Main Logo

Showing posts with label Underground. Show all posts
Showing posts with label Underground. Show all posts

Monday, 22 April 2019

පාස්කු ඉරිදා උදයේ

පාස්කු ඉරිදා උදයේ

ලංකාවට තවත් ත්‍රස්තවාදයක් ඇවිල්ලා. එය මොන ත්‍රස්තවාදයක් ද කියන එක ටික දවසකින් පැහැදිලි වේවි. දැනට මේ ත්‍රස්තවාදයට බටහිර රටවල විශාල ප්‍රචාරයක් ලැබෙනවා. බොහෝ බටහිර රටවල පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය ලංකාවයි. මා හිතන්නෙ නැහැ කොටි ත්‍රස්තවාදයට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණා කියා. එහි දී ප්‍රසිද්ධියක් ලැබුණා නම් ඒ සිංහල බෞද්ධයන්ගේ ඊනියා කෘරකම්වලට හමුදාව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ ව.  මේ ත්‍රස්තවාදය පාස්කු ඉරිදා දිනක සිදුවීමත් එයට පල්ලි තුනක් හසුවීමත් බටහිර ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධ ව විවිධ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කිරීමට හේතු වී තියෙනවා. කොහොමටත් ක්‍රිකට් නිසා දැන් ප්‍රසිද්ධියක් නැති විටෙක මේ ප්‍රසිද්ධියත් මොන විධියකින් හරි වටිනවා.