Main Logo

Showing posts with label Jathika Chinthanaya. Show all posts
Showing posts with label Jathika Chinthanaya. Show all posts

Saturday, 25 April 2020

ජාතික චින්තනය


ජාතික චින්තනය


ජාතික චින්තනය නමින් පළවෙන වෙබ් අඩවිය සමග මගේ කිසිම සම්බන්ධයක් නැති බව අවධාරණය කරමි. මෙය ඇතැමුන් මගෙන් කළ විමසුමකට පිළිතුරකි.

Monday, 2 March 2020

තුනෙන් දෙකක් සඳහා

              සිංහල ලිත් ඉලක්කම්        





                                  
තුනෙන් දෙකක් සඳහා



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන  නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස් කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.

Wednesday, 20 November 2019

ගෝඨාභය ගාමිණි අභය අබියස


  සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය ගාමිණි අභය අබියස



සිංහල බෞද්ධයන්ගෙන් බොහෝ දෙනකු මෙතෙක් ජීවත් වූයේ බියෙන්. ඔවුන් තමන් සිංහලයන් යැයි කීමට බිය වූවා. මංගල සමරවීර වැන්නන් මෙය සිංහල බෞද්ධ රටක් නො වේ යැයි ඊයේ පෙරේදාත් කිව්වා. නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කළා. අමරදේව මහසඟ ගණ මොක ද කළෙ කියල ඇහුව. සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයන් ගැන කතා කළා. ඊනියා ලිබරල්/මාක්ස්වාදී මතධාරී පඬියන් සිංහල බෞද්ධ කී ගමන් ජාතිවාදී යැයි  කිව්වා. සිංහල බෞද්ධයන්ගේ ඊනියා දූපත් මානසිකත්වයක් ගැන කිව්වා. පඬියන් මොන ජාත්‍යන්තරයෙ ද? මෙරට මතවාදී ආධිපත්‍යය තිබුණේ බටහිරට දාසකම් කළ අනුකාරක අහිනකට. ඒ ඔවුන්ගේ බුද්ධිමය හැකියාවක් නිසා නො වෙයි. ඔවුන් පිටුපස බටහිර සංස්කෘතික ආධිපත්‍යය තිබුණ නිසා. ඒ සමග බටහිර දේශපාලන ආධිපත්‍යය හා ආර්ථික ආධිපත්‍යය ක්‍රියාත්මක වුනා. ඉන්දිය ආධිපත්‍යයකුත් තිබුණා. ලංකාවේ මහාරාජාලා අප පාලනය කෙළේ සංස්කෘතික ව හා දේශපාලනික ව. ඔවුන්ට ඕන කෙළේ රනිල් වෙනුවට සජිත්. 

Saturday, 26 October 2019

ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය

   සිංහල ලිත් ඉලක්කම්


ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය




මෙරට මැද පන්තියේ බොහෝ දෙනකුට, බහුතරයකට, ජාතික චින්තනයක් තියෙනවා. එහෙත් ඔවුන් චින්තනයේ ජාතිකත්වය කියන්නෙ මොකක් ද කියන එක දන්නෙ නැහැ. ඔවුන්ට ඒ දැනගැනීමට වුමනාවකුත් නැහැ. ගුණදාස අමරසේකර කියන්නෙ ජාතික චින්තනයක් ගැන. මා කතා කරන්නේ චින්තනයේ ජාතිකත්වය ගැන. මේ රටේ මැද පන්තියේ නොවන අයට චින්තනයේ ජාතිකත්වයක් තියෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රකාශ කර ගන්න තේරෙන්නෙ නැහැ. ඔවුන්ට තේරෙන්නෙ නැත්තෙ සංකල්පය පමණක් නො වෙයි. සංකල්පය නම් මැද පන්තියේ අයටත් තේරෙන්නෙ නැහැ. අප මේ කරුණු ගැන හිත යොමු කළ යුතුයි. මේ ලිපිය තරමක් වියුක්ත ලිපියක්. මෙය සංයුක්තව මා මේ දිනවල අත්දකිනවා. 

Thursday, 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 

Friday, 2 August 2019

ඒෂියන් මිරර්

ඒෂියන් මිරර්  සමග පැවති සංවාදයක්

මේ සබැඳියෙන්

https://m.facebook.com/story.php?story_fbid=465026984056569&id=206423889493718

Sunday, 25 February 2018

මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම



මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම


අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවකුවත් එකතු වේ දැයි මා දන්නේ නැහැ. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමති මණ්ඩලයට එක්වන්නේ නම් හොඳයි. එහෙත් එය වළක්වන්නේ ඇතැම් රාජපක්‍ෂලා හා ඔවුන් වටේ සිටින්නවුන්. නාමල් රාජපක්‍ෂ අද විශේෂිත බලයක් අත්කර ගෙන. මේ අය පිටුපස ඉන්නේ කවුද කියා මා කියන්නේ නැහැ. අද මේ රටේ මෛත්‍රිපාලගේ හිත කියවන්න දන්න පඬියන් ඉන්නවා. ඔවුන් කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් නැති බවයි. හැම දෙයක් ම කුමන්ත්‍රණ හා රඟ පෑම් ඇසුරෙන් තේරුම් කරන පඬියන්ගෙන් රටට වැඩක් නැහැ. ඔවුන් දාර්ශනිකයන් වුවත් වැඩක් නැහැ. මහින්ද කරන්නේ රඟ පෑමක් නොවේ යැයි ද මෛත්‍රිපාල හා රනිල් රඟ පෑම් කරන්නේ යැයි ද පැවසිය හැක්කේ ජී එල් පීරිස් ගණයේ ඊනියා විද්වතුන්ට පමණයි.

Sunday, 21 January 2018

ජාතික චින්තනය හා දේශපාලනය

ජාතික චින්තනය හා දේශපාලනය


ජාතික චින්තනය කියන්නෙ පැහැදිලිව ම රාජ්‍ය පාලනය පිළිබඳ ව ද සාකච්ඡා කරන ව්‍යාපාරයක්. එහෙත් එය එයට පමණක් සීමා වන්නේ නැහැ. ඉංගිරිසියෙන් පොලිටික්ස් යන්නෙන් අදහස් කරන්නේ දේශපාලනය නොවෙයි. එහෙත් අපට පොලිටික්ස් බටහිරින් ලැබුණේ දේශපාලනය මුල් කරගෙන බැවින් පොලිටික්ස් යන්න දේශපාලනය ලෙස පරිවර්තනය වී තිබෙනවා. මෙය ලංකාවේ ව්‍යවහාර වන්නේ අද බටහිර රටවල ව්‍යවහාර වන ආකාරයට. ඒ කියන්නේ පොලිටික්ස් යන්න ආණ්ඩු පිහිටුවීමේ දී කැඩීමේ දී යෙදෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි සාකච්ඡා කෙරෙන්නේ. රටේ දේශපාලනය පමණක් නොව ඒ ඒ ආයතනවලත් ඒ ඒ සමිති සමාගම්වලත් බලය ලබා ගැනීමේ හා බලය රඳවා ගැනීමේ ව්‍යාපෘති දේශපාලනය හෙවත් පොලිටික්ස් ලෙස හැඳීින්වෙනවා.

Sunday, 2 April 2017

මා සහ ජාතික චින්තන මතධාරීන්  


මා සහ ජාතික චින්තන මතධාරීන්



ජාතික චින්තන මතවාදයක සිටින්නේ යැයි කියන අය සහ මා අතර පරස්පර පැන නැගී තිබෙනවා. රටේ ඉතා විශාල පිරිසකට මා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සමහර විට මා වැදගත් කිසිම දෙයක් කියා නැතිවා වන්නටත් පුළුවන්. බොහෝ දෙනා අද වස විස නැති ආහාර ගැන කතා කරනවා. කෘෂි රසායනවලට විරුද්ධ වෙනවා. වස විස නැති ආහාර ගැන මෙරට කතාබහ කරන්න පටන්ගෙන බොහෝ කල්. එමෙන් ම මෙරට සාම්ප්‍රදායික පොහොර යෙදීම ගැනත් කලක සිට කතා වුණා. වකුගඩු රෝගය ගැනත් රජරට වාසය කරන ඇතැමුන් මෙන් ම බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුත් සොයා බලා තිබුණා. එහෙත් මේ එකකටවත් ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැහැ.