හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි
මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන
විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම්
බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක්
කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ
ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප
කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු
විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා.
අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ
දෙනා වැරදියට හිතා ගන්නවා.