Main Logo

Showing posts with label SAITM. Show all posts
Showing posts with label SAITM. Show all posts

Thursday, 9 November 2017

අන්තිම ලිපිය  


අන්තිම ලිපිය



මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

Thursday, 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Sunday, 16 July 2017

සයිටම් නැත්නම් වෙන අයිටම්

සයිටම් නැත්නම් වෙන අයිටම්

දොස්තරලා අගමැතිගේ යෝජනාවට කැමතිලු. අගමැති සයිටම් අහෝසි කරන්නේ නැහැ. රාජිත සයිටම් අහෝසි කරාවි ද? ජනාධිපති සයිටම් අහෝසි කරාවි ද? පුබුදු ජාගොඩ සයිටම් අහෝසි කරාවි ද? දයාසිරි ජයසේකර සයිටම් අහෝසි කරාවි ද? චම්පක සයිටම් අහෝසි කරාවි ද? ජනමාධ්‍යවේදීන් සයිටම් අහෝසි කරාවි ද? මා දන්නේ නැති නිසයි අහන්නේ. හෙට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා. එය පැහැදිලි නැහැ. ඒ සම්පූර්ණ පවරා ගැනීමක් ද නැත්නම් ජයවර්ධනපුර නව රෝහල වගේ පෞද්ගලික රාජ්‍ය බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යෑමක් ද? මටත් සතුටක් තියෙනවා මගේ එක් යෝජනාවක් ක්‍රියාත්මක වීම ගැන. ඒ යෝජනාව මා මුල් වරට ඉදිරිපත් කෙළේ  කලකට පෙර. ඇතැම් වෛද්‍යවරුන් ඒ බව දන්නවා. ඒත් ඔවුන් ඒ බව කියන්නේ නැති බව මගේ අත්දැකීමෙන් දන්නවා. මගේ ලිපිවලත් මා ඒ යෝජනාව කීප වතාවක් ම කරලා තියෙනවා.

Tuesday, 11 July 2017

කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්


කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්



ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් විශ්ලේෂණවලට කැමති නැහැ. මහින්දගේ පරාජයෙන් පසුව ඔහු වටා ජනයා එකතු වූ බව පැහැදිලියි. අද ඒ පිරිස තවත් වැඩි වී ඇති. එහෙත් මා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පැරදීම මිස ඉන්පසු ආණ්ඩුවේ වැඩ බැරිකම් හා වෙනත් හේතු නිසා ජනයා මහින්ද වටේ නැවතත් එකතු වීම ගැන නො වෙයි. පඬියන්ට විශ්ලේෂණය, තර්ක බැහැ. ඔවුන් දන්නේ හැඟීමෙන් හා වෙනත් අරමුණු වෙනුවෙන් කට කියවීමට පමණයි. වෛද්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව ජනයා මුළා කිරීමට කියවනවා.

Tuesday, 4 July 2017

සයිටම් වර්ජනය


සයිටම් වර්ජනය



රජයේ වෛද්‍ය නිලධරි සංගමය පස්වැනි දා සිට අඛණ්ඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා. පැහැදිලිව ම ඔවුන්ට ඔවුන්ගේ විසඳුම අවශ්‍යයි. ඔවුන් සාකච්ඡා කියන්නේ ඔවුන්ගේ විසඳුම, එනම් සයිටම් අහෝසි කිරීම, ජනසතු කිරීම ඉටුකර ගැනීමට කරන ඊනියා සාකච්ඡාවලට පමණයි. ඔවුන්ගේ යෝජනාවල පදනම එයයි. වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක යෙදෙන්නේ සයිටම් අහෝසි කිරීමට. එහෙත් අමතක නොකළ යුතු වැදගත් ම කාරණය නම් සටන පටන් ගන්න කොට සයිටම් අහෝසියක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වල නොතිබූ බවයි. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් කතා කරනවා වගේ වෛද්‍යවරුන්  රෝගීන් වෙනුවෙන් කතා කරනවා. ඔවුන් ඇත්තට ම කතා කරන්නේ තම තමන් වෙනුවෙන්. වෛද්‍යවරුන් ද නිරත වී සිටින්නේ දේශපාලනයක.

Saturday, 1 July 2017

සයිටම් හා ව්‍යවස්ථාව


සයිටම් හා ව්‍යවස්ථාව



සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවට එකඟවයි. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් ව්‍යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්‍යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්‍යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා.

Friday, 30 June 2017

මේ අන්තිම ලිපිය නො වේ


මේ අන්තිම ලිපිය නො වේ



මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව.  මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.

Wednesday, 28 June 2017

මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?


මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?



සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි රාජපක්‍ෂලා වහා ම කිව යුතුයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටීම දේශපාලන වාසියක් ගැනීමට කරන උප්පරවැට්ටියක් පමණකි. මා එදා මෙන් ම අදත් සයිටම් ආයතනයටත් එහි වෛද්‍ය විද්‍යාලයටත් පක්‍ෂයි.

Saturday, 24 June 2017

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත  



සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.

Thursday, 25 May 2017

සයිටම් අවුල් කරන්නෝ


සයිටම් අවුල් කරන්නෝ



සයිටම් ප්‍රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ නිවේදකයන් දන්නා දෙයක් නැහැ. එහෙත් ඔවුන් පෙනී සිටින්නේ සියල්ල දත් මහා පඬියන් ලෙසයි.  ඔවුන් ජනමාධ්‍ය සංදර්ශනයක දී රාජිත හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හමු වූ අවස්ථාවේ දී තම නොදැනුවත්කම මැනවින් විදහා දැක්වූවා. විද්‍යුත් ජනමාධ්‍ය පඬියන් කියාවි ඔවුන් ආණ්ඩු විරෝධී නැහැ කියා. තමන් කරන්නේ ජනතා වගකීමක් ඉටු කිරීම බවත් කියන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ පඬි කතාවලින් පැහැදිලි වෙනවා ඔවුන් ආණ්ඩු විරෝධී බව. ආණ්ඩු විරෝධී වීම නරක යැයි මා කියන්නේ නැහැ. එහෙත්  හැඟීමෙන් පමණක් ආණ්ඩු විරෝධී වීම ආණ්ඩුව ශක්තිමත් කිරීමක්.

Saturday, 6 May 2017

දොස්තර දොස්




                                     දොස්තර දොස්



දොස්තර වර්ජනය සාර්ථක ද නැද්ද යන්න මා කියන්නේ නැහැ. ඒ සම්බන්ධ විවිධ පුද්ගලයන් කියන කතා කියවන්න, අහන්න පුළුවන්. එහෙත් ප්‍රවෘත්ති කියවන්නන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ලියන කියන දේ තමයි අපට ලැබෙන්නේ. මොවුන් පක්‍ෂග්‍රාහීයි. ඇතැමුන් ආණ්ඩුවට පක්‍ෂයි. ඇතැමුන් දොස්තරලාට පක්‍ෂයි. අපක්‍ෂපාත මාධ්‍යවේදීන් නැහැ. අපට අතීතය  හා වර්තමානය ගැන යම් විශ්ලේෂණයක් කළ හැකි වුවත් අනාගතය ගැන කීමට ඇත්තේ මේ මේ දේ විය හැකිය යන්න පමණයි. ඒ පිළිබඳ ව කිව හැක්කේ සම්භාවිතාවක් සමග පමණයි. දොස්තරලාට අවශ්‍ය අවුල් කිරීම. ඔවුන් සමහර දෙනකු අනාවැකිවලින් මෙහෙයවෙනවා.

Wednesday, 26 April 2017

සයිටම් සාකච්ඡාව


සයිටම් සාකච්ඡාව



ජනමාධ්‍ය කිහිපයක සහභාගීත්වයෙන් ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවීම ගැන කණගාටුවෙනවා. මට ඒ සඳහා ආරාධනය ලැබුණේ ඉරිදා. එහි දී පළමුව කියැවුණේ සාකච්ඡාව විසිපස්වැනි දා පැවැත්වෙන බව. ආරාධනය ලැබුණු විගස මා එය පිිළිගත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඇති දුර්මත රාශියක් ඛණ්ඩනය කිරීමට ඉන් අවස්ථාව ලැබෙන බව මා දත් බැවින්. එහෙත් සාකච්ඡාව පැවැත්වෙන්නේ අඟහරුවාදා බව කී විට මට වෙනත් නාළිකාවක පටිගත කිරීමකට සහභාගි වීමට ඇති බව මතක් වුණා. එවිට මා ඒ බව පවසා අදාළ නාළිකාවට කතා කර හැකිනම් පටිගත කිරීම් දිනය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීමට එකඟ වුණා. එහෙත් අවාසනාවකට අදාළ වැඩ සටහන් නිෂ්පාදක පැවසුවේ දිනය වෙනස් කිරීමට නොහැකි බව. සඳුදා ද තවත් වැඩ සටහනක් පටිගත කිරීමට තිබුණු බැවින් දිනය වෙනස් කිරීමට නොහැකි බව ඔහු පැවසුවා. එබැවින් මා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි බව ආරාධනය ලත් දින ම දැන්වූවා.

Sunday, 2 April 2017

මා සහ ජාතික චින්තන මතධාරීන්  


මා සහ ජාතික චින්තන මතධාරීන්



ජාතික චින්තන මතවාදයක සිටින්නේ යැයි කියන අය සහ මා අතර පරස්පර පැන නැගී තිබෙනවා. රටේ ඉතා විශාල පිරිසකට මා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සමහර විට මා වැදගත් කිසිම දෙයක් කියා නැතිවා වන්නටත් පුළුවන්. බොහෝ දෙනා අද වස විස නැති ආහාර ගැන කතා කරනවා. කෘෂි රසායනවලට විරුද්ධ වෙනවා. වස විස නැති ආහාර ගැන මෙරට කතාබහ කරන්න පටන්ගෙන බොහෝ කල්. එමෙන් ම මෙරට සාම්ප්‍රදායික පොහොර යෙදීම ගැනත් කලක සිට කතා වුණා. වකුගඩු රෝගය ගැනත් රජරට වාසය කරන ඇතැමුන් මෙන් ම බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුත් සොයා බලා තිබුණා. එහෙත් මේ එකකටවත් ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැහැ.

Sunday, 26 February 2017

සයිටම් විසඳුම්


සයිටම් විසඳුම්



මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා  ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ අදහස් ලෙස ඉදිරිපත් කළා ද දන්නේ නැහැ. ඔහු මගේ නමක් සඳහන් කරන්න කැමති නැති බව මා දන්නවා. ඒ පිළිබඳ මට අත්දැකීම් ද තිබෙනවා.  කොහොමටත් දේශපාලනඥයන් ප්‍රශ්න විසඳීමට සූදානමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයන් වීමට බලාපොරොත්තුවන ඊනියා උගතුන්ටත් අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. සම්පූර්ණ ලිපිය කියවීම කාලය නාස්ත කිරීමක් නම් අවසාන ඡෙද කිහිපය පමණක් කියවන්න.

Sunday, 19 February 2017

සයිටම් රැල්ල පසුපස එන සුනාමිය


 සයිටම් රැල්ල පසුපස එන සුනාමිය

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මට එතරම් පැහැදීමක් නැති බව පළමුවෙන් කිව යුතුයි. කාලයකට පසු පුවත්පතකට ලිපි ලිවීමට තීරණය කෙළේ මා ළඟින් ඇසුරු කරන කිහිප දෙනකුගේ ආරාධනය පරිදි බවත් කිව යුතුයි. අද මම සමාජයෙන් එක්තරා දුරකට වෙන් වී සිටිමි .එයට හේතු ගණනාවක් වෙයි. ඒ හේතු කවරේදැයි කීම අනවශ්‍ය යැයි සිතමි. මගේ බොහෝ අදහස් සමාජයට නොදිරවන බව පමණක් කීමට අවශ්‍ය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට රැල්ල අනුව යන බව දනිමි. අද රැල්ල අනුව නම් සයිටම් ආයතනයට අප විරුද්ධ විය යුතුයි. එහෙත් සයිටම් හා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දෙනාට ඇති වැටහීම මට නැත්තේ මගේ වරදක් නිසා විය හැකියි. එහෙත් වැඩි දෙනකු වෛද්‍ය ආඥාපනත හෝ විශ්වවිද්‍යාල පනත හෝ කියවා නැති බවත් පැහැදිලියි.  පහුගිය දා සයිටම් ගැන පළ කෙරුණු අභියාචනා තීන්දුව කී දෙනෙක් කියවා ඇත් ද?