පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්
පහත සඳහන් පුවත මයික්‍රොසොෆ්ට් නිවුස් වෙතින්. අන්තර්ජාල පහසුකම් ඇති අයකුට එය එහි ම කියවන්න පුළුවන්. මේ පුවත කරුණු කිහිපයක් නිසා අපට වැදගත් වෙනවා. දැනටමත් අප මලයාසියාවේ හා ඉන්දියාවේ පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩ සටහන්වලට ගොස් ආපසු පැමිණි අය ගැන සොයනවා. මෙහි සඳහන් අන්දමට පකිස්තානයේ පවත්වන ලද එවැනි ම වැඩ සටහනකට සහභාගි වූ විදේශීකයන් 3000 දෙනකු එහි රැඳී සිටිනවා. ඔවුන් අතර ලංකාවෙන් ගිය අය ද ඉන්නේ දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් දැනටමත් ලංකාවට ඇචිත් ද?