ගෝඨාභය ගාමිණි අභය අබියස
සිංහල බෞද්ධයන්ගෙන් බොහෝ දෙනකු මෙතෙක් ජීවත් වූයේ බියෙන්. ඔවුන් තමන්
සිංහලයන් යැයි කීමට බිය වූවා. මංගල සමරවීර වැන්නන් මෙය සිංහල බෞද්ධ රටක් නො වේ
යැයි ඊයේ පෙරේදාත් කිව්වා. නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප
කළා. අමරදේව මහසඟ ගණ මොක ද කළෙ කියල ඇහුව. සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයන් ගැන කතා
කළා. ඊනියා ලිබරල්/මාක්ස්වාදී මතධාරී පඬියන් සිංහල බෞද්ධ කී ගමන් ජාතිවාදී
යැයි කිව්වා. සිංහල බෞද්ධයන්ගේ ඊනියා
දූපත් මානසිකත්වයක් ගැන කිව්වා. පඬියන් මොන ජාත්‍යන්තරයෙ ද? මෙරට මතවාදී ආධිපත්‍යය තිබුණේ බටහිරට දාසකම් කළ
අනුකාරක අහිනකට. ඒ ඔවුන්ගේ බුද්ධිමය හැකියාවක් නිසා නො වෙයි. ඔවුන් පිටුපස බටහිර
සංස්කෘතික ආධිපත්‍යය තිබුණ නිසා. ඒ සමග බටහිර දේශපාලන ආධිපත්‍යය හා ආර්ථික ආධිපත්‍යය
ක්‍රියාත්මක වුනා. ඉන්දිය ආධිපත්‍යයකුත් තිබුණා. ලංකාවේ මහාරාජාලා අප පාලනය කෙළේ
සංස්කෘතික ව හා දේශපාලනික ව. ඔවුන්ට ඕන කෙළේ රනිල් වෙනුවට සජිත්.
පනස්හයේ සිදු වී තිබුණේ මතුපිට වෙනසක්. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල
බෞද්ධයනට හිස එසවීමට ඉඩක් තිබුණේ බටහිර අධ්‍යාපනය හා ආර්ථිකය මගින් පමණයි. අධ්‍යාපනය
නිසා ඊනියා උසස් රැකියාවලට යෑමට සිංහල
බෞද්ධයනට හැකි වුණා. ජෝන් කොතලාවල ගස් බඩ ගෑවුන් පාර්ලිමේන්තුවට ආ බව කිව්වා.
ගහකින් ගෙඩියක් කඩා ගන්න එකෙකු නැති වෙයි කියල කිව්වා. අධ්‍යාපනයෙන් ඉහළට යෑමට
සිංහල බෞද්ධයනට අවස්ථාව ලැබුණා. එහෙත් සිංහල මාධ්‍යයෙන් ලැබුණත් ලැබුණෙ බටහිර
අධිපතිවාදීවාදී
අධ්‍යාපනයක්.
පනස්හයේ දරුවන්ට ඔවුන්ගේ ම වූ චින්තනයක්, සිංහල බෞද්ධ චින්තනයක්, තිබුණේ
නැහැ. ජාතික චින්තනය කියන්නෙත් බටහිර මතවාද සිංහලෙන් ඉදිරිපත් කිරීමක් පමණයි.
ඊනියා උගත් ගැමි තරුණයන් රටේ වෙනසක් කරාවිය කියා බලාපොරෙත්තුවක් තිබුණා. ගණඳුරු
මැදියම අරුණළු දකින්න හැදුවා. මේ ඊනියා උගත් ගැමි තරුණයන් තවදුරටත් ගැමි වූයේ
නැහැ. තඹුත්තේගම උපන් පමණින් මිනිසකු ගැමියකු වන්නේවත් ගාල්ලේ උපන් පමණින් අයකු
නාගරිකයකුවත් වන්නේ නැහැ. අද ජ වි පෙරමුණ
රටෙන් ප්‍රතික්‍ෂෙප වෙලා ඉවරයි. ඔවුන්ගේ ඡන්ද පදනම 3%ක දක්වා පල්ලම් බැහැලා. පෙරටුගාමීන් හා වෙනත් අය තමන් නොදන්නා
මාක්ස්වාදයක්, ක්වොන්ටම් භෞතිකයක්, ඊනියා යථාර්ථයක්, බහුසංස්කෘතික බහුබූතයක් වෙනුවෙන්
පෙනී ඉන්නවා. සජිත්ලා හා ඔවුන් සියල්ල ම එකට දමා තමයි ගෝඨාභය ජය ගත්තෙ. ඒ
තමයි වත්මන් සිංහල ජාතිකත්වයෙ හයිය.
1987 ජ වි පෙ ත්‍රස්තවාදයෙන් අවුරුදු තිහකට පමණ පසුව අපට ජාතික මතවාදයක්
තියෙනවා. එය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූවක්. ඒ ආලේප කළ ජාතික චින්තනයක්
නොවෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි ගොඩ නැගීම වෙනුවෙන් වූ මතවාදයක්. ඒ ඊනියා සභ්‍යත්ව
රාජ්‍යයක් නොවෙයි. ඇතැමුන් එසේ සිතා සිටියත් සභ්‍යත්ව රාජ්‍යයක් කියන්නෙ සභ්‍යත්වයක්
මත පදනම් වූ රාජ්‍යයක් නො වෙයි. ඒ මාටින් යක් නමැත්තා චීන රාජ්‍යය ජාතික රාජ්‍යයක්
නොවේ යැයි කීමට හදාගත් බහුබූත සංකල්පයක්. අපට සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පය තියෙද්දි
බටහිරින් සංකල්ප ආනයනය කරන්න ඕන නැහැ.
සඳුදා රුවන්වැලි (මේ ස්වර්ණමාලි වුනේ කොහොම ද) සෑයේ ගාමිණී අභය
පිළිමය ඉදිරිපිට ගෝඨාභය දිවුරුම් දුන්නා. එය බටහිර දිවුරුමක්. ඒකට කමක් නැහැ. වැඩි
කල් යන්න ඉස්සර අපි අපේ ම චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමු. ගැමුණු රජුගේ අභිෂේක
චාරිත්‍ර පවත්වමු. එහෙත් සඳුදා සිද්ධියේ වැදගත්කම අප තේරුම් ගන්න ඕන. රුවන්වැලි
මහා සෑය කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍යය. ඒකෙ
සැලැස්ම හාමුදුරුනමකගෙ. ධාතුන් වහන්සේ වැඩම කරනු ලැබුයෙ රහතන් වහන්සෙ විසින්.
එදා අප ලෝකයේ කේන්ද්‍රස්ථානයක්. අප දැනුම අතින් පොහොසත්. අපට ශිල්පීය
දැනුම මෙන් ම ශාස්ත්‍රීය දැනුම ද තිබුණා. අපේ ම වූ දැනුම් ද තිබුණා. අප වෙනත් අයගෙ
දැනුම් අපේ කරගෙන තිබුණා. රුවන්වැලි සෑයෙ ධාතු නිධාන උත්සවයට ලෝකයේ විවිධ රටවලින්
භික්‍ෂූන් වහන්සේ වැඩම කළා. ගිහියන් පැමිණියා.
ගාමිණී අභය බමුණු මතවලට යට නොවුණු රජෙක්. ඊනියා ක්‍ෂත්‍රිය කුමාරිකාවක්
සරණ පාවා ගන්නෙ නැතිව රජකම් කළ ප්‍රධාන ම රජු. ඔහුට මුල දි රජකම ලැබුණෙත් නැහැ.
රජකම ලබා ගන්න ඔහුට සහෝදරයා සද්ධාතිස්ස සමග සටන් කරන්න සිද්ධ වුනා. ගැමුණු සිංහල
බෞද්ධයන්ගෙ වීර රජු. මහානාම හාමුදුරුවන්ටත් ඔහු ගැන වැඩියෙන් ලියන්න සිද්ධ වුනා.
ගාමිණි අභය පොරොන්දු වුනෙ බුදුසසුනෙ චිරස්ථිතිය සඳහා වැඩ කරන්න. ඔහු
තමයි මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටෙව්වෙ. ඒකත් ඒකීය රාජ්‍ය වර්ගයට අයත්. ගාමිණි
අභය එළාර පරාජය කළා. පරාජය කරලා තම ප්‍රතිවාදියා සැමරීමට සොහොනක් හැදුවා. ඒ
බටහිරයන්ගෙ උපදෙස් මත නො වෙයි. භාරතයෙ උපදෙස් මතවත් නො වෙයි. 1815 දක්වා ම මෙරට ක්‍රියාත්මක වුනෙ ගැමුණු
රජ්ජුරුවන්ගෙ අලිඛිත ව්‍යවස්ථාව.
ගෝඨාභය හිටියෙ ගාමිණි අභය රජුගෙ පිළිමය ඉදිරියෙ. ලෝකයේ රට රටවලින්
පැමිණි තානාපිතිවරු හිටියා. ඔවුන් ඉදිරියේ ගෝඨාභය කතා කෙළෙ. මට ගාමිණී අභය රට රටවල
නියෝජිතයන්ට කතා කරපු ආකාරය සිහියට නැගුණා. ගෝඨාභය අර තානාපතිවරුන්ටත් එක්ක කිව්ව
තමා සිංහලයන් විසින් පත් කෙරුණු ජනාධිපති බව. තමන් අපේක්‍ෂා කළ තරම් අසිංහල ඡන්ද
නොලැබුණු බවත් කිව්වා. අප නම් දැන සිටියා අසිංහලයන් ගෝඨාභයට ඡන්දය නොදෙන බව.
අසිංහල ඡන්ද වෙනුවෙන් කතා කරනු වෙනුවට සිංහලයන් වෙනුවෙන් කතා කළා නම් ගෝඨාභයට තම
ඡන්ද ප්‍රතිශතය තවත් වැඩි කර ගන්න තිබුණා. අසිංහලයන්ගෙ ඡන්ද 5%කට වඩා නොලැබුණත් ගෝඨාභය කිව්ව තමන් කාගෙත්
ජනාධිපති කියලා. අසිංහලයන් ද රකින බවත් කිව්ව. ගෝඨාභය ගැමුණු පිළිමය දිහා බලන්
කිව්ව බුදුසුන රැක පෝෂණය කරන බව. ඒකීය රට රකින බව, රාජ්‍යාරක්‍ෂාව තහවුරු කරන බව සහ තවත් දේ කිව්ව.
රාජ්‍ය පාලකයකු සිංහලයන් ගැන ඒ විධියට කතා කරන්න ඇත්තෙ 1815ට පස්සෙ වෙන්න ඕන. ගායිකාවකට
මේ සිංහල අපගෙ රටයි කියල ගී ගයන්න බැරි වුණු රටක ජනාධිපතිවරයකුට සිංහලයන් ගැන ඉන්
අවුරුදු තිහ හතළිකට පස්සෙ කතා කරන්න පුළුවන් වීමෙන් පෙන්නුම් කරන්නෙ මතවාදීව අප අර
බටහිර මත පරාජය කර තිබෙන බව. අප තව තවත් අසිංහල ඡන්ද පස්සෙ දුවන්න ඕන නැහැ. අද
අසිංහලයන් තම කසිකබල් ජාතිවාදී දේශපාලන නායකයන් අත් හැරල තම සංස්කෘතික අනන්‍යතාව
රැක ගනිමින් සිංහලයන් සමග ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ගෝඨාභයත් සිංහලයනුත් ඔවුන්
රකින බව සහතිකයි. ඔවුන්ටත් ආරක්‍ෂාව ඇත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක මිස බටහිර ක්‍රිස්තියානි
රාජ්‍යයක නො වෙයි.
අසිංහලයන් මෙරට අසිංහල කිරීමට උත්සාහ ගත යුතු නැහැ. කාත්තන්කුඩිය
තවත් අරාබියක් නො වෙයි. යාපනය තවත් චෙන්නායි නගරයක් නො වෙයි. හිස්බුල්ලාට තම ඡන්ද
ලකුණ සඳහා ඔටුවකු ඕන වුනා. මෙරට මුවර් නමින් හැඳින්වෙන මුස්ලිමුන් අරාබියෙන්
පැමිණි අරාබි කතා කළ අය නො වෙයි. ඔවුන් මලබාර් ප්‍රදේශයෙන් පැමිණි දෙමළ කතා
කරන්නන්ගෙන් පැවත එන අය. අද ඔවුන් බොහෝ දෙනකු සිංහල කතා කරනවා. ඒක හොඳයි. මෙරට
සම්බන්ධීකරණ භාෂාව ඉංගිරිසි නොව සිංහලයි.
ගෝඨාභය සඳුදා රුවන්වැලි සෑයේ දී ඉතා හොඳ මුල පිරීමක් කළා. ඔහු ඒ මගේ
තවදුරටත් ඉදිරියට යන්න ඕන. මා හිතන්නෙ අපට දැන් අදීන මතවාදයක් තියෙනවා කියා. මේ
සිංහල අපගෙ රටයි ගීය නැවත ගයමු.