රනිල්ගේ සූසැට බර
අප මෙතෙක් කල් අසා තිබුණේ සූසැට බරණින් සැරසී වැස්සේ තෙම් ගෙන ගිය
විසාකාව ගැන. සූසැට බරණත් තරමක බරක් වෙන්න ඇති. ඒත් පොතක පතක සඳහන් වන්නේ නැහැ
ඒවාහි බර කොච්චර ද කියලා. ඒ කාලෙ හිටපු බමුණෙක්වත් ඒ බර හොයා ගන්න උනන්දුවක්
දක්වලා නැහැ. බමුණොත් බටහිර උගතුන් විද්‍යාඥයන් තරමට ම නැති වුණත් තරමක් වියුක්ත ව හිතපු පිරිසක්. ඔවුන් ගණිතයටත්
(බටහිර ගණිතයක් ඒ කාලෙ තිබුණෙ නැහැ. තිබුණෙ වෛදික ගණිතය) උනන්දුවක් දැක්වූවා.
කාන්තාවන්ගෙ සූසැට මායම් ගැන කිව්වෙත් බමුණො. සිංහලයන් බමුණු මත ප්‍රතික්‍ෂෙප කළා.