ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ
පේරාදෙණියේ සිංහලෙන් ඉතිහාසය උගන්නන්න පටන් ගත්ත කාලයෙ එක් ඉතිහාස කථිකාචාර්යවරයකු ප්‍රංශ විප්ලවයට ප්‍රංශ හුටපටේ කිව්වළු. ඒ ඔහුගෙ සිංහල දැනුමෙ අඩුපාඩුවක් නිසා වූ බවයි එකල ශිෂ්‍යයන් කිව්වෙ. ඒත් මා නම් හිතුවෙ හුටපටේ කියල කියන්න හොඳ සිංහල දැනුමක් අවශ්‍ය බවයි. ප්‍රංශ විප්ලවය කියන්නෙ පහළොස්වැනි සියවසේ ඇරඹුණු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පසුව ඇති වූ වැදගත් මං සලකුණක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය බොහෝ සංකල්ප බිහි කෙරුණෙ ප්‍රංශ මහා විප්ලවයෙන්.