බැඳුම්කර වාර්තාවෙන් පසු
බොහෝ දේ ඉතා ඉක්මණින් සිදු වෙන කාලයක්. සමහර වෙලාවට මට හිතෙනවා
පෙරහැර ඊයේ ගිහින් ඉවර වුණා ද කියලත්. එහෙම නොවේවා කියන එකත් පෙරහැර කෙළවර කිරීමට
අවස්ථාව ලැබේවා කියන එකත් මගේ පැතුමයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගෙන මේ ලිපි
ලියනවා. ප්‍රාර්ථනාවක් කොහොමටත් හොඳයි. බුදු බවත් ප්‍රාර්ථනා කරන්න ඕන.
අදත් සමහර පඬියන් හා පඬි පෝතකයන් කියන්නේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක
යෙදෙනවා කියලා. ඒ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය මුල් කර ගෙන. බැඳුම්කර
වාර්තාව ඒ රංගනයේ කොටසක් කියලා ඒ අය කියනවා. වාර්තාවෙන් අගමැති පිළිබඳ නිර්දේශ
ඉදිරිපත් වී නැහැ. එහෙත් වාර්තාවේ අගමැති ගැන සඳහන් වෙනවා. වාර්තාවෙන් අගමැති
නිදොස් කරත් නැහැ. නිදොස් නොකරත් නැහැ. මින් මතු ඒ ඒ අය තමන්ට අවශ්‍ය අන්දමට
අගමැති සම්බන්ධ වාර්තාවේ සඳහන් කරුණු අර්ථකථනය කරාවි.
රනිල් අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීම, ඔහු ගැන විශ්වාසය තැබීම, පාර්ලිමේන්තුවේ
මහේන්ද්‍රන් ගැන ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඔහු ගැන විශ්වාසය තැබීම, මහේන්ද්‍රන් ගැන ගත යුතු පියවර නොගෙනීම ගැන
වාර්තාවේ සඳහන් වුණත් නිර්දේශ කිසිවක් ඉදිරිපත් නො කෙරීමෙන් වාර්තාව විවිධ
අර්ථකථනවලට භාජනය වේවි. රවි කරුණානායක ගැන එසේ නොවෙයි. යම් යම් කොන්දේසි යටතේ
නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. අර්ජුන්ලා ගැන කොන්දේසි විරහිත ව නිර්දේශ
ඉදිරිපත් කර තිබෙනවා.
රනිල් මෛත්‍රිපාල විරසකය ඇති වුණේ බැඳුම්කරය නිසා නො වෙයි. මෛත්‍රිපාල
මුල දී බැඳුම්කරය ආරක්‍ෂා කළා. ඒ ඔහු ජනාධිපතිකමට පැමිණි කාලයේ. ඔහු ඩිව් ගුණසේකර
කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී
පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එකල පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ සංධානයට.
රනිල්ට හිටියේ මන්තත්‍රීවරු හතළිස් ගණනයි. එහෙත් සංධානයත් අඩුම තරමෙන් රනිල්ට
විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ නැහැ. ඩිව් ගුණසේකර වාර්තාව නැතිව වුවත්
රනිල්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න තිබුණා. ගෙනාව නම් පාර්ලිමේන්තුවේ
වැඩි බලයක් නැති ව සිටි රනිල් පරදිනවා. එදා සංධානය මෛත්‍රිපාලට විරුද්ධ වීම මිසක් රනිල්ට විරුද්ධවීමක් කළේ නැහැ. සංධානයට
අවශ්‍ය වූයේ මෛත්‍රිපාල පැරදවීම පමණයි. අවසානයේ දී ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත්
නොකිරීම පිළිබඳ මා අධිකරණය ඉදිරියට ගිය බව අද මට දේශපාලනය තේරෙන්නේ නැතැයි කියන
පඬි පෝතකයන් දන්නේ නැහැ. සංධානයේ දේශපාලනඥයන් කිසිවකු නඩුව ගැන කිසිවක් මගෙන්
ඈසුවේ නැහැ.
මෛත්‍රිපාල මුල දී රනිල් සමග සිටි නමුත් ක්‍රමයෙන් ප්‍රතිපත්ති ප්‍රශ්න
ඇති වුණා. කොහොමටත් මෛත්‍රිපාල කණ්ඩායම සිංහල බෞද්ධ මතයට කන් දෙනවා. රනිල් ජාත්‍යන්තර
ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ලංකා නියෝජිතයා. මංගල බටහිරයන් වෙනුවෙන් ඔහුගේ අග
සෙනෙවියා. (රනිල් ඉවත් කරන්න සිදු විණි නම් බැරි තැනක දී ඔවුන් මංගල අගමැති කරන්න හිටියා.) මෛත්‍රිපාල
හා රනිල් අතර භේදය ක්‍රමයෙන් වැඩි වුණා. ඒ අතර ජන විරෝධයකුත් පැන නැගුණා. මෛත්‍රිපාල
බැඳුම්කර කොමිසම පත් කළා. පඬි පෝතකයන් එය රඟ පෑමක් ලෙස අර්ථදැක්වුවා. එහෙත් පසුව
මහින්ද ජී එල් වැන්නන් ද පිළිගත්තා රනිල් හා මෛත්‍රිපාල අතර විරසයක් ඇති බව. එසේ
වුවත් ඔවුන් ඒ විරසකය මගින්වත් රනිල් ඉවත් කිරීමට කටයුතු කෙළේ නැහැ. ටික කලකට පෙර
ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව ඉවත්කර ගන්නා බවට ලිපියක් ද දුන්නා. මහින්ද ඒ
බව දැන සිටියේ නැද්? දයාන් ජයතිලකලා එහි දී දුන් උපදෙස්
මොනවා ද? පඬි පෝතකයන් හිතනවාට වැඩි දෙයක්
දේශපාලනයේ සිදු වෙනවා.
මෛත්‍රිපාල රනිල් විරසකයේ උච්ඡතම අවස්ථාවක් පසුගිය දා අමාත්‍ය
මණ්ඩලයේ උද්ගත වුණා. එය පෙබරවාරි මැතිවරණය උදෙසා කළ රඟපෑමක් කියා පඬි පෝතකයන්
සිතනවා. එහි දී ද ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධ ව නැගී සිටියේ නැහැ. මෛත්‍රිපාල
බලයට පත් වුණේ එ ජා ප ඡන්දයෙන්. මේ ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත් කෙරුවේ බටහිරයන්
ඉන්දියාව මෙන් ම මහින්ද. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්න යැයි අප
කොතෙකුත් කියද්දී මහින්ද මෛත්‍රිපාලට එරෙහිව එයට ඡන්දය දීමට සලස්වා තුනෙන් දෙකේ
අනුමැතිය ලබා දුන්නා. එදා පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ මහින්දගේ කණ්ඩායමට.
මහින්ද මෛත්‍රිපාලට පක්‍ෂ සභාපතිත්වය ලබා දීමට නොදෙවෙනි වරදක් එහි දී කළා.
මෛත්‍රිපාලට විශාල ජන බලයක් නැහැ. ඔහුට විරුද්ධව ජාත්‍යන්තර හා විවිධ
බලවේග ඉන්නවා. ඔහුට පඹයා, පෙන්දා, කොන්දක් නැත්තා ආදී වශයෙන් නිග්‍රහ කර හරියන්නේ නැහැ. මහු ඊනියා පොදු
අපේක්‍ෂකයා වී කෙළේ තදබල වරදක්. එහෙත් ඔහු එතැනට පත් කෙළේ කවු ද යන්නත් අප අමතක කළ
යුතු නැහැ. ඔහුට අර බලවේග සමග සටන් කිරීමට ශක්තිය ලබා දිය යුතුයි. අවාසනාවකට ඔහුට
පොහොට්ටුවෙන් ඒ ශක්තිය ලබා දෙන්නේ නැහැ. මා හිතන්නේ ඔහු තමන්ට තනිව යා හැකි උපරිම
තැනට ගොස් ඇති බවයි.
ඔහුට විරුද්ධව අද නව පරපුරේ ගැහැණුන් අරක්කු බොන්න, විකුණන්න අවසර ඉල්ලා උසාවි යනවා. මේ නව පරපුරට නව අදහස් නැහැ. ඔවුන්
දන්නේ බටහිර අදහස් අනුකරණය කිරීම පමණයි. එහෙම නැත්නම් බටහිර විධියට කටහඬ සකස්
කරන්න උත්සාහ කිරීම. ඒ නව අදහස් නොවෙයි. බටහිරයන්ගේ ඉඳුල් කැමක් පමණයි. නැහැ
පිළුණු මස් කෑමක් පමණයි. අද මෙරට ප්‍රශ්නය
අප සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික
ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා ද යන්නයි. රනිල් හා නව පරපුර පෙනී සිටින්නේ
යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන්. ගැහැණුන්ට අරක්කු බොන්න නිදහස
ඉල්ලන්නේත් ඒ ආධිපත්‍යය වෙනවෙන්. බ්‍රේස්ලට් චුවිංගම් දෙන්න කතා කළෙත් අරක්කු
පොවන්නෙත් සම ලිංගික පනත් ගෙනෙන්නෙත් ඒ ආධිපත්‍යය වෙනුවෙන්. මේ ආධිපත්‍යය වෙනුවෙන්
පෙනී සිටීම උගත් කමේ ලක්‍ෂණයක් ලෙස නිවට උගතුන් සලකනවා. සමලිංගික රාගයට ආදි යක්‍ෂ
හෙළයන් කීවේ පීතල රාගය කියායි. ඊනියා
ජාතිකවාදීන් බොහෝ දෙනා පෙනී සිටින්නේත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය
වෙනුවෙන්.
සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කරන කොටස් පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ කුළල්
කා ගැනීම නිසා රනිල් බලවත් වෙනවා. අද රනිල් ඉවත් කිරීමට නොහැකි නම් සිංහල බෞද්ධ
විරෝධී ව්‍යවස්ථාව, එට්කා, රාජ්‍ය සම්පත් විකිණීම, රණවිරුවන්
දඩයම් කිරීම ආදිය තව තවත් බලසම්පන්න වෙනවා. ඊනියා කම්කරු පංති අරගල ගැන කතා කර
වැඩක් නැහැ. ඒවා කෑම දිරවා ගැනීමට, පාළුව
මග හැරීමට කරන කතා පමණයි. රනිල් 2020 දී නොව පෙබරවාරියෙන් පසු ජනාධිපති කිරීීම ගැන
ඇතැම් එ ජා පාක්‍ෂිකයන් කතා කරනවා. එසේ රනිල් ජනාධිපති කළ හැක්කේ මෛත්‍රිපාල ඉවත්
කිරීමෙන් පමණයි. මෛත්‍රිපාලට ඉල්ලා අස්වීමට කියන ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් තමන්
රනිල්ට ජනාධිපති වීමට ඇති එකම බාධකය ඉවත් කිරීමට කටයුතු කරන බව දන්නේ නැහැ.
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-18