නියම, සුසමාදර්ශ හා චින්තනය
බටහිර විද්‍යාව පාසලේත් විශ්වවිද්‍යාලයේත් ඉගැන්වෙන්නේ න්‍යායික
තර්කානුකූල නිමාවක් ඇති දැනුම් පද්ධතියක් ලෙස. නිව්ටන්ගේ නියම ගැන සිසුන් දන්නේ ඒ
නිමාවූ පද්ධතිය ලෙස. නිව්ටන්ගේ ම ගුරුත්වාකර්ෂණය ඉගැන්වෙන්නේත් එහෙමයි. අනෙක්
මාතෘකාත් ඒ විධියට ඉගැන්වෙන්නේ. සිසුන් හිතන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය
කියා. සිසුන්ට බටහිර විද්‍යාවේ ඉතිහාසයවත් මාතෘකා කිහිපයක් පමණක් අරගෙන උගන්වනවා
නම් හොඳයි.
බටහිර විද්‍යාවේ දර්ශනය එහි ඉතිහාසය සමග බැඳී තිබෙනවා. පොපර් කූන්
වැනි අය බටහිර විද්‍යාවේ ඉතිහාසය හදාරා තියෙනවා. කූන් තම සුප්‍රසිද්ධ විද්‍යා
විප්ලව කතාවෙන් කියන්නේ ඔහු හිතන විධියට බටහිර විද්‍යාව වර්ධනය වන ආකාරයයි. ඔහු
පොපර්ගේ අසත්‍යකරණය නිසා බටහිර විද්‍යාව ඉදිරියට යන්නේ ය යන මතය ප්‍රතික්‍ෂෙප කළා.
කූන් කියා සිටියේ බටහිර විද්‍යාව ඉඳහිට විප්ලව කරන බවයි. ඒ විප්ලවවල දී ඔහු
සුසමාදර්ශය නමින් හඳුන්වා දුන් යමක් වෙනස් වන බව කිව්වා.
එහෙත් සුසමාදර්ශ වෙනස්කම් එක් රැයකින් සිදුවන දේ නො වෙයි. අවුරුදු
සියයකට වඩා ගතවීත් අදත් ක්වොන්ටම් සුසමාදර්ශය කුමක් ද කියා නිශ්චිත ව කියන්න බැහැ.
ක්වොන්ටම් සුසමාදර්ශයක් තිබෙන බවත් එය සියළු සම්භාව්‍ය සුසමාදර්ශවලින් වෙනස් බවත්
පැහැදිලියි. එය නිව්ටෝනීය සුසමාදර්ශයෙන් මෙන් ම අයින්ස්ටයිනීය සුසමාදර්ශවලිනුත්
වෙනස්. එහෙත් ක්වොන්ටම් සුසමාදර්ශය කුමක් දැයි අදත් නිශ්චිත ව කියන්න බැහැ.
මා අයින්ස්ටයිනීය සුසමාදර්ශ දෙකක් ගැන සඳහන් කරන්නේ ඔහුගේ විශේෂ
සාපේක්‍ෂතාවාදයේ සුසමාදර්ශය හා සාධාරණ සාපේක්‍ෂතාවාදයේ සුසමාදර්ශය අතර වෙනසක්
තියෙන නිසා. පළමුවැන්නෙන් ඔහු කෙළේ සියලු ඊනියා අවස්ථිති රාමුවල භෞතික විද්‍යාවේ
නියම එකම ආකාරයක් ගත යුතු බවත් ඒ සෑම රාමුවක ම මැනෙන ආකාරයට ආලෝකයේ ප්‍රවේගය
නියතයක් විය යුතු බවත් ප්‍රකාශ කිරීමයි. එය නිව්ටෝනීය සුසමාදර්ශයෙන් වෙනස්.
ඊනියා අවස්ථිති රාමු නිව්ටන්ගේ වැඩක්. ඒ කියන්නෙ ඒ රාමු හැදුවෙ
නිව්ටන්. ඒ වුණාට භෞතික විද්‍යාවෙ නියම නීති ඒ රාමුවල එක ම ආකාරයක් ගත්තෙ නැහැ.
විද්‍යුත්චුම්බක වාදයෙ මැක්ස්වෙල් සමීකරණ ඒ සඳහා හොඳ උදාහරණයක්. ඒ සමීකරණ අවස්ථිති
රාමුවෙන් රාමුවට වෙනස් ආකාරයක් ගත්තා. අයින්ස්ටයින්ට එය හිසරදයක් වුණා. අද
නිව්ටන්ගෙ නියම ඉගෙන ගන්න සිසුන්ටවත් උගන්වන ගුරුවරුන්ටවත් ඒක හිසරදයක් නො වෙයි.
ඔවුන් තවමත් නිව්ටෝනීය භෞතික විද්‍යාව නිමාවූ පද්ධතියක් ලෙස ගන්නවා. ගුරුවරු
නිකම්වත් ඒකෙ වරදක් කියලා දෙන්නෙ නැහැ. කියලා දුන්නොත් අස්කරන්නත් ඉඩ තියෙනවා.
අවකාශ කාලය යන සංකල්පයත් මින්කොව්ස්කි සමග විශේෂ සාපේක්‍ෂතාවාදයට එක් වුණා.
අයින්ස්ටයින් තම දෙවැනි සුසමාදර්ශයෙන් කිව්වෙ භෞතික විද්‍යාවෙ නියම
ඕනෑම රාමුවක එක ම ආකාරයක් ගත යුතු ය කියලා. ඒ කිව්වෙ ඊනියා අවස්ථිති සමුද්දේශ
රාමුවල විතරක් නොවෙයි අවස්ථිති රාමුවලට සාපේක්‍ෂව ත්වරණවලින් ගමන් කරන, චලනය වන සමුද්දේශ රාමුවලත් භෞතික විද්‍යාවෙ
නියම එකම ආකාරයක් ගත යුතු බවයි. දැන් මෙය වැදගත් වෙනසක්. එක් අතකින් ඊනියා
අවස්ථිති සමුද්දේශ රාමු ගැන නිව්ටන් කිව්වත් ඒ රාමු හොයා ගන්න හැටි නිශ්චිත ව
කියලා තිබුණෙ නැහැ.
අයින්ස්ටයින් තම දෙවැනි සුසමාදර්ශයෙන් කෙළෙ ඊනියා අවස්ථිති සමුද්දේශ
රාමු විසි කර දැමීමයි. ඕනෑම සමුද්දේශ රාමුවක භෞතික විද්‍යාවෙ නියම නීති ලියන්න
පුළුවන් බවත් ඒ එකම ආකාරයක් ගත යුතු බවත් ඔහු කිව්වා. ඔහු චිත්ත පරීක්‍ෂණ
කප්පිත්තෙක්. මහු කියා හිටියා කිසිවකු ජනේලයකින් පැන යම්කිසි වස්තුවක් අතහැරියොත්
ඒ පැන්න අයගේ අවස්ථිති රාමුවේ තමා ළඟින් ම සිටින සේ වස්තුව චලනය වන්නේ නම් ඔහුට
සාපේක්‍ෂව වස්තුවට ත්වරණයක් නැති බව. වෙනත් වචනවලින් කිව්වොත් පැනපු අයගෙ සමුද්දේශ
රාමුවෙ ගුරුත්වාකර්ෂණයක් නැති බව. ඒ රාමුවෙ අර වස්තු (වෙන බලයක් නැත්නම්) හීන්
සීරුවෙ අතහැරිය නම් නිශ්චල ව පවතිනවා.
ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නැහැ කියලා කිව්ව ම පඬියන් අපට කියන්නෙ
පැනලා බලන්න කියලා. අපටත් කියන්න වෙන්නෙ පැනලා බැලුව ම ගුරුත්වාකර්ෂණයක් නැති බව
පෙනේවි කියලා. දැන් මේකට මත පතුරු යන්න බණීවි. එහෙත් ඒ සෑම බැණුමක් ව මියගිය
අයින්ස්ටයින්ට බව මතක තියා ගන්න. ඒ අයින්ස්ටයින්ගෙ කතාවක් මිස මගේ කතාවක් නො වෙයි.
අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ක්‍ෂෙත්‍රයක් ඉදිරිපත් කළා. ඒ ක්‍ෂෙත්‍රයෙහි
වස්තු චලනය වන විධිය තේරුම් ගන්න අප
ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් නිර්මාණය කර ගන්නවා.
අයින්ස්ටයින් තම සුසමාදර්ශය මත ප්‍රවාදයක් (අවකාශ - කාලය ද්‍රව්‍ය හා විකිරණ විසින් නිර්මිත ය යන්න) සකස් කර ගත්තෙ
අවුරුදු දහයක් ගිහිල්ලා. ඔහු ඒ අතරතුර නොයෙක් හිතළු ඉදිරිපත් කළා. ඒ හිතළු ඔහු ඊළඟ
පත්‍රිකාවෙන් වැරදි කියලා බැහැර කළා. ඒ පත්‍රිකාවල පරස්පර බොහොමයි. අලුතෙන් ප්‍රවාදයක්
සංස්කරණය කරන කොට වැරදි සිද්ධ වෙනවා. එක හිතළුවක් ගන්නවා. ඒක හරි නැහැ, වැඩ කරන්නෙ නැහැ කියලා දැක්ක ම තව එකක්
ඉදිරිපත් කරනවා. දැනුම නිමාවූ නිෂ්පාදිතයක් (ඊනියා හොයා ගත් දෙයක්) ලෙස ඉගෙන ගත්
අය මේ පරස්පර දකින්නෙ නැහැ. මෙරට නම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුත් ආචාර්ය උපාධි
ලබාගත්තත් දැනුමක් සංස්කරණය කරන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ වාටියෙ තියෙන පොඩි ගැටළුවක් තියෙන දැනුම යොදාගෙන විසඳන
එක පමණයි. එබැවින් ඔවුන්ට ප්‍රවාදයක් නිර්මාණය කිරීමේ දී සකස්වන හිතළු පෙනෙන්නෙ
පරස්පර ලෙස. සුසමාදර්ශයක් සකස් කරන අයුරු ඔවුන් කොහොමටවත් දන්නෙ නැහැ. ඔවුන්ට
චින්තනය යන්න සකස් කරනවා තියා තේරෙන්නෙත් නැහැ.