Main Logo

Showing posts with label Arguments. Show all posts
Showing posts with label Arguments. Show all posts

Thursday, 28 May 2020

සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම




ඊයේ මා කියා සිටියේ මිනිසුන් ඊනියා තර්ක හේතු ඉදිරිපත් කරන්නේ තමන්ගේ හිතළු (නිගමන) තහවුරු කිරීමට මිස අනෙක් පැත්තට නොවන බවයි. එනම් මිනිසුන් ඊනියා තර්ක හේතු ආදිය උපයෝගි කර ගෙන නිගමනවලට නොඑළඹෙන බවයි. අද ලෝකයේ ධනවාදයක් හා සමාජවාදයක් අතර සටනක් නැහැ. දේශපාලන පක්‍ෂ බෙදෙන්නේත් එවන් මතවාදී අරගලයක් වෙනුවෙන් නො වෙයි. අද ඇත්තේ ජාතිකත්ව පක්‍ෂ හා ජාතිකත්ව විරෝධී පක්‍ෂ. බටහිර බොහෝ විට ජාතිකත්ව පක්‍ෂ දැකිය හැක්කේ ඊනියා දක්‍ෂිණාංශයෙහි. ඊනියා වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ බොහෝ විට තවමත් ජාත්‍යන්තරවාදී ස්වරූපයක් ගන්නවා. 

Saturday, 5 October 2019

නඩු තීන්දුව

        සිංහල ලිත් ඉලක්කම් 


නඩු තීන්දුව

ගෝඨාභයගේ රටවැසි භාවය නීත්‍යානුකුල බව අධිකරණයෙන් කියලා. මා ඒ ගැන සතුටු වෙනවා. මා ඊයේ කී පරිදි විනිසුරුවන් තමන්ට ඉදිරිපත් වූ කරුණුවලින් වඩාත් ම සංගත කරුණු මත පදනම් වෙලා තීන්දුව දෙන්න ඇති. ඒත් අධිකරණයේ ඉදිරිපත් වී ඇති තර්ක පිළිබඳ ව නම් මට ප්‍රශ්න තියෙනවා. ඒ හුදු තාර්කිකයකු ලෙස. මගේ ප්‍රශ්න ඉදිරිපත් නොවූ තර්ක පිළිබඳ ව මිස ඉදිරිපත්  වූ කරුණු හා තර්ක මත පදනම් ව දුන් තීන්දුව ගැන නොවෙයි. මා නම් හිතා ගෙන හිටියේ (බලපොරොත්තුව නොවේ) අධිකරණය වෙනත් තීන්දුවක් දේවිය කියා. ඒ ගැන මගේ බයකුත් තිබුණා. 

Wednesday, 5 June 2019

රාමළාන් හඳ

රාමළාන් හඳ 


අද රාමළාන්. ඒත් මා හඳ බලන්න පාතිමාට එන්න කියන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව මගේ භාර්යාව සමගවත් හඳ බලන්න මගේ වයස අනුව හිතෙන්නෙ නැති නිසා. දෙවනුව හඳ බැලීමෙන් පමණක් සිංහල - මුස්ලිම් සහජීවනයක් (ඊනියා සංහිඳියාවක් නොව) ඇති කරන්න බැරි නිසා. ජඩමාධ්‍ය සුපුරුදු පරිදි මේ අදහස්වලට ප්‍රචාරයක් නොදේවි. දැන් පෝය හැටකට වැඩි කාලයක් ජනමාධ්‍ය මා අත්හැර ගොස්. ඊයේ මට කුලියාපිටියේ දී අවුරුදු තිහකට පමණ පසු හමු වූ අයකු ඇසුවේ මා දැන් නිහඬ ඇයි කියා. මා නිහඬ නැති බවත් ඒත් මගේ හඬ පිටවන්නට ඉඩක් නැති බවත් මා කී විට ඔහුට මා කියන දේ තේරුම් ගියා. එහෙත් මා කියන දේ සමාජයට නොගිහින් තියෙන්නේ නැහැ. ජඩමාධ්‍ය කුමක් කළත් ඒ අදහස් රටට යනවා.