Main Logo

Showing posts with label Christian Modernity. Show all posts
Showing posts with label Christian Modernity. Show all posts

Thursday, 27 June 2019

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ  

පේරාදෙණියේ සිංහලෙන් ඉතිහාසය උගන්නන්න පටන් ගත්ත කාලයෙ එක් ඉතිහාස කථිකාචාර්යවරයකු ප්‍රංශ  විප්ලවයට ප්‍රංශ  හුටපටේ  කිව්වළු. ඒ ඔහුගෙ සිංහල දැනුමෙ අඩුපාඩුවක් නිසා වූ බවයි එකල ශිෂ්‍යයන් කිව්වෙ. ඒත් මා නම් හිතුවෙ හුටපටේ කියල කියන්න හොඳ සිංහල දැනුමක් අවශ්‍ය බවයි. ප්‍රංශ විප්ලවය කියන්නෙ පහළොස්වැනි සියවසේ ඇරඹුණු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පසුව ඇති වූ වැදගත් මං සලකුණක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය බොහෝ සංකල්ප බිහි කෙරුණෙ ප්‍රංශ  මහා විප්ලවයෙන්.

Monday, 22 April 2019

පාස්කු ඉරිදා උදයේ

පාස්කු ඉරිදා උදයේ

ලංකාවට තවත් ත්‍රස්තවාදයක් ඇවිල්ලා. එය මොන ත්‍රස්තවාදයක් ද කියන එක ටික දවසකින් පැහැදිලි වේවි. දැනට මේ ත්‍රස්තවාදයට බටහිර රටවල විශාල ප්‍රචාරයක් ලැබෙනවා. බොහෝ බටහිර රටවල පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය ලංකාවයි. මා හිතන්නෙ නැහැ කොටි ත්‍රස්තවාදයට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණා කියා. එහි දී ප්‍රසිද්ධියක් ලැබුණා නම් ඒ සිංහල බෞද්ධයන්ගේ ඊනියා කෘරකම්වලට හමුදාව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ ව.  මේ ත්‍රස්තවාදය පාස්කු ඉරිදා දිනක සිදුවීමත් එයට පල්ලි තුනක් හසුවීමත් බටහිර ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධ ව විවිධ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කිරීමට හේතු වී තියෙනවා. කොහොමටත් ක්‍රිකට් නිසා දැන් ප්‍රසිද්ධියක් නැති විටෙක මේ ප්‍රසිද්ධියත් මොන විධියකින් හරි වටිනවා.

Saturday, 30 March 2019

නූතනත්වයේ හරය


නූතනත්වයේ හරය



විසිවැනි සියවස ආරම්භයේ සිට ම වගේ බටහිර නූතනත්වයේ පරිවාර අදහස් කඩා වැටෙන්න පටන් ගත්ත. පරිවාර අදහස් කීවාට ඒව වාටියෙ (පරිධියෙ) අදහස් නොවෙයි. ඒවත් වැදගත්. ඒත් හරය ම නො වෙයි. නිශ්චිතභාවය, හේතුවාදය, ඌනිතවාදය, නිරපේක්‍ෂතාව, වාස්තවිකත්වය, යථාර්ථය ආදී අදහස් ප්‍රශ්න කෙරෙන්න පටන් ගත්ත. එහෙත් එයටත් කලින් පශ්චාත්නූතන කියන වචන පාවිච්චි වුණා. විශේෂයෙන් ම චිත්‍රකලාවෙ නූතනත්වය පන්නපු චිත්‍ර ගැන කතා කෙරුණා. චිත්‍රකලාවෙන් පස්සෙ බටහිර විද්‍යාවෙ තමයි නූතනත්ව අදහස් ප්‍රශ්න කෙරුණෙ.

Thursday, 21 March 2019

ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට  අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැහැ.