අවුරුදු දෙසීයකට පසු
පක්ෂ හා පෞද්ගලික දේශපාලනයෙන් ඉවත් වී රට ජාතිය ආගම (සංස්කෘතිය) මත
පදනම් වූ දේශපාලනයක නිරත වීමට නොහැකි වීම නිසා අප 1815-18 කාලයෙහි සුද්දන්ට රට පාවා දුන්නා. එයට වග කිව යුත්තේ එකල සිටි
නායකයන් එනම් සෙංකඩගල නිළමෙලා. උඩරට ගිවිසුම නමින් හැඳින්වෙන 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කිරීමට බොහෝ
නිළමෙලා එකඟ වුණා. සෙංකඩගලින් පිට සිටි නායකයන් ගිවිසුමට විරුද්ධ වී ඇති බව
පෙනෙනවා. එහෙත් රාජ්ය බලය තිබුණෙ සෙංකඩගල. දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියෙත්
සෙංකඩගල. එදා රට ගැන හිතුව නම් විවිධ නිළමෙලා තම තමන්ට රජකම ගැනීමට සැලසුම්
නොකෙරුවා නම් රටේ තත්වය වෙනස් වන්න ඉඩ තිබුණා.