Main Logo

Showing posts with label Medical. Show all posts
Showing posts with label Medical. Show all posts

Wednesday, 1 February 2017

සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

සයිටම් ගැන අභියාචනාධිකරණය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු වූවා. ඒ බව ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ව කිවුවේ නැහැ. එය දේශපාලන කුහක කමක්. එකල උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායකයි.