Main Logo

Showing posts with label Peratugami. Show all posts
Showing posts with label Peratugami. Show all posts

Saturday, 20 June 2020

සම්බන්ධන්ගේ සම්බන්ධකම්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9



සම්බන්ධන්ගේ සම්බන්ධකම්

සම්බන්ධන්ගේ ඉන්දීය සම්බන්ධය ගැන තමයි අද වැඩියෙන් ලියන්න ඕන. ඒත් ඊට කලින් මංගල ගැන කියන්න අමතක වුණු දෙයක් ලියන්න ඕන. අපට ජී සී මෙන්දිස්ගේ ගෝල බාලයන්ට වගේ නොවෙයි, තපස්සු භල්ලුක ගැන දැන ගන්න ඕන. මා මියන්මාරයට පැමිණි පසු බොහෝ කරුණු දැන ගත්තා. තවත් කරුණු එකතු වෙනවා. තපස්සු භල්ලුක මියන්මාර වැසියන් බව මියන්මාරයේ බොහෝ දෙනා කියනවා. ඔවුන් සිටි ප්‍රදේශයත් වත්මන් යැන්ගොන් ප්‍රදේශය. මේ ප්‍රදේශයෙහි තමයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත්. යැංගොන් ප්‍රදේශයේ කේශ ධාතූන්වහන්සේ නිධන් කළ චෛත්‍ය දෙකක් තියෙනවා. ඉන් එක් තැනක දේවානම්පිය තිස්ස රජු ගැනත් සඳහන් වෙනවා. මට තවම මේ එකක්වත් දැක බලාගන්න බැරි වුණා. දෙවැනි චෛත්‍යය තමයි සුප්‍රසිද්ධ ෂ්වෙදගොන් චෛත්‍යය. 

Monday, 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 

Sunday, 18 August 2019

ගෝඨා භය

           සිංහල ලිත් ඉලක්කම්




ගෝඨා භය


අද මෙරට ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් දවසක්. සමහරවිට වැදගත් ම දවස වෙන්න පුළුවන්. අද තමයි මෙරට ප්‍රධාන විප්ලවවාදී පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන තම අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා නම් කරන දවස. කිසිම ප්‍රායෝගික දේශපාලනයක් කර නැති එහෙත් වීරයන් වීමට දඟලන ඊනියා උගතුන්ටත් අද දවස වැදගත්. ඔවුන්ගෙන් වොයිස්කට් ලබා ගැනීමට එවැනි ම ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් කටයුතු කරාවි. ලාංකික විප්ලවයේ විශ්වවිද්‍යාලවල තරූණ තරූණියන්ට සතිපතා නාන්න සලස්වන පෙරටුගාමීන්ට රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තරම්වත් ශක්තියක් නැති බව පැහැදිලියි.