Main Logo

Showing posts with label Franchaise. Show all posts
Showing posts with label Franchaise. Show all posts

Friday, 22 September 2017

ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය  


ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය



මේ රටේ දේශපාලනය ගැන හිතන විට  කණගාටුවක් හා බයක් දැනෙනවා. ඒ රනිල් හරි මෛත්‍රිපාල හරි නිසා නො වෙයි. රනිල් සිංහල බෞද්ධ විරෝධීකම උපතින් ම ගෙන ආ අයෙක්. මෛත්‍රිපාල විධායක බලතල මිස ජනබලයක් නැති අයෙක්. මැතිවරණයක් තිබ්බොත් ඔහුගේ කල්ලියට වැලේ වැල් නැහැ. රනිලුත් ඒ තරමට ම නැති වුවත් පරදිනවා. ජ වි පෙ අර ජනකතාවල එන පිම්බුණු ගෙම්බා වගෙයි. මැතිවරණයක් තිබ්බොත් ඔවුන්ට යන එන මං නැති වෙනවා. ඒ හැමෝට ම හොඳයි මැතිවරණ නොපවත්වා ඉන්න එක.