Main Logo

Showing posts with label Dullas. Show all posts
Showing posts with label Dullas. Show all posts

Saturday, 25 April 2020

කොවිඩ් පැරදවීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පැරදවීම



කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ)  ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ. 

Tuesday, 19 March 2019

ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්


ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්



පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙනවා නම් හොඳයි. ඒත් මට ඒ ගැන එතරම් විශාල බලාපොරොත්තුවක් නැහැ. දෙපැත්තේ නියෝජිත පිරිස්වල ඉන්න අයගෙ සත්භාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පොහොට්ටු පැත්තෙන් ඉන්නෙ ජී එල් පීරිස් (නායක), ඩලස් අලහප්පෙරුම හා ජගත් වැල්ලවත්ත. ඩලස් නියෝජනය කරන්නෙත් පොදුජන පෙරමුණ. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි. ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉන්න ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙක් බව මහින්ද අමරවීරත් දයාසිරි ජයසේකරත් දන්නවා. දයාසිරි තම පක්‍ෂයේ සාම්ජිකයකු අනෙක් පැත්තෙ තියාගෙන සාකච්ඡා කරනවා.

Sunday, 3 June 2018

රූං පෙත්ත කැරකෙනවා




රූං පෙත්ත කැරකෙනවා



ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්‍රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක නැහැ. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබුණෙ.

Thursday, 1 March 2018

ආණ්ඩුවේ ජනවරම



ආණ්ඩුවේ ජනවරම


පසුගිය පෙබරවාරි දහයෙන් ආණ්ඩුවේ ජනවරම වෙනස් වූවා යැයි කියන්න පුළුවන් එක් අර්ථයකින්. එහෙත් මා රනිල් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඔහු මෙරට සංස්කෘතිය නියෝජනය නොකරන, ක්‍රිස්තියානි සංස්කෘතියේ ජීවත්වන ඒ සංස්කෘතියට හා අදාළ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට රට ඇද ගෙන යන නව ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතිවාදයට රට පාවා දෙන රට බෙදීමට කටයුතු කරන රණවිරුවන්ට දඬුවම් දීමට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් සමග අත්වැල් බැඳගත් අයකු නිසා. ඒ පඬියන්ට අනුව මගේ මුග්ධ ජාතිකත්වයෙන් ගලා එන දේ. ඒ සඳහා පෙබරවාරි මැතිවරණය අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවට එකඟ ව රනිල් ඉවත් කළ යුතුයි . එය කළ හැක්කේ මෛත්‍රිපාලටයි. 

Sunday, 5 November 2017

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර  

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර

මාධ්‍ය වාර්තාවලට අනුව මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කියල තියෙනවා දේශපාලනඥයන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තම පැවැත්ම සඳහා යොදා ගත්තත් එහි යම්කිසි දෙයක් ඇති බවත් දෙමළ ජනයාට යම් දෙයක් දිය යුතු බවත්. බොහෝ දේශපාලනඥයන් බොරු ප්‍රබුද්ධයන් වෙන්න ඕන වුණාමත් ඔය වගේ කතා කියනවා. සමහරු නොදන්න කමට කියනවා. තවත් සමහරු ඉන්දියාවෙ නැත්නම් බටහිර වුවමනාවට ඒ දේ කියනවා. සමහරු අප රැවටීමට කියනවා. මෛත්‍රිපාල  මේ මොකක් නිසා අර ප්‍රකාශය කළා ද දන්නෙ නැහැ. ඒකට කමක් නැහැ.

Friday, 22 September 2017

ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය  


ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය



මේ රටේ දේශපාලනය ගැන හිතන විට  කණගාටුවක් හා බයක් දැනෙනවා. ඒ රනිල් හරි මෛත්‍රිපාල හරි නිසා නො වෙයි. රනිල් සිංහල බෞද්ධ විරෝධීකම උපතින් ම ගෙන ආ අයෙක්. මෛත්‍රිපාල විධායක බලතල මිස ජනබලයක් නැති අයෙක්. මැතිවරණයක් තිබ්බොත් ඔහුගේ කල්ලියට වැලේ වැල් නැහැ. රනිලුත් ඒ තරමට ම නැති වුවත් පරදිනවා. ජ වි පෙ අර ජනකතාවල එන පිම්බුණු ගෙම්බා වගෙයි. මැතිවරණයක් තිබ්බොත් ඔවුන්ට යන එන මං නැති වෙනවා. ඒ හැමෝට ම හොඳයි මැතිවරණ නොපවත්වා ඉන්න එක.