ජාතික
චින්තනය හා දේශපාලනය
ජාතික
චින්තනය කියන්නෙ පැහැදිලිව ම රාජ්‍ය පාලනය පිළිබඳ ව ද සාකච්ඡා කරන ව්‍යාපාරයක්.
එහෙත් එය එයට පමණක් සීමා වන්නේ නැහැ. ඉංගිරිසියෙන් පොලිටික්ස් යන්නෙන් අදහස්
කරන්නේ දේශපාලනය නොවෙයි. එහෙත් අපට පොලිටික්ස් බටහිරින් ලැබුණේ දේශපාලනය මුල්
කරගෙන බැවින් පොලිටික්ස් යන්න දේශපාලනය ලෙස පරිවර්තනය වී තිබෙනවා. මෙය ලංකාවේ ව්‍යවහාර
වන්නේ අද බටහිර රටවල ව්‍යවහාර වන ආකාරයට. ඒ කියන්නේ පොලිටික්ස් යන්න ආණ්ඩු
පිහිටුවීමේ දී කැඩීමේ දී යෙදෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි සාකච්ඡා කෙරෙන්නේ. රටේ
දේශපාලනය පමණක් නොව ඒ ඒ ආයතනවලත් ඒ ඒ සමිති සමාගම්වලත් බලය ලබා ගැනීමේ හා බලය රඳවා
ගැනීමේ ව්‍යාපෘති දේශපාලනය හෙවත් පොලිටික්ස් ලෙස හැඳීින්වෙනවා.