නූතනත්වයේ හරය
විසිවැනි සියවස ආරම්භයේ සිට ම වගේ බටහිර නූතනත්වයේ පරිවාර අදහස් කඩා වැටෙන්න පටන් ගත්ත. පරිවාර
අදහස් කීවාට ඒව වාටියෙ (පරිධියෙ) අදහස් නොවෙයි. ඒවත් වැදගත්. ඒත් හරය ම නො වෙයි. නිශ්චිතභාවය, හේතුවාදය, ඌනිතවාදය, නිරපේක්‍ෂතාව, වාස්තවිකත්වය, යථාර්ථය ආදී අදහස් ප්‍රශ්න කෙරෙන්න පටන් ගත්ත. එහෙත් එයටත් කලින්
පශ්චාත්නූතන කියන වචන පාවිච්චි වුණා. විශේෂයෙන් ම චිත්‍රකලාවෙ නූතනත්වය පන්නපු
චිත්‍ර ගැන කතා කෙරුණා. චිත්‍රකලාවෙන් පස්සෙ බටහිර විද්‍යාවෙ තමයි නූතනත්ව අදහස්
ප්‍රශ්න කෙරුණෙ.