Main Logo

Showing posts with label TamilNadu. Show all posts
Showing posts with label TamilNadu. Show all posts

Saturday, 20 June 2020

සම්බන්ධන්ගේ සම්බන්ධකම්

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9



සම්බන්ධන්ගේ සම්බන්ධකම්

සම්බන්ධන්ගේ ඉන්දීය සම්බන්ධය ගැන තමයි අද වැඩියෙන් ලියන්න ඕන. ඒත් ඊට කලින් මංගල ගැන කියන්න අමතක වුණු දෙයක් ලියන්න ඕන. අපට ජී සී මෙන්දිස්ගේ ගෝල බාලයන්ට වගේ නොවෙයි, තපස්සු භල්ලුක ගැන දැන ගන්න ඕන. මා මියන්මාරයට පැමිණි පසු බොහෝ කරුණු දැන ගත්තා. තවත් කරුණු එකතු වෙනවා. තපස්සු භල්ලුක මියන්මාර වැසියන් බව මියන්මාරයේ බොහෝ දෙනා කියනවා. ඔවුන් සිටි ප්‍රදේශයත් වත්මන් යැන්ගොන් ප්‍රදේශය. මේ ප්‍රදේශයෙහි තමයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත්. යැංගොන් ප්‍රදේශයේ කේශ ධාතූන්වහන්සේ නිධන් කළ චෛත්‍ය දෙකක් තියෙනවා. ඉන් එක් තැනක දේවානම්පිය තිස්ස රජු ගැනත් සඳහන් වෙනවා. මට තවම මේ එකක්වත් දැක බලාගන්න බැරි වුණා. දෙවැනි චෛත්‍යය තමයි සුප්‍රසිද්ධ ෂ්වෙදගොන් චෛත්‍යය. 

Wednesday, 8 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14



වඩුකොඩෙයි සම්මේලනයෙන් ටික කලකට පසු මුස්ලිම් ජනයා අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ද උඩරට වතු කම්කරු දෙමළ ජනයා තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ද සම්මේලන සංධානයෙන් ඉවත් වුණා. ඒත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය තවදුරටත් චෙල්වනායගම් නමැති ත්‍රස්තවාදයේ පියා යටතේ ක්‍රියාත්මක වුණා. දෙමළ ජාතිවාදීන් ද ඔහු පියා ලෙස සලකනවා. එමෙන් ම ඔහු අවිහිංසාව ගරු කළ අයකු ලෙස ද ලංකා ගාන්ධි ලෙස ද සලකනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ගාන්ධි අවිහිංසාවාදියකු ලෙස පෙනී සිටියත් ඔහුත් කෙළේ හිංසාවට මිනිසුන් පෙළඹවීමක්. ඉන්දියාවට ඩොමීනියන් නිදහස ලැබීම හිංසාව සමග බැඳී තියෙනවා. එමෙන් ම ඉන්දියාව දෙකඩ වීමේ දී ගාන්ධි ප්‍රතිපත්ති බලපෑවා. අවසානයේ දී ගාන්ධි මියගියේත් හිංසාවෙන්. සුද්දන් ගාන්ධි ඔසවා තැබීමටත් සුද්දන් හා ඔවුන්ගේ අනුගාමික අනුකාරක සිංහල පඬියන් ධර්මපාලතුමාට ගැරහිමටත් හේතුව කුමක් ද?