Main Logo

Showing posts with label nationalism. Show all posts
Showing posts with label nationalism. Show all posts

Thursday, 28 May 2020

සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම




ඊයේ මා කියා සිටියේ මිනිසුන් ඊනියා තර්ක හේතු ඉදිරිපත් කරන්නේ තමන්ගේ හිතළු (නිගමන) තහවුරු කිරීමට මිස අනෙක් පැත්තට නොවන බවයි. එනම් මිනිසුන් ඊනියා තර්ක හේතු ආදිය උපයෝගි කර ගෙන නිගමනවලට නොඑළඹෙන බවයි. අද ලෝකයේ ධනවාදයක් හා සමාජවාදයක් අතර සටනක් නැහැ. දේශපාලන පක්‍ෂ බෙදෙන්නේත් එවන් මතවාදී අරගලයක් වෙනුවෙන් නො වෙයි. අද ඇත්තේ ජාතිකත්ව පක්‍ෂ හා ජාතිකත්ව විරෝධී පක්‍ෂ. බටහිර බොහෝ විට ජාතිකත්ව පක්‍ෂ දැකිය හැක්කේ ඊනියා දක්‍ෂිණාංශයෙහි. ඊනියා වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ බොහෝ විට තවමත් ජාත්‍යන්තරවාදී ස්වරූපයක් ගන්නවා. 

Wednesday, 27 May 2020

කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක 





මිනිසුන් තර්කවලින් නිගමනවලට පැමිණෙණ්නේ යැයි කීම කවුරුන් ඇති කරන ලද කතාවක් වුණත් වැඩ සිද්ධ වෙන්නේ එහෙම නො වෙයි. අප නිගමනවලට (උපකල්පනවලට) පැමිණ ඉන් පසු තර්ක හොයනවා. හිතනවාද නිවුටන් ගුරුත්වාකර්ෂණය ගැන තර්කානුකූල ව නිගමනය කළා කියා. ජීවිතයේ කිසිම දිනෙක දැනුමක් සංස්කරණය නොකළ අයකු නම් එසේ සිතනවා ඇති. 

Friday, 7 February 2020

ට්‍රම්ප් හා ජාතිකත්වය

       සිංහල ලිත් ඉලක්කම්


ට්‍රම්ප් හා ජාතිකත්වය

මේ ජනාධිපතිවරණ වසරක්. ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි. ඩෙමොක්‍රටික් පක්‍ෂය නැවතත් සැන්ඩර්ස් කෙනකු සොයන එකක් නැහැ. සැන්ඩර්ස්ලා, එංගලන්තයේ කෝබින්ලා බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා. එහෙත් එය අද ලෝකයේ නැහැ. 

Monday, 6 January 2020

ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම්

  සිංහල ලිත් ඉලක්කම්


ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම්



ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ප්‍රශ්නය අද ඊයේ එකක් නොවෙයි. රාම රාවණ කතාව එහෙමත් නැත්නම් මූලික වශයෙන් රාමායණය විතරක් නොවෙයි ඔඩිසි ඉලියඩ් කෘතිවලිනුත් පෙන්නුම් කරන්නේ මේ ප්‍රශ්නයයි. පඬියන්  පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත් ප්‍රශ්නයක් කියලා. කසිකබල් මාක්ස්වාදී පඬියන්ට ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ඊනියා අපෝහක සම්බන්ධය ගැන සති ගණන් කතා කරන්න පුළුවන්. එහෙත් අපෝහකය කියන්නෙ මොකක් ද කියල ඇහුවොත් කියන්න බැහැ. එංගල්ස්ගෙ ඩයලෙක්ටික්ස් ඔෆ් නේචර් කියවන්න කියල මාරුවෙයි. ඒ පොතේ ඇති අපෝහකයක් නැහැ. ඊනියා නීති තුනක් නම් තියෙනවා. 

Friday, 3 January 2020

විජේදාස හා ජ වි පෙ

  සිංහල ලිත් ඉලක්කම්


විජේදාස හා ජ වි පෙ



විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි පෙරමුණට නම් ඒ කරුණු ප්‍රශ්නයක් වෙලා. විජිත හේරත් කියනවා ඒ ගෝත්‍රවාදී කියා. අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕන. විජේදාස රාජපක්‍ෂ වගේ ම යටත්විජිත හේරත්, නැහැ විජිත හේරත් ද පඬිවරු. ජ වි පෙරමුණට නම් සළු වීමට 12.5% නොවෙයි 5%ත් ලොකු ගාණක්. ඒක 2%ටවත් අඩු කරන්න පුළුවන් නම් ජ වි පෙරමුණට හොඳයි. එතකොට අර සුපිරි මාක්ස්වාදී පෙරටුගාමීන්ට යහපතක් වෙන්න නම් ඒක 0.02%ටවත් අඩු කරන්න වෙයි. ජ වි පෙ සම්භවයක් තියෙන අය අද මොන පක්‍ෂයෙ හිටියත් මොන සංවිධානයෙ හිටියත් ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ අතිභයානක දේ හැටියට මුහුණු වෙනස් කරගෙන ඇස් උඩ තියාගෙන. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ අවුරුදු පනහකට පමණ ඉස්සර විජේවීර බේරුවල පැත්තෙ ගොඩනගමින් තිබූ හෝටලයක් ඇමරිකන් කඳවුරක් ලෙස හැඳින්වීම.

Monday, 2 September 2019

සිංහල ජාතිය නැති කරනවා ද?

     සිංහල ලිත් ඉලක්කම්


සිංහල ජාතිය නැති කරනවා ද?



ඉංගිරිසින් අපට දුන් තේ අප බොන්නේ කුමකට ද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැණූ ආකාරයට තරුණියන්ගේ සිරුර සකස් කර ගැනීමට, තරුණයන්ට තම පෙම්වතියගේ දෙමව්පියන්ගේ සිත් දිනා ගැනීමට, ලෙන්ගතුකම ඇති කර ගැනීමට සහ තවත් දේට. ඉංගිරිසින් අපට දුන් ක්‍රිකට් අප ක්‍රීඩා කරන්නේ කුමකට ද?  බිග් මැච් යනුවෙන් හඳුන්වන තරගවල දී සිසුන්ට මත්පැන් පානය කරන්න, බාලිකා පාසල්වලට කඩා වැදීමට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ යැයි කියන අයට ධනය රැස් කර ගැනීමට, ඔවුන්ට වැඩි වැඩියෙන් තරග පැරදීමට, පුහුණු කරුවන්ට දේශපාලනඥයන්ට පමණ නැති වුවත් මුදල් උපයා ගැනීමට අවස්ථාව ලබා දීමට සහ තවත් දේට. 

Monday, 26 August 2019

තිස්ස විතාරණ හා ගෝඨාභය

             සිංහල ලිත් ඉලක්කම්


තිස්ස විතාරණ හා ගෝඨාභය



ගෝඨාභය ජනාධිපතිධුර අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙරුණේ මහා සංඝයා වහන්සේ හා ජනතාව විසින් මිස පොහොට්ටුවෙන්වත් මෙරට මාක්ස්වාදී පක්‍ෂවලින්වත් නො වේ. ඒ පක්‍ෂ මුල දී ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  එහෙත් අද ඒ පක්‍ෂ ඔහු වටා රොක් වෙලා.  ඔහු ක්‍රමයෙන් පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්වෙමින් ඉන්නවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ගෝඨාභය තමාගේ තීරණය නොව ජනතාවගේ තීරණය බව ය. එහෙත් මේ සති දෙකට ජනතාව ඉන්නේ කොහේ ද?

Saturday, 10 August 2019

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය


    සිංහල ලිත් ඉලක්කම්

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය



හෙට පොහොට්ටුවේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා. එහි දී මහින්ද නායකත්වයට පත් කර ගන්නා බව කියනවා. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වෙනවා ද යන්න පැහැදිලි නැහැ. පක්‍ෂයකට (දැනට) දේශපාලන කටයුතුවල නොයෙදෙන නායකයකු ඉන්න පුළුවන්. ක්‍රීඩා  කණ්ඩාය ක්‍රීඩා නොකරන නායකයකු (non playing captain) ඉන්න පුළුවන්. 

Wednesday, 16 January 2019

වම හා වම


වම හා වම



පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම ඇතැමුනට වැදගත් යැයි සිතනවා. එය සිංහල සමාජයේ බෙදීම් ගැනත් යම් හැදෑරීමක් වෙනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්‍ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ නෂ්ටාවශේෂයක් පමණයි.

Thursday, 29 November 2018

වසන්තගේ පැනිලි


වසන්තගේ පැනිලි



විවිධ ජාතිකවාදීන් ඉන්නවා. සමහරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක් අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද ජීවත් වූවා. එය ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට ද යට වීමයි. මේ වත්මන් දේශපාලන අලකලංචිය ඉවර වුණු විටක මේ ගැන තව විස්තර ඇතිව ලියන්න ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්.

Tuesday, 2 October 2018

ට්‍රම්ප් ගොඩ නගන ලෝකය


ට්‍රම්ප් ගොඩ නගන ලෝකය



මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ දෙවැනි කතාවෙන් තම ප්‍රතිපත්තිය ලොවට ම ඇහෙන්න කිව්වා.

Monday, 22 January 2018

ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ

ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ


 පිළිමතලාවෙ සහ මඩුගල්ලෙ, සිංහල රජු ගැන මතභේදයක් ඇති කර ගෙන  කැප්පටිපොළ නිළමෙතුමාට එකතු නොවූ නිසා 1818 වෙල්ලස්සෙන් ඇරඹි නිදහස් සටන පැරදුණා.  අදත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අරිනවා ද?

අද ජනවාරි 22 වැනි දා රිවිර පුවත්පතේ පළ වී ඇති සාකච්ඡාවකි.

සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත 

Monday, 3 April 2017

සීමාන්තික ජාතිකවාදය  


සීමාන්තික ජාතිකවාදය



මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත වුණත්, ඒ් අන්ත අත් හැරීම තීරණය වන්නේ චතුස්කෝටික න්‍යායට අනුව. ඒත් පඬියන් ඉන්නේ ද්විකෝටිකයේ. එහි අන්ත අත්හරින්න බැහැ. හේතුව ද්විකෝටිකයේ අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වීමයි. එහි එක් අන්තයක් සත්‍යයි. අනෙක් අන්තය අසත්‍යයයි. ඒත් සත්‍යය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නැහැ.

Friday, 10 February 2017

ට්‍රම්ප්ගේ අවශ්‍යතාව හා අපරිණතභාවය

ට්‍රම්ප්ගේ අවශ්‍යතාව හා අපරිණතභාවය


අදාළ සබැඳිය


Saturday, 21 January 2017

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.

Sunday, 25 December 2016

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදයයි. එය ජාත්‍යන්තරවාදයක්. එහි ආධිපත්‍යය දරන්නේ එංගලන්තයවත්, එක්සත් රාජ්‍යවත්, ඕස්ටේ‍ර්ලියාව වැනි වෙනත් බටහිර රාජ්‍යයක්වත් නො වෙයි. ජාත්‍යන්තරවාදය ඇත්තේ ඒ රටවල ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යවලටත් උඩින්. ඒ රාජ්‍ය¬ එකක්වත් ජාතික රාජ්‍යයක් නො වෙයි. ඒ රාජ්‍ය ආගමික රාජ්‍ය. එකී රාජ්‍යවල ජාතිකත්වයක් තවමත් ඇති වී නැහැ. බටහිර උගතුන් ඒවාට ජාතික රාජ්‍ය කියා කියන්නේ ඉතාමත් සීමිත නෛතික අර්ථයකින්. වැඩවසම් යුරෝපයේ තිබූ රාජ්‍යවලට නිශ්චිත දේශ සීමා තිබුණේ නැහැ. අටවැනි හෙන්රිගෙන් හා ප්‍රංශ විප්ලවයෙන් ද ඊනියා ඇමරිකන් විප්ලවයෙන් ද ඔවුන්  උගත් පාඩමක් වූයේ නිශ්චිත දේශසීමා ඇති රාජ්‍ය පිහිටුවිය යුතු බවයි.

Saturday, 10 December 2016

වරාය විකිණීම

වරාය විකිණීම

ටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්. කොළඹ වරායේ නත්තල් ගහ අනික් කතාව. හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම කොහොමටවත් අනුමත කරන්න බැහැ. ආණ්ඩුව කියාවි විකුණන්නෙ නැහැ බදු දෙනවා විතරයි කියලා. චීන සමාගම චීන රජයට සම්බන්ධයි. බද්ද අවුරුදු අනුනවයකට. චීන සමාගමට 80%ක් හා ලංකා රජයට 20%ක් වශයෙන් වූ සමාගමකට තමයි බදු දෙන්නෙ. චීන සමාගමට 80%ක් තිබෙන නිසා ඒක චීනයට ම අයිතියි, චීන සමාගමට ඕන අන්දමට තමයි වැඩ කෙරෙන්නෙ. අනෙක් අතට අනූනව අවුරුදු බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු අනූනවයකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ.

Saturday, 3 December 2016

නැගී එන ජාතිකත්වය

නැගී එන ජාතිකත්වය


සෝවියට් රාජ්‍යය කඩා වැටීමෙන් පසුව ෆුකුයාමා පොතක් ලිව්වා එන්ඩ් ඔෆ් හිස්ටරි කියා. ඔහු සඳහන් කෙළේ ඉතිහාසය එතැනින් එහාට විකාශය නොවන බවයි. බටහිර ක්‍රිස්තියානි ලිබරල්වාදයත් සමග ඉතිහාසය අවසන් වනු ඇතැයි ඔහු කියා සිටියා. ඔහුට අනුව අවසාන ගැටුම වූයේ ලිබරල්වාදය හා සමාජවාදය අතර. සමාජවාදය පරාජය වීමෙන් පසුව ලිබරල්වාදයට අභියෝගයක් නැතැයි ඔහු සිතුවා. එය තවත් හිතළුවක් පමණක් වූවා. එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාර්ථනය වූවා. ඒ පොත ප්‍රකාශ කිරීමටත් පොත් ප්‍රකාශකයන් ඉදිරිපත් වූවා. පොත ඊනියා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට පත්වුනා.

Sunday, 27 November 2016

ෆිඩෙල් කස්ත්‍රෝ

ෆිඩෙල් කස්ත්‍රෝ


ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.