Main Logo

Showing posts with label Madhush. Show all posts
Showing posts with label Madhush. Show all posts

Wednesday, 27 February 2019

කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය


කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය





රනිල් චේතිය රජ්ජුරුවන්ගෙ කවුරුවත් වෙන්න බැහැ. චේතිය රජ්ජුරුවො එක බොරුවක් කිව්වයි කියල නෙ අපි දන්නෙ. රනිල් කිසි දා බොරුවක් කියන්නෙ නැහැ. අහසින් යන්න පුළුවන් වුණු චේතිය රජ්ජුරුවො එක බොරුවක් කියල ඒ බලය නැති කර ගත්තලු. රනිල්ට එහෙම බලයක් නැහැ. ඔහු අහසෙන් යන්නෙ ගුවන් යානාවලින් පමණයි. ඒව කඩන් වැටෙන්නෙ නැහැ. ඒවායෙ වෙන මිනිස්සුත් යනවා. රනිල්ට තනියම ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඔහුට ඒ සඳහා බලපත්‍රයක් තියෙනවා ද? කාගෙන් ද ඒක දැන ගන්න පුළුවන්. චේතිය රජ්ජුරුවන්ගෙන් ද

Saturday, 9 February 2019

මධුෂ්ගෙ මානව අයිතිවාසිකම්


මධුෂ්ගෙ මානව අයිතිවාසිකම්



මේ සමාජය ජරාජීර්ණ වී ඇති බව නොදන්න දෙයක් නො වෙයි. මධූෂ් කියන්නෙ මේ රටට ගැලපෙන මිනිහෙක්. සමහරවිට ඔහු මෙතෙක් මෙරට ජීවත් වූ සාර්ථක ම පුද්ගලයා වන්නත් බැරි නැහැ. සාර්ථක අසාර්ථක බව මනින්නෙ සමාජයට සාපේක්‍ෂ ව. සමහර රටක, ඒ දැනගත හැකි නම් වඩාත් ම අපායට ගිය අය සාර්ථක හැටියට පිළිගන්න පුළුවන්. මධුෂ්ට ඩුබායිහි මොනවා වේවි ද කියන්න බැහැ. ඔහුට එහෙ දඬුවම් කරාවි ද මෙහාට එවාවි ද උදර්පණ නීතිය බලපාන්නෙ කොහොම ද වගේ දේ ගැන අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඊනියා නීති විශාරදයන්ට ඒ සඳහා අවස්ථා ජනමාධ්‍ය විසින් සැකසෙනු ඇති. කාට කාටත් තම තමන් අලෙවිකර ගන්න පුළුවන්.