Main Logo

Showing posts with label SiriJathikavadiya. Show all posts
Showing posts with label SiriJathikavadiya. Show all posts

Saturday, 1 August 2020

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

පොදු ජන එක්සත් නිදහස් සංධානය තනි පක්‍ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවාවි. තුනෙන් දෙක ලැබුණත් නැතත් එය විශාල ජයග්‍රහණයක්. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙනුත් ලබා ගත හැකි වූයේ ආසන 105 ක් පමණයි. ඒ දහහත් අවුරුදු එ ජා ප ශාපයෙනුත් පසුව. ඒ කුමක් වුණත් පොදු ජන පෙරමුණේ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව කරන ප්‍රකාශ ගැන නම් කිව හැක්කේ ඒවා දේශපාලන කුපාඩි කියමන් බව පමණයි. 

Wednesday, 8 July 2020

මනාප පොරය හා සිරිසේන විරෝධය

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





මනාප පොරය හා සිරිසේන විරෝධය

මනාප පොරය ඔඩු දුවන තත්වයකට ඇවිල්ලා. කුරුණැගල දිස්ත්‍රික්කයේ අගමැති මහින්ද රාජපක්‍ෂගේ ආධාරකරුවන් පිරිසකට පහර දී ඇති බවක් කියැවෙනවා. ඒ වෙනත් අපේක්‍ෂකයකුගේ වැයික්කියට ගියා කියන වරදට. එසේ යෑම වරදක් කියා කියන්නේ පහර දුන් අය බවයි හිතා ගන්න වෙන්නෙ.  මේ කතාව මුසාවක් ද කියන්න දන්නෙ නැහැ. ඒත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. 

Sunday, 28 June 2020

එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9





එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය



ගුණරුවන් වාර්තාව පිළිබඳ ව එතරම් අවධානයට ලක් නොවූ කරුණු දෙකක් තියෙනවා. එකක් ඒ වාර්තාව සිංහලෙන් පළ වී තිබීම. වෙනත් කමිටු කොමිසම් වාර්තා ඉංගිරිසියෙන් පමණක් නිකුත් වෙලා ටිකක් කල් ගිහින් සිංහලට පරිවර්තනය කෙරෙනවා. වාර්තාව සිංහලෙන් පළ කිරීම පිළිබඳ සභාපතිතුමාටත් සෙසු සාමාජික මහතුන්ටත් අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. මෙය පුදුම තත්වයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වී අවුරුදු හැටහතරකට පස්සෙත් අපි වාර්තාවක් සිංහලෙන් පළකිරීම පිළිබඳ ව ප්‍රණාමය පළ කරනවා. 

Tuesday, 19 November 2019

රුවන්වැලි සෑය සම්බන්ධවයි

    සිංහල ලිත් ඉලක්කම්


රුවන්වැලි සෑය සම්බන්ධවයි

ජනාධිපතිවරණ විශ්ලේෂණය ඉවර නැහැ. මා විශ්ලේෂණය කියන්නේ ගියවර ප්‍රතිඵල සමග සන්සන්දනය කිරීමට නො වෙයි. අදත් හෙටත් මා කතා කරන්නෙ ජනාධිපතිවරණයට අදාළ වෙනත් දේ ගැන. ඇතැම් ජාතිකවාදීනට මා තවමත් සිරිජාතිකවාදියෙක්. ඔවුන්ගේ මෛත්‍රිපාල වෛරී ඇස නිසා ඔවුන්ට නොපෙනෙන දේ බොහෝයි. 

Thursday, 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 

Tuesday, 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Sunday, 3 February 2019

කිල්ලෝටවල කුණු සෙවීම




කිල්ලෝටවල කුණු සෙවීම



කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නැහැ. එමෙන් ම කිසිම කෙනකු සර්ව අසම්පූර්ණ ද නැහැ. සමහරවිට එහෙම ව්‍යවහාරයක් නැතිව ඇති. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අප ජාතිකවාදීන්ට ගෞරව කරනවා. එහෙත් යමකුගේ සුළු අඩුවක් ගැන ඕපාදූපයක් නමුත් දැනගතහොත් ඔහුට විරුද්ධ ව දැඩි ප්‍රහාරයක් අරඹනවා. එවිට අර පුද්ගලයා ගැන යම් විරෝධයක් ඇති අය උඩ පැන පැන තලනවා.  මුහුණු පොතේ මේ ප්‍රවණතාව දැක ගන්න පුළුවන්.