Main Logo

Showing posts with label ITAK. Chelvanayakam. Show all posts
Showing posts with label ITAK. Chelvanayakam. Show all posts

Wednesday, 8 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14



වඩුකොඩෙයි සම්මේලනයෙන් ටික කලකට පසු මුස්ලිම් ජනයා අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ද උඩරට වතු කම්කරු දෙමළ ජනයා තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ද සම්මේලන සංධානයෙන් ඉවත් වුණා. ඒත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය තවදුරටත් චෙල්වනායගම් නමැති ත්‍රස්තවාදයේ පියා යටතේ ක්‍රියාත්මක වුණා. දෙමළ ජාතිවාදීන් ද ඔහු පියා ලෙස සලකනවා. එමෙන් ම ඔහු අවිහිංසාව ගරු කළ අයකු ලෙස ද ලංකා ගාන්ධි ලෙස ද සලකනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ගාන්ධි අවිහිංසාවාදියකු ලෙස පෙනී සිටියත් ඔහුත් කෙළේ හිංසාවට මිනිසුන් පෙළඹවීමක්. ඉන්දියාවට ඩොමීනියන් නිදහස ලැබීම හිංසාව සමග බැඳී තියෙනවා. එමෙන් ම ඉන්දියාව දෙකඩ වීමේ දී ගාන්ධි ප්‍රතිපත්ති බලපෑවා. අවසානයේ දී ගාන්ධි මියගියේත් හිංසාවෙන්. සුද්දන් ගාන්ධි ඔසවා තැබීමටත් සුද්දන් හා ඔවුන්ගේ අනුගාමික අනුකාරක සිංහල පඬියන් ධර්මපාලතුමාට ගැරහිමටත් හේතුව කුමක් ද?