පාස්කු ඉරිදා උදයේ
ලංකාවට
තවත් ත්‍රස්තවාදයක් ඇවිල්ලා. එය මොන ත්‍රස්තවාදයක් ද කියන එක ටික දවසකින් පැහැදිලි
වේවි. දැනට මේ ත්‍රස්තවාදයට බටහිර රටවල විශාල ප්‍රචාරයක් ලැබෙනවා. බොහෝ බටහිර රටවල
පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය ලංකාවයි. මා හිතන්නෙ නැහැ කොටි ත්‍රස්තවාදයට
මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණා කියා. එහි දී ප්‍රසිද්ධියක් ලැබුණා නම් ඒ සිංහල
බෞද්ධයන්ගේ ඊනියා කෘරකම්වලට හමුදාව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ ව. මේ ත්‍රස්තවාදය පාස්කු ඉරිදා දිනක සිදුවීමත් එයට පල්ලි තුනක්
හසුවීමත් බටහිර ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධ ව විවිධ දේශපාලනඥයන් ප්‍රකාශ
නිකුත් කිරීමට හේතු වී තියෙනවා. කොහොමටත් ක්‍රිකට් නිසා දැන් ප්‍රසිද්ධියක් නැති
විටෙක මේ ප්‍රසිද්ධියත් මොන විධියකින් හරි වටිනවා.
ආගම්
අනුව ලංකාවේ ජන ප්‍රතිශත 2011 දී මෙසේ
යි. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3. ඉතිරි 0.1 අනාගමික ද දන්නෙ නැහැ. එත් සිවල් සමාජවල පඬියන් අතර එතරම් අනාගමික
පිරිසක් නැහැ. ඒ කොහොම වුණත් අනාගමික කියන්නෙත් ක්‍රිස්තියානි නූතනත්වයේ ම
පිරිසක්. ආගම අතින් එසේ වුවත් ලංකාවේ දේශපාලන බලය තියෙන්නෙ අනෙක් පැත්තට. දේශපාලන වශයෙන් වඩාත් බලවත් ක්‍රිස්තියානි සංස්කෘතිය, ඊළඟට කතෝලික ඊට පසු මුස්ලිම් සංස්කෘතිය, ඊළඟට හින්දු
අවසාන වශයෙන් බෞද්ධ සංස්කෘතිය.
විවිධ
වර්ගවල ත්‍රස්තවාද තියෙනවා. දේශපාලන ත්‍රස්තවාද,
සංස්කෘතික ත්‍රස්තවාද, ආගමික ත්‍රස්තවාද, මතවාදී ත්‍රස්තවාද, ආර්ථික
ත්‍රස්තවාද ආදී වශයෙන්. එකල කොළඹ විශ්වවිද්‍යාලයෙහි සුවාදීන සිසුන්ගේ මතවාදී ත්‍රස්තවාදයක්
තිබුණා. එයට ධර්මසිරිලාගේ දේශපාලන ත්‍රස්තවාදයත් මිශ්‍ර වුණා. ප්‍රා සංවිධානය මහජන
පක්‍ෂය සුවාදීන කණ්ඩායම එකල එකට වැඩ කළා. ඔවුන් පරදවන්නත් යම් ආකාරයක ත්‍රස්තවාදයක්
අවශ්‍ය වුණා. අද සුවාදීනයන් ජනාධිපති ළඟ, අගමැති
ළඟ, විවිධ දේශපාලනඥයන් ලෙස, ආණ්ඩුකාරයන් ලෙස, ඊනියා
බුද්ධිමතුන් ලෙස විශ්වවිද්‍යාලවල හා රාජ්‍ය නොවන දාස කණ්ඩායම්වල සේවය කරනවා. වෙනත්
වචනවලින් කියනවා නම් බඩ වියත රැක ගන්නවා.
ඔවුන් ඒ
සඳහා මුසාබස් දොඩනවා. මුසාබස් කියන්නෙ බොරුවල කොටසක්. අප හැමෝම බොරු කියනවා. මේ
කියමනත් බොරුවක් තමයි. එ කතාව ද්විකෝටිකයේ විසඳගන්න පඬියන්ට තබා රසල්, ටාස්කි (Tarski) වැන්නන්ටවත්
බැහැ. අනුන්ගේ ගීත ගයන නොවෙයි කියන පඬියන්ට කොහොමටත් බැහැ. සුවාදීනයන් ජ වි පෙ, පෙරටුගාමීන් විතරක් නොවෙයි ජාතික හෙළ උරුමයත් මුසා කියනවා. ඒ පක්‍ෂෙට
ජාතික මුසා උරුමය කිවුවත් වරදක් නැහැ.
පාස්කු
ඉරිදා අපට දැන් වැදගත් වන්නේ හුණුවටයේ කතාව හින්ද ම නොවෙයි. ඊයේ සිදු වූ ත්‍රස්තවාදී
ප්‍රහාරය කතෝලික පල්ලි එල්ල කරගත් එකක් ම නො වෙයි. එහෙම නම් නමගිය හෝටල්වලට ප්‍රහාර
එල්ල කරන්න අවශ්‍ය නැහැ. තව පල්ලි දෙක තුනක් හොයා ගන්න තිබුණා. මට හිතෙන්නෙ පල්ලි
තෝරාගෙන තියෙන්නෙ නොමග යැවීමකට කියලා. මේ ත්‍රස්තවාදය ගැන බුද්ධි අංශ කිසිවක්
දැනගෙන හිටිය බවක් පේන්න නැහැ. අර අප්රේල් 11 නියෝජ්‍ය
පොලිස්පති ලිපියක් යවල තියෙන්නෙ ප්‍රභූ ආරක්‍ෂක
කොට්ඨාශවල අධ්‍යක්‍ෂවරුන්ට. ඒ ලිපියෙන් කියැවෙන්නෙ ප්‍රභූන්ට හා තමන් ආරක්‍ෂාව සපයන
තැන්වලට ආරක්‍ෂාව සපයන්න කියා. කතෝලික පල්ලිවලට ආරක්‍ෂාවක් සපයන්න කියල නැහැ. අර
ස්ථානවලට පොලිස්පතිට ඕන නම් පල්ලි කියල අර්ථකථනයක් කරල ලකුණු ටිකක් දා ගන්න
පුළුවන්.
ඔය යවල
තියෙන ලිපිය හදිසියේ ම සමාජ මාධ්‍යවලට මුදා හැරියේ කවුද මොකද කියන ප්‍රශ්න
තියෙනවා. ලකුණු දා ගැනීම කාගෙ කාගෙත් ප්‍රධාන රාජකාරිය වෙලා. බුද්ධි අංශ දුර්වල
වෙලා කියන අතරෙ ම එවැනි පුරෝකථන කරන්න පොලිස්පති සමත් වෙන්නෙ කොහොම ද? ඒ ලිපියෙ මුස්ලිම් සංවිධානයක් ගැනත් තියෙන එක පොලිස්පතිට හොඳට ගියා.
මේ ත්‍රස්තවාදය
මුස්ලිම් ත්‍රස්තවාදයක් කියල කියන්න මා ඉක්මන් වෙන්නෙ නැහැ. මෙයට මුස්ලිම් අය
සහභාගි වෙලා තියෙනවා. ඊයේ උදේ පිපිරුණු බෝම්බවලට පසුව පිපුරුණු බෝම්බ ත්‍රස්තවාදීන්
අල්ලා ගැනීමට ගිය අතර පිපිරුණු බෝම්බ. උදේ බෝම්බ
හයක් පුපුරුවල තියෙනවා. ඒව එතරම් සැලසුම් සහගත ව පුපුරපු ඒවා කියල පේන්නෙ නැහැ.
එහි වෘත්තීයම භාවයක් පේන්නෙ නැහැ. ඇතැම්විට පිටරට මුස්ලිම් අයත් සහභාගි වෙන්න ඇති.
ඔවුන්ට සමහරවිට මුස්ලිම් කතාත් කියන්න ඇති.
කෙසේ වෙතත් මෙයට ප්‍රධාන වශයෙන් ම පාතාලය හා මත්ද්‍රව්‍ය සම්බන්ධයක්
පේන්න තියෙනවා. මා රහස් පරීක්‍ෂකයකුවත් බුද්ධි අංශ නිලධාරියකුවත් නො වෙයි. එහෙත්
දෙමටගොඩ දෙහිවල පාණදුරේ සරික්කම්මුල්ල බෝම්බ මෙන් ම කුඩුත් හංගල තියෙන ප්‍රදේශ.
මෙයට සහභාගි වුවන් ඉක්මණින් ම සොයා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ එතරම් හොඳින්
පිපිරීම් සැලසුම් කර ඇති බවක් පේන්නෙ නැති නිසා. කොහොමටත් කලබල නොවී ඉන්න ඕන.
බටහිරයන් බලාවි සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට විරුද්ධව මෙහෙයවන්න.