Main Logo

Showing posts with label Ruvanweli Seya. Show all posts
Showing posts with label Ruvanweli Seya. Show all posts

Sunday, 21 June 2020

තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව  

මහා මැතිවරණයට තව ඇත්තේ සති හයකුත් දින කිහිපයක් පමණයි. පොදු ජන පෙරමුණ නිශ්චිත ඉලක්කයක් ඇතිව මැතිවරණ කටයුතු සැලසුම් කරන බවක් පෙනෙන්නට නැහැ. පොදුජන පෙරමුණේ ඉහළ ම නායකත්වයට ජාතිකත්වයක් ඇතත් බොහෝ අපේක්‍ෂයන් හා අනුගාමිකයන්ට ඇත්තේ මන්ත්‍රී වීමේ අවශ්‍යතාව පමණයි. අද පොදුජන පෙරමුණ කියන්නේ පක්‍ෂ කිහිපයක එකතුවකින් සැදුණු ශ්‍රී ලංකා එක්සත් පොදුජන පෙරමුණ නම් සංධානයක්. එහි රතන හිමියන්ගේ සංවිධානය වැනි සංවිධාන/පක්‍ෂ මේ වන විටත් සංධානයේ සාමාජිකයන් ද නැද්ද කියන එක රතන හිමියන්ගෙන් ම අහන්න ඕන. 

Wednesday, 20 November 2019

ගෝඨාභය ගාමිණි අභය අබියස


  සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය ගාමිණි අභය අබියස



සිංහල බෞද්ධයන්ගෙන් බොහෝ දෙනකු මෙතෙක් ජීවත් වූයේ බියෙන්. ඔවුන් තමන් සිංහලයන් යැයි කීමට බිය වූවා. මංගල සමරවීර වැන්නන් මෙය සිංහල බෞද්ධ රටක් නො වේ යැයි ඊයේ පෙරේදාත් කිව්වා. නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කළා. අමරදේව මහසඟ ගණ මොක ද කළෙ කියල ඇහුව. සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයන් ගැන කතා කළා. ඊනියා ලිබරල්/මාක්ස්වාදී මතධාරී පඬියන් සිංහල බෞද්ධ කී ගමන් ජාතිවාදී යැයි  කිව්වා. සිංහල බෞද්ධයන්ගේ ඊනියා දූපත් මානසිකත්වයක් ගැන කිව්වා. පඬියන් මොන ජාත්‍යන්තරයෙ ද? මෙරට මතවාදී ආධිපත්‍යය තිබුණේ බටහිරට දාසකම් කළ අනුකාරක අහිනකට. ඒ ඔවුන්ගේ බුද්ධිමය හැකියාවක් නිසා නො වෙයි. ඔවුන් පිටුපස බටහිර සංස්කෘතික ආධිපත්‍යය තිබුණ නිසා. ඒ සමග බටහිර දේශපාලන ආධිපත්‍යය හා ආර්ථික ආධිපත්‍යය ක්‍රියාත්මක වුනා. ඉන්දිය ආධිපත්‍යයකුත් තිබුණා. ලංකාවේ මහාරාජාලා අප පාලනය කෙළේ සංස්කෘතික ව හා දේශපාලනික ව. ඔවුන්ට ඕන කෙළේ රනිල් වෙනුවට සජිත්. 

Tuesday, 19 November 2019

රුවන්වැලි සෑය සම්බන්ධවයි

    සිංහල ලිත් ඉලක්කම්


රුවන්වැලි සෑය සම්බන්ධවයි

ජනාධිපතිවරණ විශ්ලේෂණය ඉවර නැහැ. මා විශ්ලේෂණය කියන්නේ ගියවර ප්‍රතිඵල සමග සන්සන්දනය කිරීමට නො වෙයි. අදත් හෙටත් මා කතා කරන්නෙ ජනාධිපතිවරණයට අදාළ වෙනත් දේ ගැන. ඇතැම් ජාතිකවාදීනට මා තවමත් සිරිජාතිකවාදියෙක්. ඔවුන්ගේ මෛත්‍රිපාල වෛරී ඇස නිසා ඔවුන්ට නොපෙනෙන දේ බොහෝයි.