Main Logo

Showing posts with label Bond Scam. Show all posts
Showing posts with label Bond Scam. Show all posts

Thursday, 3 January 2019

බල්ලෝ බලු මස් නොකති


බල්ලෝ බලු මස් නොකති



අර්ජුන් ඇලෝෂියසුයි කසුන් පළිසේනයි ඇප මත නිදහස් කෙරිලා. ඔවුන් නිදහස් කෙරුණයි කියල පරීක්‍ෂණවලට බාධාවක් වෙන්න විධියක් නැහැ. පේන විධියට පරීක්‍ෂණයක් කෙරෙන්නෙ නැහැ. සමහරවිට අපට නොපෙනි පරීක්‍ෂණ කෙරෙනවා ද  දන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් ඇලෝෂියස්ගෙයි පළිසේනගෙයි අඹුදරුවන් අසනීප වෙලා. ඒකත් ප්‍රශ්නයක් තමයි. මනුෂ්‍යත්වයත් මේ වගේ කාරණාවල දී බලපානවා. සමහර ජාතිකවාදීන් නම් කියන්නෙ මට මිනිස්කමක් නැහැ කියලා. ඒක මා දන්නේ නැහැ. රවි කරුණානායක මේ දවස්වල හොඳින් ඉන්නවා ද? මංගලට නම් වැඩ ඇති. ලබන අවුරුද්දෙ මුල අයවැයකුත් ඉදිරිපත් කරන්න එපැයි.

Saturday, 20 January 2018

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි


මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා. අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ දෙනා වැරදියට හිතා ගන්නවා.  

Thursday, 18 January 2018

බැඳුම්කර වාර්තාවෙන් පසු

බැඳුම්කර වාර්තාවෙන් පසු


බොහෝ දේ ඉතා ඉක්මණින් සිදු වෙන කාලයක්. සමහර වෙලාවට මට හිතෙනවා පෙරහැර ඊයේ ගිහින් ඉවර වුණා ද කියලත්. එහෙම නොවේවා කියන එකත් පෙරහැර කෙළවර කිරීමට අවස්ථාව ලැබේවා කියන එකත් මගේ පැතුමයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගෙන මේ ලිපි ලියනවා. ප්‍රාර්ථනාවක් කොහොමටත් හොඳයි. බුදු බවත් ප්‍රාර්ථනා කරන්න ඕන.

අදත් සමහර පඬියන් හා පඬි පෝතකයන් කියන්නේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙනවා කියලා. ඒ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය මුල් කර ගෙන. බැඳුම්කර වාර්තාව ඒ රංගනයේ කොටසක් කියලා ඒ අය කියනවා. වාර්තාවෙන් අගමැති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් වී නැහැ. එහෙත් වාර්තාවේ අගමැති ගැන සඳහන් වෙනවා. වාර්තාවෙන් අගමැති නිදොස් කරත් නැහැ. නිදොස් නොකරත් නැහැ. මින් මතු ඒ ඒ අය තමන්ට අවශ්‍ය අන්දමට අගමැති සම්බන්ධ වාර්තාවේ සඳහන් කරුණු අර්ථකථනය කරාවි.

Thursday, 11 January 2018

කවුද හොරා

කවුද හොරා


කවුද හොරා යනුවෙන් අසන ප්‍රශ්නය වැදගත් නැහැ. අහන්න ඕන කවුද හොරා නොවන්නේ කියා. අප බොහෝ දෙනා සුදනන් ලෙස පෙනී සිටින්නන් පමණයි. අප කරන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීම පමණයි. මා නරක මිනිසකු බව මා දන්නවා. මගේ ද්වේෂය ගැන නොදන්නා අයකු නැහැ. ඒ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් මා පන්සිල් රකිනවා. මෙරට පන්සිල් රකින බෞද්ධයන් කී දෙනකු සිටිනවා ද කියා මා දන්නවා.

Wednesday, 10 January 2018

කඩුව මුවහත් කරමු

කඩුව මුවහත් කරමු


අද පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලගේ කඩුව ගැන කතා කරනවා. ඔවුන් මළ බැඳි කඩු ප්‍රදර්ශනය කරනවා. අගමැති ළඟ දී කඩුව නැවෙන බව පවසනවා. බැඳුම්කරයෙන් විශාල හානියක් වී ඇති බව පවසනවා. බන්දුලගේ ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානය දිනපතා මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බැඳුම්කරයෙන් රටට වී ඇති හානිය ගැන විවිධ ආකාරයෙන්  සංඛ්‍යා ඉදිරිපත් කරනවා. මා හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කිසිම ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙතරම් මාධ්‍ය සාකච්ඡා සංඛ්‍යාවක් පවත්වා ඇත කියා. මේ යන විධියට බන්දුලට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබෙන්න බැරි නැහැ.

Tuesday, 9 January 2018

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව


බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙනවා. රනිල් එයින් බලාපොරොත්තු වන්නේ තම ඊනියා පිරිසිදු  බව තහවුරු කිරීමටයි. ඔහුගේ සුුදු පිරුවටය රැක ගැනීමට. වාර්තාව විවාදයට භාජනය වන්නේ එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී ඇති අවස්ථාවක. සමහර විට එය හෙට සභාගත කිරීමට ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් වාර්තාවට අදාළ එහෙත් වාර්තාවේ නැති වෙනත් කරුණුත් සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියි. මේ විවාදයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට වාර්තාව වෙනුවෙන් පමණක් නොව ජනාධිපති වෙනුවෙන් ද පෙනී සිටීමට සිදු වෙනවා. එහෙත් ඔවුන් කුමන ස්ථාවරයක් ගනීවි දැයි නිශ්චිත ව කියන්න බැහැ. වාර්තාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර බලපෑම් කවරේ ද යන්න ගැන ඉඟියක් විවාදයෙන් ලැබේවි.

Friday, 5 January 2018

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ


බැඳුම්කරය ගැන හා ජනාධිපති ප්‍රකාශය ගැන බොහෝ දෙනා බොහෝ දේ දැනටමත් කියා තිබෙනවා. තවත් බොහෝ දේ කියාවි. එහෙත් කිසිත් වැදගත් දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා හිතෙනවා. බන්දුල ගුණවර්ධන ගණන් හදලා පෙන්වාවි මෙච්චර පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒත් ඒකෙන් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. මේ ගණන්වලත් කිසිම වටිනාකමක් නැහැ. ඒවට පසුබිම් වූ උපකල්පන ගැන කවුරුවත්, අඩුතරමෙන් බන්දුලවත් කතා කරන්නෙ නැහැ. බන්දුලත් එ ජා පක්‍ෂයට ගිහින් ආපු කෙනෙක්. ඒ හුවමාරුවෙ වටිනාකම කුමක් ද?

Tuesday, 2 January 2018

බැඳුම්කර කතාව

බැඳුම්කර කතාව


බැඳුම්කර වාර්තාව ජනාධිපතිට භාර දීලා. ඒක ලොකු පොත් තුනක්. ඒ වාර්තාවෙ වැඩියෙ තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් සටහන් කියලා හිතෙනවා. නිර්දේශ මොනව ද කියලා දන්නෙ නැහැ. මොනව වුණත් දීර්ඝ නිර්දේශයක් ඇතැයි කියලා හිතන්න අමාරුයි. හෙට ජනාධිපතිත් වැඩි විස්තරයක් කියයි කියලා හිතන්න බැහැ. මේ රට පවතින්නෙ බොරු බලාපොරොත්තු දීමෙන් හා ඇති කිරීමෙන්. බලාපොරොත්තු ඉටු වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් රැවටෙන්න උපන් පිරිසක් වගේ. බලාපොරොත්තුවකින් තවත් බලාපොරොත්තුවකට පනිනවා.

Sunday, 17 September 2017

රනිල්ගේ සූසැට බර


රනිල්ගේ සූසැට බර



අප මෙතෙක් කල් අසා තිබුණේ සූසැට බරණින් සැරසී වැස්සේ තෙම් ගෙන ගිය විසාකාව ගැන. සූසැට බරණත් තරමක බරක් වෙන්න ඇති. ඒත් පොතක පතක සඳහන් වන්නේ නැහැ ඒවාහි බර කොච්චර ද කියලා. ඒ කාලෙ හිටපු බමුණෙක්වත් ඒ බර හොයා ගන්න උනන්දුවක් දක්වලා නැහැ. බමුණොත් බටහිර උගතුන් විද්‍යාඥයන් තරමට ම නැති වුණත්  තරමක් වියුක්ත ව හිතපු පිරිසක්. ඔවුන් ගණිතයටත් (බටහිර ගණිතයක් ඒ කාලෙ තිබුණෙ නැහැ. තිබුණෙ වෛදික ගණිතය) උනන්දුවක් දැක්වූවා. කාන්තාවන්ගෙ සූසැට මායම් ගැන කිව්වෙත් බමුණො. සිංහලයන් බමුණු මත ප්‍රතික්‍ෂෙප කළා.

Thursday, 24 August 2017

රනිල් ගොඩ මෛත්‍රී යට


රනිල් ගොඩ මෛත්‍රී යට



විජේදාස ඇමතිකම්වලින් ඉවත් කරලා. ඉවත් කෙරුණේ මෛත්‍රිපාල විසින් ජනාධිපති ලෙස. මෛත්‍රිපාලට විජේදාස ඉවත් කිරීමට අවශ්‍ය වුණා ද? විජේදාසට බුද්ධ ශාසන ඇමතිකමත් නැහැ. විජේදාස ඉවත් කරන්න ඕන වුණෙ අධිකරණ ඇමතිකමෙන් විතරයි. ඒත් එහෙම කළා නම් එ ජා ප අවශ්‍යතාව හෙළිදරවු වෙනවා. ඒ නිසා බුද්ධ ශාසන ඇමතිකමෙනුත් ඉවත් කෙරුණා. මා කැමති නැහැ හාමුදුරුවරුන් විජේදාස වෙනුවෙන් දැක් වූ උනන්දුව ගැන කිසිවක් කියන්න. ඒත් සිංහල බෞද්ධයාගේ තත්වය නම් එන්න එන්න පිරිහෙනවා. ඒ විජේදාස බුද්ධ ශාසන ඇමතිකමෙන් ඉවත් කළ නිසා නො වෙයි. කලකට පෙර විජේදාසට මේ රට සිංහල බෞද්ධ රටක් වුණේ නැහැ. විජේදාස සංධානයට එරෙහිව එ ජා පෙරමුණෙන් තරග වැදුණා. ඔහු අදටත් එ ජා ප සාමාජිකයෙක්. එ ජා ප සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක්. ඩී එස් සේනානායක ඒ පක්‍ෂය පිහිටෙව්වෙ සිංහල බෞද්ධ විරෝධී ඊනියා එක්සත් වූ ජාතික පක්‍ෂයක් ලෙස. ඒ නමේ ම සංධීය (ෆෙඩරල්) ගතියක් තියෙනවා. ඩී එසේ ගොවි ජනපද පිහිටුවපු බව ඇත්ත. ඒත් ඒ සිංහල පක්‍ෂපාතීත්වයකින් නො වෙයි. ජනපද පිහිටුවීමෙන් දෙමළ ජාතිවාදීන්ට රජ රටෙන් මෙහාට එන්න බැරි වුණයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් පසු කාලයක ඉරණමඩු ජනපද සඳහාවත් දෙමළ ජනයා අයදුම් කෙළේ නැහැ. ඔවුන්ට ඉරණමඩුවත් ආගන්තුකයි. ඩී එස්ගේ රජරට ජනපද පිහිටුවීම අවසානයේ දී සිංහලයන්ට යහපත් ප්‍රතිඵල ගෙන දුන් බව ඇත්තයි. එහෙත් ජනපද පිහිටුවීමේ අරමුණ සිංහල පක්‍ෂපාතීත්වයක් සමග බැඳී නැහැ.

Friday, 11 August 2017

අලවංගු සංස්කෘතිය


අලවංගු සංස්කෘතිය



අලවංගුවට ඇතැම් පළාත්වල යකඩය කියාත් කියනවා. තවත් නම් ඇති. නම කුමක් වුවත් අකුණු වදින වෙලාවට හෙණ ගහන විට එය ගෙයින් ඉවතට විසි කරනවා. ඒ හෙණය ගෙට පාත් වීම වැළැක්වීමට. රවිත් අලවංගුව වගේ. දැන් ඊනියා යහපාලනයට හෙණ වදින්නෙ නැහැ කියලා හිතනවා ඇති. ඒක එහෙම වෙන්නත් පුළුවන්. මේ බැඳුම්කර කෝළමේ එක් ජවනිකාවක් විතරක් නොවෙයි. ඒකෙ අවසානයත්. දැන් පොතේගුරාට (කතානායකට) හොද අත්වැලක් අල්ලන්න පුළුවන්.

Monday, 7 August 2017

බැඳුබැඳුම්කර කෝළම

බැඳුම්කර කෝළම

දැන් හැමෝම මහා බැංකු බැඳුම්කර ගැන කතා කරනවා. හොරකම් ගැන හැමෝම වගේ කතා කරන්නෙ තමන් කිසිදාක කිසිම හොරකමක් නොකළ අය වගේ. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ දී කරන හොරකම් ද හොරකම් තමයි. කාර්යාලයේ දුරකථනයෙන් මුදල් නොගෙවා ඇමතීමත් හොරකම්. මේ බොහොමයක් හොරකම්වලිනුත් සතේකින් හරි පාඩු වෙන්නෙ රටට. ඒත් මේ හොරකම් බැඳුම්කර හොරකමත් එක්ක ගත්තම ඉතාමත් සුළුයි. ඒවා නොගිණිය හැකි තරම්. උසස් පෙළටවත් ගණිතය හදාරපු අය දන්නවා නොගිණිය හැකි කියන යෙදුමේ තේරුම. ඉන් කියැවෙන්නේ ඒ හොරකම් යුක්තියුක්ත කෙරීම නො වෙයි. ඒවත් හොරකම්. ඒත් වෙනත් සමහර හොරකම් එක්ක ගත්ත ම ඒවා ඉතාමත් සුළුයි.

Thursday, 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

Monday, 27 February 2017

බැඳුම්කරයට කැලෑ පත්තරයක්?


බැඳුම්කරයට කැලෑ පත්තරයක්?



බැඳුම්කර  මගඩිය තව තවත් අවුල් වෙනවා. දැන් කතාව හොර ගැසට් පත්‍රයක් ගැනයි. මෙහි ඇත්ත නැත්ත හරියට දැනගත යුතුයි. දේශපාලනඥයන් කියන කතා එක්වර ම පිළිගැනීම අපහසුයි. ඔවුන්ගේ ගොඩ පෙරකදෝරු කතා බොහෝ විට ජනතාව රවටා ඡන්ද එකතු කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. එය කුප්‍රකට බැඳුම්කර සම්බන්ධවයි. පුදුමයකට මෙන් ගැසට් පත්‍රයෙහි දිනය 2015 ජනවාරි මුල අටවැනිදාට කලින් දිනයක්. එයට අත්සන් කර ඇතැයි කියන්නේ මහින්ද රාජපක්‍ෂ. ඔහු එවකට සිටි ජනාධිපති මෙන් ම මුදල් ඇමති ද වෙනවා. එහෙත් මහින්ද රාජපක්‍ෂ ජනවාරි අටවැනිදාට පසු මුදල් ඇමති නොවෙයි.