Main Logo

Showing posts with label Quantum Mechanics. Show all posts
Showing posts with label Quantum Mechanics. Show all posts

Saturday, 30 March 2019

නූතනත්වයේ හරය


නූතනත්වයේ හරය



විසිවැනි සියවස ආරම්භයේ සිට ම වගේ බටහිර නූතනත්වයේ පරිවාර අදහස් කඩා වැටෙන්න පටන් ගත්ත. පරිවාර අදහස් කීවාට ඒව වාටියෙ (පරිධියෙ) අදහස් නොවෙයි. ඒවත් වැදගත්. ඒත් හරය ම නො වෙයි. නිශ්චිතභාවය, හේතුවාදය, ඌනිතවාදය, නිරපේක්‍ෂතාව, වාස්තවිකත්වය, යථාර්ථය ආදී අදහස් ප්‍රශ්න කෙරෙන්න පටන් ගත්ත. එහෙත් එයටත් කලින් පශ්චාත්නූතන කියන වචන පාවිච්චි වුණා. විශේෂයෙන් ම චිත්‍රකලාවෙ නූතනත්වය පන්නපු චිත්‍ර ගැන කතා කෙරුණා. චිත්‍රකලාවෙන් පස්සෙ බටහිර විද්‍යාවෙ තමයි නූතනත්ව අදහස් ප්‍රශ්න කෙරුණෙ.

Saturday, 20 October 2018

කාන්ට්ගේ පශ්චාත්තාපය


කාන්ට්ගේ පශ්චාත්තාපය



මා ඊයේ මංගලගේ රෙද්ද පල්ලෙන් (MRP) වැටුණු මිල සූත්‍රය ගැන කී දේ බොහෝ දෙනකුට තේරිලා නැහැ. මා ඇහුවෙ ඇතැම් තෙල් වර්ගයක මිල වෙනස් නොවන්න නම් බොර තෙල් මිල වැඩි වෙන විට අනෙක් විචල්‍ය තුනෙන් එකක්වත් අඩුවෙන්න ඕන කියලා. ඒ අඩු වුණෙ පිරිවැය ද බදු ද නැත්නම් වෙන මොකක්වත් ද? ඒකට උත්තරයක් නැහැ. පෙට්‍රල්වලට හැම විචල්‍යයක් ම වැඩි වෙලා මිලත් වැඩි වෙලා. ඒක හරි. මගේ ප්‍රශ්නය මිල වැඩි නොවූ තෙල් වර්ගවලට මිල සූත්‍රය යොදන්නෙ කොහොම ද කියන එකයි. තෙල් සූත්‍රය ගැන කී දේ තේරුණෙ නැති විට ඉලෙක්ට්‍රෝන රවුන් ගහන එක තේරෙයි ද මන්ද. අපි කෝකටත් ඒකත් කියමු. 

Tuesday, 2 October 2018

ට්‍රම්ප් ගොඩ නගන ලෝකය


ට්‍රම්ප් ගොඩ නගන ලෝකය



මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ දෙවැනි කතාවෙන් තම ප්‍රතිපත්තිය ලොවට ම ඇහෙන්න කිව්වා.

Tuesday, 7 August 2018

What is Science 3




What is Science 3



Induction and Abduction in Western Science



Abduction is relevant to western science as it is the method that is used in arriving at “axioms” that explain generalized observations through induction.  We may call it the scientific method if such description is needed. However, in western science, there are two stages. In the first stage observations and induction take place in that order, and in the second stage abduction and observations take place in that order. Having said that it has to be emphasized that in the first stage the observations are dependent on theory or one’s beliefs, and that the observations could have been proceeded by thoughts. There are neither observations independent of conceptions, nor perceptions without conceptions, and the idea of perceptions without conceptions stem again from the dualities in western Chinthanaya.  

Wednesday, 9 May 2018

නියම, සුසමාදර්ශ හා චින්තනය


නියම, සුසමාදර්ශ හා චින්තනය



බටහිර විද්‍යාව පාසලේත් විශ්වවිද්‍යාලයේත් ඉගැන්වෙන්නේ න්‍යායික තර්කානුකූල නිමාවක් ඇති දැනුම් පද්ධතියක් ලෙස. නිව්ටන්ගේ නියම ගැන සිසුන් දන්නේ ඒ නිමාවූ පද්ධතිය ලෙස. නිව්ටන්ගේ ම ගුරුත්වාකර්ෂණය ඉගැන්වෙන්නේත් එහෙමයි. අනෙක් මාතෘකාත් ඒ විධියට ඉගැන්වෙන්නේ. සිසුන් හිතන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය කියා. සිසුන්ට බටහිර විද්‍යාවේ ඉතිහාසයවත් මාතෘකා කිහිපයක් පමණක් අරගෙන උගන්වනවා නම් හොඳයි.

Wednesday, 8 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම  


යථාර්ථය නිර්වචනය කිරීම





රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය. මගේ අවසාන ප්‍රතිචාරයට ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සමහර විට මගේ අදහස්වල කිසිදු වටිනාකමක් නැතැයි ඈ සිතන්න ඇති. මා ඒ සංවාදය මුළුමනින් ම පළ කරන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිර දාර්ශනිකයන්ට හා භෞතික විද්‍යාඥයන්ට නිර්වචනය කිරීමට නොහැකි බව පෙන්වීමටත් යථාර්ථය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි විස්තර කිරීමට ඔවුන් අපොහොසත් බව පෙන්වීමටත්. මේ සංවාදය හා ඉන් මතුවන කරුණු පිළිබඳ විවරණයක් පසුව බලාපොරොත්තු වන්න. එතෙක් මෙයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නේ නම් මැනවි.  

Wednesday, 15 February 2017

බටහිර කොට්ටෝරුවෝ


බටහිර කොට්ටෝරුවෝ


බටහිර භෞතික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් අනෙක් බටහිර විද්‍යාඥයන්ට වඩා පොදුවේ බටහිර දර්ශනය හා විශේෂයෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වනවා. ලංකාවේ නම් බටහිර දර්ශනය හා බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වන්නේ බටහිර භෞතික විද්‍යාඥයන් නොව බටහිර වෛද්‍යවරුන්. එහෙත් ඔවුන්ගෙන් ඒ කිසිම දෙයකට කිසිම දෙයක් අලුතෙන් එකතු වී නැහැ. ඔවුන් කරන්නේ අවුරුදු පනහකට පමණ පෙර බටහිර ලියු දේ ඊනියා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමයි. ඔවුන්ට අඩු තරමේ හැටේ දශකයේ තෝමස් කූන් කියා ඇති දේ ගැනවත් ප්‍රමාණවත් දැනුමක් නැහැ.