මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ
ශවේන්ද්‍ර සිල්වා හමුදාපති පදවියට පත් කරලා. මහේෂ් සේනානායකට ඔහුගේ සේවය අවසන් වන බව දන්වන්න වුවමනා නැතිව වෙන්න පූළුවන්. නීතිය අනුව ඔහු ඊයේ විශ්‍රාම යෑමට තිබුණා. විශ්‍රාම යන අයට ඒ බව කලින් දන්වන සිරිතක් රාජ්‍ය සේවයේ නැති වෙන්න පුළුවන්. ඒත් හමුදාවේ විශ්‍රාම යන හමුදාපතිට සමු ගැනීමේ ආචාර පෙළපාලියක් එහෙම පැවැත්වෙන බව අප ජනමාධ්‍යයෙන් දැක තිබෙනවා. මහේෂ් සේනානායකගේ සමු ගැනීම උත්සවාකාරයෙන් සිදුවන්නේ අද කියල කියනවා. උත්සවය නිල වශයෙන් සමු ගැනීමට පෙර සිද්ධ වෙන්න ඕන කියලා නීතියක් නැතිව ඇති.