් තම ලිපියෙන් කියා තිබුණා මැතිවරණ කොමිසම ජනාධිපතිට යැවූ ලිපිය ජනාධිපතිට ලැබීමට පෙර ජනමාධ්‍යයේ පළ වී තිබුණා කියා. දැන් මා දන්නවා මෛත්‍රිපාල සිරිසේන තමා ජනාධිපති ව සිටිය දී ජනමාධ්‍යයෙන් පුවත් ලබා ගත්තේ ඇයි ද කියා. තමන්ට නිල වශයෙන් ලිපි ලැබීමට පෙර ජනමාධ්‍යයෙහි ඒ පළ වන බව ඔහු දැන සිටින්න ඇති. 

Sunday, 5 January 2020

පොලිස් කෝලම හා තවත් කෝලම්

  සිංහල ලිත් ඉලක්කම්


පොලිස් කෝලම හා තවත් කෝලම්



රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට පේන්න නම් අසනීපයක් නැහැ. චම්පක සුපුරුදු විධියට රාජපක්‍ෂ විරෝධී දේශපාලනයක යෙදෙනවා. ඔහුගේ දේශපාලනය අද හැකිනම් ජනාධිපති වීමටත්, රාජපක්‍ෂලාට දඬුවම් දීමටත් සීමා වෙලා. අනෙක් කතා සියල්ල ඒ වෙනුවෙන්. තව අත්අඩංගුවට අරගෙන ඇප දෙන්න ඉන්නෙ කවුද? වොයිස්කට් දේශපාලනය වගේ ම අර මාංචු දැම්මට පස්සෙ අත් ඔසවන එකත් බලල එපාවෙලා. 

Friday, 29 November 2019

ස්විස් හුටපටේ

                  සිංහල ලිත් ඉලක්කම්





ස්විස්  හුටපටේ



මේ කෙටි ලිපිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් ඊනියා පැහැර ගැනීමකට ලක් වීම සම්බන්ධවයි. මෙරට බටහිර තානාපති කාර්යාලවල සේවය කරන්නන්ගේ දෙමළ අනුපාතය ලංකාවේ ජනගහනයේ දෙමළ අනුපාතයට වැඩි යැයි මා විශ්වාස කරනවා. එබැවින් අදාළ කාන්තාව දෙමළ ද යන සැකය මතුවෙනවා. මෙය තාවකාලික පැහැර ගැනීමක්. පැය දෙකක් පමණ කාලයකට පැහැර ගෙන තියෙන්නෙ.

Tuesday, 29 January 2019

මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි


මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි



රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිතර කියන කතාවක් නම් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ආණ්ඩුව හිතන්නේ ජනාධිපතිවරණයක් තමන්ට වාසි සහගත බවයි. සමහර විට ඔවුන් පදනම් වන්නේ උතුරු හා නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයක දී තම අපේක්‍ෂකයාට ඡන්දය දෙනු ඇත යන්න මත වෙන්න පුළුවන්. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී එකී ජනතාව හවස් වරුවේ ඡන්දය දී කළ වික්‍රමය මෙවරත් කරාවි  ද යන්න ප්‍රශ්නයක්. ඒ වික්‍රමවලට ඉඩක් නොදීම විපක්‍ෂයේ ක්‍රියා පිළිවෙත වෙන්න ඕන.