෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව
මහා මැතිවරණයට තව ඇත්තේ සති හයකුත් දින කිහිපයක් පමණයි. පොදු ජන පෙරමුණ නිශ්චිත ඉලක්කයක් ඇතිව මැතිවරණ කටයුතු සැලසුම් කරන බවක් පෙනෙන්නට නැහැ. පොදුජන පෙරමුණේ ඉහළ ම නායකත්වයට ජාතිකත්වයක් ඇතත් බොහෝ අපේක්‍ෂයන් හා අනුගාමිකයන්ට ඇත්තේ මන්ත්‍රී වීමේ අවශ්‍යතාව පමණයි. අද පොදුජන පෙරමුණ කියන්නේ පක්‍ෂ කිහිපයක එකතුවකින් සැදුණු ශ්‍රී ලංකා එක්සත් පොදුජන පෙරමුණ නම් සංධානයක්. එහි රතන හිමියන්ගේ සංවිධානය වැනි සංවිධාන/පක්‍ෂ මේ වන විටත් සංධානයේ සාමාජිකයන් ද නැද්ද කියන එක රතන හිමියන්ගෙන් ම අහන්න ඕන.