Main Logo

Showing posts with label Bomb Explosion. Show all posts
Showing posts with label Bomb Explosion. Show all posts

Wednesday, 24 May 2017

මැන්චෙස්ටර් බෝම්බය


මැන්චෙස්ටර් බෝම්බය



මැන්චෙස්ටර් උතුරු එංගලන්තයේ ප්‍රධාන ම නගරය. එය ඇත්තේ ලැන්කෂයර් කෝරළයේ. එය කාර්මික විප්ලවයේ උපත සිදු වූ තැන ලෙස සැලකෙනවා. දැන් නම් ලන්ඩනයේ සිට පැය දෙකක ගමනක්. ලිවර්පූල් නගරයත් වෑඩි ඈතක නොවෙයි. බටහිර විද්‍යාවේ ඇතැම් සංකල්ප, ප්‍රවාද නිර්මාණය වී ඇත්තේත් මැන්චෙස්ටර් නගරයේ. නවසීලන්තයේ සිට පැමිණි රදර්ෆර්ඩ් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේත් කලක් හිටියා. ඔහුගේ පරමාණු ආකෘතිය ඔහු ඉදිරිපත් කෙළේ ඒ විශ්වවිද්‍යාලයේ දී බව කියැවෙනවා. දැන් එය බොරුවක් බව දන්නවා. ඒත් එදා ඒක පිළිගැණුනා. පට්ටපල් බොරුවක් වුවත් ඒක හොඳ අදහසක්. මැන්චෙස්ටර් පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවලටත් ප්‍රසිද්ධයි. සුප්‍රසිද්ධ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගන ඇත්තේ එකිනෙකට නුදුරින් මැන්චෙස්ටර්හි. පාපන්දු ක්‍රීඩාංගනය මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ මූලස්ථානය. බොබී චාර්ල්ටන් එහි දක්‍ෂතම ක්‍රීඩකයෙක් වූවා. ක්‍රිකට් ක්‍රීඩාංගනය   ලැන්කෂයර් ක්‍රිකට් සමාජයේ මූලස්ථානය. දඟ පන්දු යැවූ සුප්‍රසිද්ධ ජිම් ලේකර් එහි දී එක් ටෙස්ට් තරගයක දී කඩුළු 19ක් ම ලබාගත්තා. ඒ අප ළමා හා තරුණ අවධියේ දැනගත් දේ.