මෙරට වෘත්තීය අධ්‍යාපනය
බොහෝ රටවල බටහිර වෛද්‍යවරුන්ට සමාජයේ වැදගත් කමක් ලැබෙනවා. ලංකාවෙත්
එහෙමයි. ලංකාවෙ සමහර විට වෙනත් බොහෝ රටවලට වඩා වැදගත් කමක් ලැබෙනවා ඇති. ලංකාවේ
බටහිර වෛද්‍යවරුන් විවිධ ක්‍රමවලින් තම ආධිපත්‍යය රැකගන්නවා. අනෙක් සෑම වෘත්තියක ම
හා ශාස්ත්‍රීය කියන අධ්‍යාපනයෙහිත් පෞද්ගලික විශ්වවිද්‍යාල/අනුබද්ධ විශ්වවිද්‍යාල
තිබෙන නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවන්න දෙන්නෙ
නැහැ. ඒ සඳහා උපයෝගී කර ගන්නෙ බොහෝ විට ශාස්ත්‍ර පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අතර
තරුණ භික්‍ෂූන් වහන්සේ ද යොදා ගන්නවා. උන්වහන්සේලාත් ඉගෙන ගන්න විෂය සඳහා බාහිර
උපාධි ආයතන හන්දියක් හන්දියක් ගානේ තියෙනවා.