Main Logo

Showing posts with label Police Commission. Show all posts
Showing posts with label Police Commission. Show all posts

Sunday, 5 January 2020

පොලිස් කෝලම හා තවත් කෝලම්

  සිංහල ලිත් ඉලක්කම්


පොලිස් කෝලම හා තවත් කෝලම්



රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට පේන්න නම් අසනීපයක් නැහැ. චම්පක සුපුරුදු විධියට රාජපක්‍ෂ විරෝධී දේශපාලනයක යෙදෙනවා. ඔහුගේ දේශපාලනය අද හැකිනම් ජනාධිපති වීමටත්, රාජපක්‍ෂලාට දඬුවම් දීමටත් සීමා වෙලා. අනෙක් කතා සියල්ල ඒ වෙනුවෙන්. තව අත්අඩංගුවට අරගෙන ඇප දෙන්න ඉන්නෙ කවුද? වොයිස්කට් දේශපාලනය වගේ ම අර මාංචු දැම්මට පස්සෙ අත් ඔසවන එකත් බලල එපාවෙලා. 

Tuesday, 20 August 2019

මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ

         සිංහල ලිත් ඉලක්කම් 


මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ




ශවේන්ද්‍ර සිල්වා හමුදාපති පදවියට පත් කරලා. මහේෂ් සේනානායකට ඔහුගේ සේවය අවසන් වන බව දන්වන්න වුවමනා නැතිව වෙන්න පූළුවන්. නීතිය අනුව ඔහු ඊයේ විශ්‍රාම යෑමට තිබුණා. විශ්‍රාම යන අයට ඒ බව කලින් දන්වන සිරිතක් රාජ්‍ය සේවයේ නැති වෙන්න පුළුවන්. ඒත් හමුදාවේ විශ්‍රාම යන හමුදාපතිට සමු ගැනීමේ ආචාර පෙළපාලියක් එහෙම පැවැත්වෙන බව අප ජනමාධ්‍යයෙන් දැක තිබෙනවා. මහේෂ් සේනානායකගේ සමු ගැනීම උත්සවාකාරයෙන් සිදුවන්නේ අද කියල කියනවා. උත්සවය නිල වශයෙන් සමු ගැනීමට පෙර සිද්ධ වෙන්න ඕන කියලා නීතියක් නැතිව ඇති. 

Wednesday, 27 February 2019

කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය


කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය





රනිල් චේතිය රජ්ජුරුවන්ගෙ කවුරුවත් වෙන්න බැහැ. චේතිය රජ්ජුරුවො එක බොරුවක් කිව්වයි කියල නෙ අපි දන්නෙ. රනිල් කිසි දා බොරුවක් කියන්නෙ නැහැ. අහසින් යන්න පුළුවන් වුණු චේතිය රජ්ජුරුවො එක බොරුවක් කියල ඒ බලය නැති කර ගත්තලු. රනිල්ට එහෙම බලයක් නැහැ. ඔහු අහසෙන් යන්නෙ ගුවන් යානාවලින් පමණයි. ඒව කඩන් වැටෙන්නෙ නැහැ. ඒවායෙ වෙන මිනිස්සුත් යනවා. රනිල්ට තනියම ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඔහුට ඒ සඳහා බලපත්‍රයක් තියෙනවා ද? කාගෙන් ද ඒක දැන ගන්න පුළුවන්. චේතිය රජ්ජුරුවන්ගෙන් ද