Main Logo
Showing posts with label
terrorism
.
Show all posts
Showing posts with label
terrorism
.
Show all posts
Saturday, 27 June 2020
කරුණා, අයිවන් හා ඇඩෙල්
෦
෧
෨
෩
෪
෫
෬
෭
෮
෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3
4
5 6 7 8 9
කරුණා, අයිවන් හා ඇඩෙල්
කරුණා අම්මාන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙස අර කුප්‍ර්‍රසිද්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාගම (කවුන්සිලය - මා හිතන්නේ සමාගම කියන වචනය හොඳය කියා. අවශ්‍ය නම් සීමාසහිත කියන කොටස මුලට එකතු කරමු) ට්විටර් පණිවුඩයකින් ඉල්ලලා. මෙහි දී මට මතක් වෙනවා දෙදෙනකු. එක්කෙනෙක් කලක් ගුණදාස අමරසේකර විසින් ප්‍රඥාංකුරයකු ලෙස හැඳින්වුණු වික්ටර් අයිවන්. මා ඒ ගැන අමරසේකරට දොස් කියන්නේ නැහැ. අමරසේකර දැන් අයිවන්ගේ ප්‍රඥාව ගැන දන්නවා. මට මතක් වන අනෙක් තැනැත්තා තැනැත්තියක් නමින් ඇඩෙල් බාලසිංහම්. සිංහල බෞද්ධ විරෝධී ක්‍රිස්තියානි මාක්ස්වාදියකු ද වූ ඇන්ටන් බාලසිංහම් ස්ටැනිස්ලෝස්ගෙ ඕස්ත්‍රේලියානු සම්භවයක් ඇති බිරිය. ඇය තවමත් ජීවත්වනවා ද කියා මට නිච්චියක් නැහැ.
Read more »
Monday, 22 April 2019
පාස්කු ඉරිදා උදයේ
පාස්කු ඉරිදා උදයේ
ලංකාවට තවත් ත්‍රස්තවාදයක් ඇවිල්ලා. එය මොන ත්‍රස්තවාදයක් ද කියන එක ටික දවසකින් පැහැදිලි වේවි. දැනට මේ ත්‍රස්තවාදයට බටහිර රටවල විශාල ප්‍රචාරයක් ලැබෙනවා. බොහෝ බටහිර රටවල පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය ලංකාවයි. මා හිතන්නෙ නැහැ කොටි ත්‍රස්තවාදයට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණා කියා. එහි දී ප්‍රසිද්ධියක් ලැබුණා නම් ඒ සිංහල බෞද්ධයන්ගේ ඊනියා කෘරකම්වලට හමුදාව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ ව.
මේ ත්‍රස්තවාදය පාස්කු ඉරිදා දිනක සිදුවීමත් එයට පල්ලි තුනක් හසුවීමත් බටහිර ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධ ව විවිධ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කිරීමට හේතු වී තියෙනවා. කොහොමටත් ක්‍රිකට් නිසා දැන් ප්‍රසිද්ධියක් නැති විටෙක මේ ප්‍රසිද්ධියත් මොන විධියකින් හරි වටිනවා.
Read more »
Sunday, 21 April 2019
නැවතත් ත්‍රස්තවාදය
නැවතත් ත්‍රස්තවාදය
අද උදෑසන බෝම්බ කිහිපයක් පුපුරලා කොළඹත් මඩකලපුවේත්. කතෝලික දේවස්ථානවල හා තරු පහේ හෝටල්වල. එයින් මියගිය අය ගැන අපේ ශෝකය.
නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවලා. කොටින්ටත් කරන්න බැරි වුණු විධියට එකවිට කිහිප තැනක බෝම්බ පුපුරුවලා.
බුද්ධි අංශය දුර්වල කළ අයත් මේවාට වග කියන්න ඕන
Monday, 18 February 2019
යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම
යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම
අද සිංහල ජාතිය සන්ධිස්ථානයකට පැමණ සිටිනවා. මේ අවුරුදු පන්සියයකට ටිකක් වැඩි කාලයක් තිස්සේ අප මුහුණ දෙන ප්‍රශ්නයක්
උච්චස්ථානයකට පත්වීමක්. මා ඇතැම් විට කියා තිබෙනවා අප යුද්ධයෙහි දක්‍ෂයන් එහෙත් අප ගිවිසුම්වලින් පරදිනවා කියා. මේ පැරදීමට හේතුව අප සංකල්පීය වශයෙන් නොහිතන එක. මා මෙහි යුද්ධය කියා සඳහන් කළත් එය නිවැරදි නැහැ. මා කිව යුත්තේ අප හමුදා මෙහෙයුම්වල දක්‍ෂයන් කියායි. යුද්ධය කියන්නේ හමුදා මෙහෙයුම්වල එක් අංගයක් පමණයි.
Read more »
Wednesday, 24 May 2017
මැන්චෙස්ටර් බෝම්බය
මැන්චෙස්ටර් බෝම්බය
මැන්චෙස්ටර් උතුරු එංගලන්තයේ ප්‍රධාන ම නගරය. එය ඇත්තේ ලැන්කෂයර් කෝරළයේ. එය කාර්මික විප්ලවයේ උපත සිදු වූ තැන ලෙස සැලකෙනවා. දැන් නම් ලන්ඩනයේ සිට පැය දෙකක ගමනක්. ලිවර්පූල් නගරයත් වෑඩි ඈතක නොවෙයි. බටහිර විද්‍යාවේ ඇතැම් සංකල්ප
,
ප්‍රවාද නිර්මාණය වී ඇත්තේත් මැන්චෙස්ටර් නගරයේ. නවසීලන්තයේ සිට පැමිණි රදර්ෆර්ඩ් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේත් කලක් හිටියා. ඔහුගේ පරමාණු ආකෘතිය ඔහු ඉදිරිපත් කෙළේ ඒ විශ්වවිද්‍යාලයේ දී බව කියැවෙනවා. දැන් එය බොරුවක් බව දන්නවා. ඒත් එදා ඒක පිළිගැණුනා. පට්ටපල් බොරුවක් වුවත් ඒක හොඳ අදහසක්. මැන්චෙස්ටර් පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවලටත් ප්‍රසිද්ධයි. සුප්‍රසිද්ධ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගන ඇත්තේ එකිනෙකට නුදුරින් මැන්චෙස්ටර්හි. පාපන්දු ක්‍රීඩාංගනය මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ මූලස්ථානය. බොබී චාර්ල්ටන් එහි දක්‍ෂතම ක්‍රීඩකයෙක් වූවා. ක්‍රිකට් ක්‍රීඩාංගනය ලැන්කෂයර් ක්‍රිකට් සමාජයේ මූලස්ථානය. දඟ පන්දු යැවූ සුප්‍රසිද්ධ ජිම් ලේකර් එහි දී එක් ටෙස්ට් තරගයක දී කඩුළු
19
ක් ම ලබාගත්තා. ඒ අප ළමා හා තරුණ අවධියේ දැනගත් දේ.
Read more »
Tuesday, 20 December 2016
කතාවේ දෙවැනි කොටස
කතාවේ දෙවැනි කොටස
විය හැකි කතාවක් යන්න විය හැකි දෙයක් මිස නිසැකයෙන් ම වෙන දෙයක් නො වෙයි. කොහොමත් කාලය කියන්නෙ පඤ්ඤත්තියක් විතරයි. එය පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. මේ ගැන වෙන ම ලියන්න ඕන. කාලය අතර අහපු ඇතැමුන්ට එය තේරිලා නැහැ. ක්වොන්ටම් භෞතිකයේත් කාලය කාරකයක් ලෙස ගන්නේ නැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නැති නිසා. ඒත් ඒ සඳහා අනිශ්චතතා අසමානතාවක් ලියන්න පුළුවන්. අටුවාවේ කාලය පඤ්ඤත්තියක් පමණක් බව කියන අතර අභිධර්මයෙහි චිත්තක්‍ෂණ ගැන කියැවෙනවා. චිත්තක්‍ෂණ ගැන කතා කරන්නේ කාලය පවතී යන අරුතකින්. අප බුදුදහම සන්දර්භයෙන් තොර යථාර්ථයක් ලෙස ගෙන වැරදි නිගමනවලට එළඹෙනවා. අනාගතය දකින්න හැකි අය ඉන්නවා. ඒ අනාගතය දකින්නේ වත්මනෙහි පවතින්නේ යැයි කියන යම් යම් අවශ්‍යතා මත පදනම් වෙලා. ඒවා වෙනස් කරන්න පුළුවන්. එවිට ඇත්තේ වෙන ම කතාවක්. අංගුලිමාල තම මව මැරීමට එන බව බුදුන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මැදිහත් වී එය වැළැක්වූවා. අනාගතය වෙනස් කළා. මෙහි සිදුවන්නේ අනාගතයේ දී සිදුවිය හැකි අවස්ථා කිහිපයක් ඇති බවත් ඒ ඒ අවස්ථාව ඇති වන්නේ කෙසේ දැයි දැනගෙන ඒ අනුව කටයුතු කිරීමත්. අංගුලිමාලට පංචානන්තරීය පාප කර්මයක් කිරීමට මෙන් ම නිවන් දැකීමටත් හැකි කමක් (සම්භාවිතාවක්) තිබුණා. යම් යම් අවශ්‍යතා යටතේ ඒ දෙක සිදු විය හැකි ව තිබුණා. බුදුන් වහන්සේ මැදිහත්වීම එක් අවශ්‍යතාවක්. බුදුන් වහන්සේ මැදිහත් නූන නම් අංගුලිමාල තම මව මරනවා. බුදුන් වහන්සේ එය දැක වැළැක්වූවා.
Read more »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)